කාන්තාවන්ට ශක්තියත් වාසනාවත් ගෙනෙන මැණික් වර්ග

ඔක්තෝබර් 20, 2021

 

රෝස පළිඟු එහෙමත් නැත්නම් රෝස් ක්ව්‍යාට් කියන්නෙ කාන්තාවකගේ ශක්තිය වැඩිකිරීමේ පුදුමාකාර බලයක් ඇති මැණික් විශේෂයක්. යුවතියක හෝ බිරියකට තමන්ගේ සැමියාගෙන්. පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන ආදරය තමා වෙත එයාකාරයෙන්ම ළඟාකරදීමේ හැකියාවක් රෝස පළිඟුවට පවතිනවා.

සැමියා සහ බිරිය අතර ආදරය, විශ්වාසය, ඉවසීම වැඩිවෙන තරමට ආදරයත් වැඩි වැඩියෙන් ලැබෙනවා.ඉතින් ආදරයට කවුරුද අකැමැති. ඒත් වර්තමාන සමාජයේ බොහෝ ආදර සබඳතා සැකය, පීඩනය, අවිශ්වාසය, අනියම් සබඳතා නිසා කැඩී බිඳී යන්නේ නොසිතු නොපැතු විදිහටය.

යුවතියකට නම් තම පෙම්වතාගේ, බිරියකට නම් තමසැමියාගේ ආදරය අවධානය, විස්වාසය දිනා ගනිමින් සාර්ථක දිවියක් ගතකිරීමට උපකාරී වන මැණික් වර්ග තිබෙන වග ඔබ දන්නවාද? අද අප කතා කරන්නේ කාන්තාවන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට මහෝපකාරී වන එම මැණික් වර්ග පිළිබඳවයි. අතීතයේ පටන් කාන්තාවෝ රුව ඔප නංවා ගන්නට ආභරණ පැලඳීමේදී මැණික් වලින් ඒවා අලංකාර කර ගන්නට කටයුතු කළහ.

විශේෂයෙන් රැජණන්, රජ බිසවුන්, රූප රාජිණියන්, ධන කූවේරයන්ගේ බිරියන් මෙලෙස ඉතාමක් අධික මිල ගණන්වල, අතිශයින් දුර්ලභ මැණික් වර්ග පලඳා ඇති අතර වර්තමානයේද මේ තත්ත්වයේ වෙනසක් වී නැත. එහෙත් ඔබට එලෙස අධික මිලක් වැය නොකර ඔබටත් ඔබේ දිවිය සාර්ථක කර ගන්නට පැලඳිය හැකි මැණික් වර්ගය ගැන දැනුවත් විය හැකිය.

රෝස පළිඟු එහෙමත් නැත්නම් රෝස් ක්ව්‍යාට් කියන්නෙ කාන්තාවකගේ ශක්තිය වැඩිකිරීමේ පුදුමාකාර බලයක් ඇති මැණික් විශේෂයක්. යුවතියක හෝ බිරියකට තමන්ගේ සැමියාගෙන්. පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන ආදරය තමා වෙත එයාකාරයෙන්ම ළඟාකරදීමේ හැකියාවක් රෝස පළිඟුවට පවතිනවා. විශේෂයෙන් තමන් පණමෙන්

ආදරය කරන සහකරු තුළ තමාව දරාගැනීමේ හැකියාව ළඟාකර දෙනවා. ඔහුගෙන් කොන්දේසි විරහිත අසීමිත ආදරයක් ඇය වෙත ළඟාකර දීමටත් රෝස පළිඟුවට පුළුවන්. ඔබ මෙම මාණික්‍යය පැලඳ සිටින විට සමාජය තුළ ආදරණීය සහ ආකර්ෂණීය චරිතයක් ලෙස කැපී පෙනෙන්නට පටන් ගන්නවා.

