මේ අසීරු කාලේ මෙන්න විදුලි මීටරේ අඩු කරන මන්තරේ

ඔක්තෝබර් 21, 2020

අපි මේ ගත කරන්නේ තරමක් අසීරු කාලයකි. අපට මුදල් හදල් වගේම තවත් බොහෝ දේ ඉතිරි කරන්න සිද්ධ වෙනවා. අප කන බොන කෑම බීම විතරක් නෙවෙයි එදිනෙදා භාවිතා කරන විදුලිය, ජලය පවා ඉතුරු කිරීම ඉතාම වැදගත්.

ගෙදරක ගෘහණියක් ලෙස මෙවැනි දේ ගැන වඩාත් අවධානය යොමු කළ යුතුම කාලයක් දැන් තිබෙන්නේ. මේ තත්ත්වය අපට පමණක් නොවෙයි මුළු ලෝකයටම බලපාන නිසා ඉතුරු කිරීම ගැන වඩාත් අවධානය යොමු කිරීම පමණක් නොවෙයි ගෙදර සිටින දරුවන් පවා දැනුවත් කිරීමත් ඉතාම වැදගත්. මෙලෙසින් අප ඉතිරි කිරීම නිවෙසින් ආරම්භ කළොත් රටක් ලෙස විශාල ඉතිරියක් පමණක් නොවෙයි එය මේ අසීරු මොහොතේ නැඟී සිටීමට විශාල ශක්තියකි. මේ නිසාම අප ගෘහණියගේ දැනුම පොතට විදුලිය ඉතිරි කිරීම ගැන සටහනක් තබන්න සිතුවා. නිවෙසක එක් විදුලි ඒකකයක් හෝ ඉතිරි කළොත් එය ඔබගේ පසුම්බියටත් විශාල සහනයක්. ඒ වගේම මුළු රටටම ඉතිරියක්.

විදුලි බුබුළු භාවිතය

ගෙදරට වැඩිම විදුලි වැයවීමක් සිද්ධ වෙන්නේ විදුලි බුබුළු භාවිතයෙන්. ඒ වගේම අපට විදුලිය වැඩියෙන්ම ඉතුරු කරන්නත් හැකි වෙන්නේ මේ විදුලි බුබුළු නියම ආකාරයෙන් පරිහරණය කිරීමෙන්. බොහෝ නිවාසවල විදුලි බුබුළු සවි කර තිබීමේ වැරැදි නිසා තමයි වැඩියෙන්ම විදුලි නාස්තියක් වෙන්නේ. ඒ වගේම අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම ගැන පුරුද්දක් නොතිබීමත් හේතු වෙනවා. අප පුංචි කාලේ පටන්ම අනවශ්‍ය විදුලි බුබුළු නිවා දමන්න පුරුදු වුණෙත් නිවෙසේ විදුලි ඉතිරිය ඉබේම සිද්ධ වෙනවා.

ඒත් බොහෝ නිවාසවල ඉඹඪබජඩ සවි කර තිබෙන්නේ කුඩා දරුවන්ට භාවිත කළ නොහැකි ලෙසිනි. ඒ නිසා කුඩා දරුවන් කුඩා වයසේ සිට ඒ සඳහා හුරු නොවීම හේතුවෙන් වැඩිහිටියන් ලෙසත් එම පුරුද්ද ඇති කර ගැනීම ඉතාම අසීරුයි. එසේම නිවෙසට යොදන බල්බ් වර්ගය ගැන අප වඩාත් හොඳින් සොයා බැලීමත් වැදගත්. වර්තමානයේ ඹ්ඡ්ච්, ඛ්ජ්ඹ් බල්බ වැඩිපුර යොදා ගන්නා අතර එම බල්බ් වර්ග විශාල ලෙස විදුලිය ඉතිරි කරයි.

එසේම නිවෙසක් තැනීමේදී ස්වාභාවික හිරු එළිය හොඳින් ලැබෙන අයුරින් සකස් කිරීම විදුලිය ඉතිරි කිරීමට හොඳම ක්‍රමයකි. ඒ සඳහා නවීන නිවාසවල ඉම්ක ඹ්ධ්ට්ඩ්ඊ ක්‍රමයට යෙදු විශේෂ පැනල් වර්ගයක් වහලයට යෙදීම සාර්ථක ක්‍රම ලෙස හිරු එළිය ළඟා කර ගැනීමට හැකි වී තිබේ.

