සුබපැතුමට හැඩ ගෙනෙනා ලස්සන මල්

ඔක්තෝබර් 21, 2020

කඩදාසි තීරු මඟින් විකසිත වූ මල් පොකුරක චමත්කාරයයි මේ. දම් වර්ණ කිහිපයකින් හැඩවුණු මේ මල් කොමළියන්ගේ අසිරිය විඳින්න සමනලයකුත් ඇවිත්. හරිම ලස්සනයි නේද? මෙය උපන්දින සුබපැතුම් පතක් වෙනුවෙන් මෙන්ම බිත්ති සැරසිල්ලක් සඳහාත් ඔබට නිර්මාණය කරගත හැකියි. අපි බලමු මේ ලස්සන කාඩ්පත නිර්මාණය කරගන්නේ කොහොමද කියා.

අවශ්‍ය ද්‍රව්‍ය

ළා දම්, තද දම් අඟල් ⅛ පළල ඒ4 පටි

කහ, සුදු ඒ4 කොළ

සුදු ඒ4 බෝඩ් එකක්

කහ වර්ණ අඟල් ½ පබළු

ගම්, කතුරක්, කුවිලිං ටූල් එක

කුවිලිං ක්‍රිම්පල් එක (වෙළෙඳපොළෙන්

ලබාගත හැකියි)

කොළ ඩයිකට්ස්

බෝඩ් එක වර්ණ ගැන්වීම සඳහා තීන්ත

පෙති වර්ණ ගැන්වීම සඳහා පැස්ටල්

 

නිර්මාණය කිරීම

මෙහිදී පළමුව සුදු ඒ4 බෝඩ් එක ගෙන දම්, කහ සහ කොළ වර්ණ තීන්ත ගෙන එකකට එකක් වර්ණ මිශ්‍රවෙන පරිදි බෝඩ් එක වර්ණ ගන්වා ගන්න.ඉන්පසු එය වේළෙන්නට තබන්න. දැන් ළා දම් අඟල් ⅛ පළල පටි දෙකක් ගෙන එකට අලවා ටූල් එක ආධාරයෙන් කඳුළු බිංදු හැඩ සාදා ගන්න. එසේ සාදා ගත් කඳුළු බිංදු හැඩ දෙකක් එකට තබා අලවා ව්ටේට නැවතත් තවත් පටියකින් අවුට්ලයින් යවා ගන්න. ඉන්පසු තද දම් වර්ණයෙන් ද කඳුළු බිංදු හැඩ සාදා ගන්න. එසේ සාදා ගත් හැඩතල කුවිලිං ක්‍රිම්පල් එක මඟින් පෙත්තේ බාගයක් යවා රැලි ගතියට සකසා ගන්න. පසුව මල් පෙතිවල කොටසක් සිල්වර් වර්ණයෙන් වර්ණ ගන්වා ගන්න.

 

උපදෙස්- මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර අත්කම් නිර්මාණ උපදේශිකා

චූලනී ජයසිංහ

2020/10/20 තරුණි බලන්න.