අනතුරුවලින් වැළකෙන්න දරුවනට සුරැකි පරිසරයක්

දෙසැම්බර් 12, 2018

දරුවන් කියන්නේ මවුපියන්ට මිහිපිට ඇති වටිනාම සම්පතයි. මොහොතක අතපසු වීමකින් හෝ නොසැලකිලිමත් වීමකින් ක්ෂණයකින් ඒ මහඟු සම්පත සදහටම අහිමි කරගන්නා හෝ ජීවිත කාලයටම නොමැකෙන පාඩුවක් සිදුකරගන්නා මවුපියන් අප අතර සිටිනවා.

පණ මෙන් රැකගතයුතු, දෑස් මෙන් බලා හදාගත යුතු රත්තරන් දූ පුතුන් සදහටම අහිමි වෙන්නේ බොහෝ විට මවුපියන්ගේ නොසැලකිල්ලෙන්. දරුවන්ට සිදුවන අනතුරුවලින් ඔවුන් ආරක්ෂා කරගැනීමේ මූලික වගකීම පැවරෙන්නේ මවුපියන්ටයි. විශේෂයෙන්ම මවුවරුන්ටයි. අම්මාවරුණි, ඔබේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳ ඔබත් නිරතුරුව අවධානයෙන් පසුවනවාදැයි මොහොතක් සිතා බලන්න.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 25.02% ක් ළමා හා යෞවන වියට අයත්වන අතර ඔවුන්ගෙන් වැඩිදෙනකු රෝහල්ගත වන්නේ හදිසි අනතුරු නිසා බව ඔබ දන්නවා ද? මෙරට වයස අවුරුදු 15 දක්වා වූ ළමයින්ගෙන් වසරකට 1293 දෙනකු රෝහල්ගත වෙනවා. එයින් 3.9% ක් මියයන්නේ හදිසි අනතුරුවලට ගොදුරු වීමෙන්.

වයස අවුරුදු 10-19 අතර ළමුන්ගේ මරණවලට ප්‍රධාන හේතුව මහමඟදී සිදුවන හිදිසි අනතුරු. ලංකාවේ සමස්ත ළමා මරණවලින් 21% කටම හේතුව මාර්ග අනතුරුබව ඔබ නොදන්නවා ඇති.

ළමයින්ට සිදුවන අනතුරු වයස් කාණ්ඩය අනුව වෙනස් වෙනවා. වයස අවුරුදු 1-5 දක්වා වන දරුවන්ට සිදුවිය හැකි අනතුරු ප්‍රධාන වශයෙන් තුන් ආකාර වෙනවා.

1. වැටීම් සහ කැඩුම් බිඳුම්

2. පිලිස්සීම්

3. ආගන්තුක ද්‍රව්‍ය ශරීරගත වීම්

අවුරු 5-10 අතර ළමුන්ට සිදුවන අනතුරු ප්‍රධාන වශයෙන් මෙලෙස වර්ග කෙරෙනවා.

* හදිසි ශාරීරික අනතුරු

* ආගන්තුක ද්‍රව්‍ය ශරීරගත වීම්

* විස සහිත සර්ප හෝ සත්ත්ව දෂ්ටන

* හදිසි ශාරීරික අනතුරු

* ක්‍රීඩා අනතුරු

අවුරුදු 10-16 අතර ළමුන්ට සිදුවන අනතුරු ප්‍රධාන වශයෙන් මෙලෙස දැක්වෙනවා.

* හදිසි ශාරීරික අනතුරු

* කැඩුම් බිඳුම්

* දියේ ගිලීම්

මෙම අනතුරුවල ප්‍රතිඵල ද ඒ . . .

2018/12/12 තරුණි පුවත්පත බලන්න