ඔන්ලයින් ක්‍රමයට ඇඳුම් ගන්න මිමි දැනගෙන ඉන්න

ඔක්තෝබර් 20, 2021

කෝවිඩ් වසංගත තත්ත්වයත් සමඟ නිදහසේ ඇඳුමක් තෝරාගන්නට තිබූ අවස්ථාව අහිමි වී ගියේ ජීවිත ආරක්ෂාව අංක එකට වැදගත් නිසාමයි. ඒත් එහෙමයි කියලා අපිට ඇඳුම් මිල දී ගැනීමට ඇති අවශ්‍යතාව වළකාලිය නොහැකියි.

සිරුර කෙට්ටු වීම, මහත් වීම, උත්සව අවස්ථා, කාර්යාලයට යන්න වගේම සාමාන්‍ය එදිනෙදා ඇඳීමටත් අපිට ඇඳුම් අවශ්‍යම වෙනවා. වෙනදාට මාසෙට දෙතුන් පාරක් සාප්පු සවාරි ගිය අයට වගේම ඉඳ හිට සාප්පු සවාරි ගිය අයටත් දැන් සාප්පු සවාරි හිතේ හැටියට යන්න බැහැ. නීති ගොඩයි.

ඒ නීති අපේම ආරක්ෂාවටයි. ඒ නිසා නීති කඩ කළොත් පාඩුවත් අපිටමයි.

සාප්පු සවාරිය දැන් ගෙදර ඉඳලම කරන්න පුළුවන්. ඒ නිසා ඇඳුම් මිලදී ගැනීම වෙනදාටත් වඩා පහසු වෙලා.

ඒ ඔන්ලයින් ක්‍රමය නිසයි. තමන්ට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ඔන්ලයින් සාප්පු සවාරි ක්‍රමයට ජංගම දුරකථනය හරහා නිවෙසටම ගෙන්වා ගත හැකියි.

හැබැයි ඉතින් මේ ක්‍රමයට ඇඳුම් මිලදී ගන්න නම් අපි අපේ සිරුරේ මිමි හරියටම දැන ගෙන ඉන්න ඕනෙ. ඒ වගේම ඇඳුම්වල ප්‍රමාණ අනුව අපේ මිමිවලට ගැළපෙන ඇඳුමේ ප්‍රමාණය ගැනත් අපිට වැටහීමක් තියෙන්න ඕනෙ.

එහෙම නොවුණොත් මාරුකරගන්න, පාර්සල් එහෙමෙහේ යවන්න තවත් මිලක් වැයවෙනවා. ඒ වගේම කරදරත් ගොඩයි.

ඇඳුම්වල ප්‍රධාන මිම දෙවර්ගයත් තියනවා. ඒ අන්තර්ජාතික මිමි, අමෙරිකන් මිමි (US මිමි) ප්‍රමාණ හා එක්සත් රාජධානි මිමි (UK මිමි) ප්‍රමාණ වශයෙනි.

XS, S, M, L, XL, XXL(2XL), XXXL(3XL) ...... ලෙස ඇඳුමේ මිමි ප්‍රමාණ දක්වා තිබෙන්නේ නම් එය අන්තර්ජාතික මිමි, අමෙරිකන් මිමි නැත්නම් යූඑස් මිමි සැලකිල්ලට ගෙන නිම වූවකි.

06, 08, 10, 12, 14, 16, 18....... වශයෙන් මිමි ප්‍රමාණ දක්වා තිබේ නම් එය යූකේ එහෙමත් නැත්නම් එක්සත් රාජධානියේ මිමි ප්‍රමාණ අනුව සැකසූ ඇඳුමක්. මෙම මිමිවල ඇඳුමක් වුවද අපිට හරියටම ෆිට් නොවෙන්න පුළුවන්.

මොකද ඔය කියන මිමි ප්‍රමාණ සමහරවිට එහෙමෙහේ වෙනවා. ඒ වගේම රෙදි වර්ගය අනුවත් මිමි ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. ඉහත මිම දෙවර්ගය සමාන වෙනවා. ඒත් වෙනස්කම් නැතුවාම නොවෙයි. ඔබගේ සිරුරට ගැළපෙන්නේ මිඩියම් නැත්නම් M ප්‍රමාණය අනුව සැකසූ ඇඳුමක් නම් යූකේ සයිස්වලින් 10 කියන්නේ එයට ගැළපෙන ප්‍රමාණයයි. ඒ වගේම සමහරවිට ඔබේ මිමි අනුව ඇඳුමක ඔබට ගැළපෙන ප්‍රමාණය XL වුවත් එම ප්‍රමාණයේ ඇඳුමක් ඔබට ලොකු වී ප්‍රමාණය ඇඳීමට හැකි අවස්ථාත් තියෙනවා. ඒ නිසා ඔබ අඳින බ්‍රෙසියරයේ ප්‍රමාණය, කප් සයිස් එක ආදිය ඇඳුමේ ප්‍රමාණය සමඟ දැක්වීමෙන් හරියටම ගැළපෙන ඇඳුම තෝරාගන්න පුළුවන්.

ඔන්ලයින් ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ ෆේස්බුක්, ඉන්සටර්ග්‍රෑම්, වට්ස්ඇප් ආදිය හරහා මෙම ඇඳුම් අලවිය බොහෝවිට සිදුවෙනවා. එම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරණය සිදුකෙරෙන ආකාරය ඔබත් දැක ඇති. එහි ඇඳුම්වල ප්‍රමාණ දක්වා තිබෙන්නේ ඉහත දැක්වූ ක්‍රම දෙකෙන් එකකිනි. ඒ නිසා ඔබට ගැළපන ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුමයි. ඒ වගේම පරණ ඇඳුම්වල ප්‍රමාණ දක්වා කරේ ගසා ඇති ලේබලය නිරීක්ෂණය කිරීමෙන් ඔබට ගැළපෙන ප්‍රමාණය ගැන අවබොධයක් ලබාගත හැකියි. ඒ වගේම මිමි මනින මිණුම් පටිය එහෙමත් නැත්නම් ටේප් එක අරගෙන ඔබේ පපුව, ඉණ හා උකුළ මිම මැන ඔබේ මිම සටහන සකසා ගන්න.

මිමි මැන ගැනීමේ දී තව අයකුගේ සහය අවශ්‍යම වේ. ඉහත දැක්වෙන්නේ ඔබේ සිරුරේ පපුව, ඉණ හා උකුළ මිමි අනුව ගැළපෙන යූකේ හා යූඑස් මිමි ප්‍රමාණ සඳහන් වගුවකි. මෙය නිරීක්ෂණය කිරීමෙන් ඔබට ගැළපෙන ප්‍රමාණය තෝරාගෙන පහසුවෙන් අවශ්‍ය ඇඳුම ඕඩර් කරන්න පුළුවන්.