විදුලිය ඉතිරි කිරීම සඳහා ඊචඵඬ ඹ්ඪඨඩබ ක්‍රමය ද විශාල වාසියකි. නිවෙසක කෑම මේසයට හෝ චිමිනිය වැනි ස්ථාන සඳහා අඩු වෝල්ටීයතාවගේ විදුලි බුබුළු සවි කිරීමත්, විශාල ප්‍රදේශයක් ආවරණය වන සීමාවකට විශාල බල්බ් යෙදීමත් විදුලිය ඉතිරියට කදිම පිළියමකි. එසේම විදුලි ස්විච් සඳහා ඩිමර් වැනි විදුලි ආලෝකය පාලනය කරන උපකරණයක් සවි කිරිම ද කළ හැකි වෙයි. ඔබ විදුලිය භාවිත කරන විට රාත්‍රී කාලයේ යොදන සියලු විදුලි බුබුළු නිවා දැමුවාදැයි පරීක්ෂා කර බැලීම ද හැම දිනකම සිදු කිරීම ද නිරතුරුවම කළ යුත්තකි.

ශීතකරණය

වර්තමානයේ නිෂ්පාදිත බොහෝ ශීතකරණ නිපදවා ඇත්තේ විදුලිය ඉතිරි කරන පරිසර හිතකාමී ආකාරයෙනි. එහෙත් වසර ගණනක පැරැණි ශිතකරණ විවිධ දෝෂ හා විදුලි කාන්දුවීම් හේතුවෙන් අනවශ්‍ය ලෙස විදුලිය අපතේ යයි. එසේම ශීතකරණයන් මිලදී ගැනීමේදී එහි ඇති පහසුකම් හා දොරවල් ප්‍රමාණය ගැන ද වඩාත් හොඳින් සොයා බලන්න. විශේෂයෙන් දොරවල් දෙකේ ශීතකරණයකින් විදුලිය ඉතිරි කරන අතර එය අරින වසන වාර ගණන ද සීමා වෙයි.

ශීතකරණයේ විවිධ දෝෂ හේතුවන් ද විදුලිය අපතේ යයි. බොහෝ විට ශීතකරණවල උෂ්ණත්ව පාලකයන් ක්‍රියා නොකිිරීම එයට හේතුවකි. තවද ශීතකරණයක උෂ්ණත්වය අධික වූ ආහාර ගබඩා කිරීමෙන් ද අනවශය ලෙස විදුලිය කාන්දු වන අතර කොළයක ඔතන්නේ නොමැතිව විවිධ පළා වර්ග ඇතුළු කිරීමෙන් ද තරමක විදුලිය නාස්තියක් සිදු වෙයි.

විදුලි ඉස්තිරික්කය

නිවෙසක විදුලි ඉස්තිරික්කය නිසි ආකාරයෙන් නඩත්තු කිරීමේ වගකීම ඇත්තේ ගෘහණියටය. බොහෝ විට විදුලි ඉස්තිරික්කයක් පාවිච්චි කළ පසු එය කෙළින් සිටින සේ තැබීම වැරැදි ක්‍රියාවකි. සාමාන්‍යයෙන් ඉස්තිරික්කයක් සිරස් අතට තැබිය යුතු අතර හැම විටම පාවිච්චියෙන් පසු විදුලි පේනුවෙන් (ර්‍ථතභඨ) ගලවා තැබීම කළ යුතුමය. පරිභෝජන කාලය වැඩි ර්‍ථඥචඬ ඩ්ධභපඵ මඟ හැරීම විදුලි ඒකක ගණනාවක් ඉතිරි කර ගැනීමට හේතු වෙයි. තවද තෙත රෙදි මැදීම ඉස්තිරික්කයක් භාවිත කිරීමෙන් විදුලිය අපතේ යාමත් ඉස්තිරික්කයේ ආයු කාලය අඩුවීමට ද බලපාන සාධකයකි. හැම විටම ඔබ අලුත්ම විදුලි ඉස්තිරික්කයක් යොදා ගන්න. හුමාලය සහිත ඉස්තිරික්කයක් යොදා ගනිමින් රෙදි මැදීම ඉතාම පහසුවක් මෙන්ම හොඳින් රෙදි මැද ගැනීමට ද හැකි වනු ඇත.

