පුංචි දරුවන්ගේ ආහාර සම්බන්ධ ගැටලු

ජූලි 15, 2020

පුංචි දරුවන්ගේ ආහාර සම්බන්ධයෙන් අම්මලාට ඇති ගැටලුවල නම් නිමක් ඇත්තේම නැහැ. මේ ගැන මොනතරම් කතාබහ කළත් තමන්ගේ දරුවා ඒ ඒ අවදිවලදි නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙනවිට ඒවට පිළිතුරු හොයන්න අපේ අම්මලා බොහෝ වෙහෙස වෙනවා. එවැනි ගැටලු කිහිපයක් හා ඒවාට ලබාදෙන පිළිතුරු මොනවාදැයි බලමු.

අම්මලාගේ ප්‍රශ්න වලට හොඳම ප්‍රායෝගික විසඳුම් දෙන

"අපේ මිස්"

ශ්‍යාමලී මිස්ගෙන් අහන්න ......

වෙබ් අඩවිය

"අපේ මිස්"

යූ ටියුබ් නාලිකාව "අපේ මිස්"

ෆේස්බුක් සමූහය  baby care lanka

 

 

මගේ පුතාගේ වයස අවුරුදු දෙකයි.

කෑම කන්න හරිම හොරයි.

ක්ෂණික නූඩ්ල්ස් පමණක් කන්න හරි කැමැතියි.

දවසට එකක් දුන්නට කමක් නැද්ද?

ක්ෂණික නූඩ්ල්ස් ඇතුළු එම ආහාර වැටෙන්නේ දරුවන්ට නොදිය යුතු ආහාර කාණ්ඩයටයි.

මෙලෙස දරුවන්ට නොදිය යුතු ම ආහාර කාණ්ඩ කීපයකට

උදාහරණ නම්

ක්ෂණික ක්ලෝස් ඇතුළු ක්ෂණික ආහාර,

රස කාරක පැකට් සහිත සියලූ ආහාර

හෝටල්වලින් අවන්හල් වලින් ලබා ගන්නා ලබා ගන්නා ෆ‍්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු බොහෝ ආහාර, අඩු ප්‍රමිතියකින් යුතුව අවන්හල් වල සාමාන්‍ය ව්‍යංජන වලට ද යොදනු ලබයි.

නැවත නැවත එකම තෙලේ බදින ලද ආහාර ට්‍රාන්ස් මේද සහිත ආහාර හයිකෝ වැනි වැනි බටර් වර්ග යෙදූ ආහාර

වර්ණක සීනි ලුණු අධිකව යෙදූ සියලු ආහාර

උදා : සීනි බෝල ,පාට පාට ටොෆි චොකලට්,

අධික සීනි යෙදූ බීම වර්ග

සකස් කළ මස් වර්ග

උදා :හැම්, සලාමි, බේකන්, කල් තබාගතහැකි සොසේජස්

අවුරුද්දට වැඩි බබාලා ගෙ කෑම වලට තුන පහ වෙනම හදන්න ් පුළුවන් විදියක් තියෙනවද?

අවුරුද්දට වැඩි දරුවන්ට නිවෙසේ අනිත් අයට අදම විදිහටම ආහාර ලබා දීම සුදුසු එය සඳහා දරුවා පුහුණු කරගන්න.

නමුත් සමහර දරුවන් සහජයෙන්ම මිරිස් කෑමට අකැමැති අධික තුන පහ සඳහා අකමැති සේම ඒවා කෑමට හැකියාවක් දක්වන්නෙ නැහැ. එවැනි දරුවන් සඳහා විශේෂයෙන් තුන පහ වර්ග සකස් කර තබාගත හැකියි.ඉතා නිර්මාණශීලී ලෙසත් පෝෂණීය ලෙසත් එම තුන පහ සකසා ගන්න. සමහර විට මෙය වැඩිහිටියන්ටද සුදුසු වෙයි .

කැමති ඇට වර්ගයක් (කව්පි, රටකජු, මුං ඇට)

කොත්තමල්ලි හා සූදුරු සම සමව (මේස හැඳී 1 පමණ) ගෙන මහදුරු ඉන් භාගයක් ගන්න. රම්පා, කරපිංචා, කරාබු නැටි, වැනි බබා කැමැති රස කිහිපයකින් ස්වල්පය බැගින් ගන්න.

ඇට වර්ගය හා සූදුරු මහදුරු වෙන වෙනම බැද ගන්න. අනෙකුත් රස කාරක ද වෙන වෙනම කබලේ මඳ ගින්නේ ප්‍රවේශමෙන් බදින්න. සියල්ල එක් කර කුඩුකරන්න. කහ කැබැල්ල කුඩු කර අවසානයට එක් කරන්න.

වියළි භාජනයක අසුරා දරුවාගේ ආහාර වලට එකතු කරන්න.

ජාන වෙනස් නොකරන ලද ආහාර හඳුනාගන්නේ කෙසේද?

දරුවන්ට ආහාර ලබා දීමේදී වෙළෙඳ සල්වල කාබනික ආහාර ,ජාන වෙනස් නොකරන ලද ආහාර ලෙස වර්ග කර ඇති අතර මවුවරුන් මේවා තෝරා ගන්නේ කෙසේද ?

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.