කාන්තාවකගේ ශක්තියේ සංකේතය ලෙස චන්ද්‍රකාන්ති මාණික්‍යය හඳුන්වන්න පුළුවන්. කාන්තාවක් චන්ද්‍රකාන්ති මැණිකක් පලඳිනවා නම් ඒ කාන්තාවකගේ භෞතික හා අධ්‍යාත්මික ශක්තීන් වැඩි වනවා ඇයගේ රූපය ලස්සන වනවා නොසිතු ලෙස ඔබ වෙත වාසනාව ළඟාකර දෙනවා. පෙම්වතා හෝ සැමියා සිය පෙම්වතිය තුළින්

දකින්නට ප්‍රිය කරන සංවරශීලී තැන්පත් ස්වභාවය වැඩි දියුණු කිරීමක්ද මෙමගින් සිදුවනවා. ඇයව කායික සහ මානසික හැසිරීම්වලින් සහ හැඟුම්වලින් සමබර කිරීමට චන්ද්‍රකාන්ති මාණික්‍යයට හැකියාවක් තිබෙනවා. කාන්තාවක් චන්ද්‍රකාන්ති මාණික්‍යයක් නියමාකාරයෙන් භාවිත කරන්නේ නම් ඇය පසුපස ආදරය සොයාගෙන පැමිණෙන බව කිව යුතුමය.

පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් සහ සමස්ථ සමාජයේම ආදරය ඔබ අපේක්ෂා කරන්නේ නම් පළමුවෙන්ම කළ යුතුවන්නේ ඔබ ඔබටම ආදරය කිරීමයි. අඹතිස් නම් දම් පාට පළිඟු විශේෂයට ඔබගේ බලය, ධනය ශක්තිය, ආකර්ෂණය වැඩිකිරීමේ හැකියාවක්. ඇත ඔබ මේ මාණික්‍යය පැළඳ සිටින විට ඔබගේ මනස සමබර කර සංසුන් සිතුවිලි ඇති කරයි. එපමණක් නොව කායික නිරෝගී බව ඇතිකර කායික සහ

 

මානසික වේදනා ඉවත්කිරීමේ

පුදුමාකාර හැකියාවක් අඹතිස් පළිඟුවට ඇත. ආදර සබඳතා බිඳීයෑම, විවාහය දෙදරා යෑම, තමන්ගේ සහකරු මියයෑම වැනි බලවත් වියෝගයක් නිසා දුකෙන් පීඩාවෙන් පසුතැවීමෙන් ගත කරන කෙනෙක් අඹතිස් පළිඟුවක් පලඳිනවා නම් එමගින් විසල් සහනයක් අත්විඳිය හැකිය. අඹතිස් ගලට කෙනෙකුගේ ශරීරය සුවපත් කිරීමට ඇති බලය කොතරම්ද කියනවා නම් තදබල හිසරදයක් ඇති වූ අවස්ථාවක මේ ගල් විශේෂය කොට්ටය යටින් තබා නිදාගන්නේ නම් හිසරදය ඉක්මනින් සමනය වී යයි.

කෙනෙකුගේ වාසනාව සතුට වැඩිකරලීමේ හැකියාව ජේඩ් නැමැති මේ කොළපාට මාණික්‍යයට ඇත. පිළිකා වැනි දරුණු රෝග ඇති අය ජේඩ් පාෂාණයක් පැලඳීමෙන් එම රෝගාබාධ සුවපත් කිරීමට සහයෝගයක් ලබාදෙයි. පුද්ගලයකු තුළ සැගවී තිබෙන ධනාත්මක ශක්තීන් ඉස්මතු කරන ජේඩ් දෙදෙනකු අතර පවතින සබඳතාව වැඩි දියුණු කරයි. ආදර සහ විවාහ සම්බන්ධතා නිසා ලැබිය හැකි මානසික සතුට වැඩි වැඩියෙන් ළඟාකර දෙයි. ඇතැම් පුද්ගලයන් තුළ පවතින දුර්වලතාවයක් සේම ආදර සබඳතා පලදු වීමට බලපාන සාධකයක් වන වන තරහ යෑම දැඩිලෙස පාලනය කිරීමට ජේඩ් පාෂාණයට හැකිය. තමන් සිහින ලෙස දකින දේ තමාවෙත ළඟාකර ගැනීමට විශේෂයෙන් මිල මුදල් තමාවෙත ආකර්ෂණය කරගැනීමට ජේඩ් පාෂාණයට හැකියාව ඇත.

 

ලබන සතියේ තවත් මැණික් වර්ග කිහිපයක් ගැන දැනගනිමු.

 

උපදෙස්

සළුවඩන ජෙම් ඇන්ඩ් ජුවලරි ආයතනයේ අධිපති

සළුවඩන බණ්ඩාර