ඒ ඛ් යන්ත්‍ර භාවිතය

දැන් නිවාසවල පවා ඒ ඛ් යන්ත්‍ර භාවිත කරනවා. එහෙත් මේ ඒ ඛ් යන්ත්‍ර නිසි අයුරින් භාවිතා කරන්න දන්නේ සුළු පිරිසක්. විශේෂයෙන් ඒ ඛ් යන්ත්‍රයක් නිසි කාලයට එය පිරිසුදු කිරීම හා නඩත්තු කිරීම වඩාත් වැදගත්. එසේම ඒ ඛ් යන්ත්‍රයකින් හොඳින් ප්‍රයෝජන ගන්න අවස්ථාව ලැබෙන්නේ එම යන්ත්‍රයෙන් ආවරණය වන කලාපය හොඳින් වසා තැබීමෙන්. තවද මෙම යන්ත්‍රය ක්‍රියා කරන කලාපය තරමක් අඳුරු ආකාරයට සකස් කිරීමත් හොඳ උෂ්ණත්වයක් ලබා ගැනීමට හේතුවකි. මෙම යන්ත්‍රයෙන් ලැබෙන උෂ්ණත්වය පාලනය සඳහා ඊඪථඥප එකක් තිබීම ද විශාල විදුලි ඉතිරියකට හේතු වන අතර එයින් රාත්‍රී කාලයේදී උෂ්ණත්වය ද නිසි පාලනයක් සිදු වෙයි.

රෙදි සෝදන යන්ත්‍ර

අප රටට වඩාත් උචිත වන්නේ උණු ජලය භාවිතා නොකරන යන්ත්‍රයකි. විශේෂයෙන්ම අප රෙදි සෝදන යන්ත්‍රයක් පාවිච්චියේදී ජල පරිමාව පාලනය කිරිමට ද නිසි අයුරින් කළ යුතු වේ. තවද රෙදි සෝදන යන්ත්‍රයට රෙදි ඇතුල් කිරීමේදී ඒවා තෝරා වෙන් කර ක්‍රමවත් අයුරින් යොදා ගැනීම රෙදි හොඳින් සේදීමට පහසුවකි. බොහෝ විට අප රෙදි සෝදා ගැනීමෙන් පසු ඩයරය යොදා වේලා ගන්නා විට අධික උෂ්ණත්වය ඇති කාලයේදී එය සීමා කිරීමට අප අවධානය යොමු කළ යුතු වේ. එසේම රෙදි සෝදන යන්ත්‍රයේ නඩත්තුව ද නිසි අයුරින් සිදු කළ යුතු අතර අලුත් යන්ත්‍රයක් භාවිත කිරීම ද විදුලි ඉතිරියට හේතුවකි.

විදුලි අවන් සහ විදුලි උදුන්

හැම විටම මෙම උපකරණ භාවිතයේදී ඵලදායිතාවය වැඩි අලුත්ම උපකරණ යොදා ගන්න. මෙම උපකරණ භාවිතයෙන් ආහාර පිසීමේදී අධික ශිතල වූ කෑම වර්ග පිසීම වැඩි විදුලියක් වැය කිරීමට හේතුවකි. ඔබ ථඪජපධමඹචමඥ උඳුනක් යොදා ගන්නේ නම් පිසින ලද ආහාර රත් කර ගැනීමට පාවිච්චි කිරීම සුදුසු නොවන්නකි. එසේම මෙම උපකරණ භාවිතයෙන් පසු විදුලි පේදුවෙන්ම විදුලිය විසන්ධි කර එය ගලවා තැබීම ද ආරක්ෂිත ක්‍රියාවකි. එසේම විදුලිය ඉතිරියට ද යම් තරමකට හේතු වෙයි.

 

 

උපදෙස් - ගොඩනැගිලි තාක්ෂණ ඉංජිනේරු

අජන්ත කාරියවසම්