තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූලි 10, සඳුදා 15:13

සාර්ථකත්වයට පාර කියන ස්වර්ණමය නීති

Written by 
අගයන්න
(0 මනාප)
“සා ර්ථකත්වය” අද හැමෝගෙම කතා බහට ලක්වෙලා තියෙන මාතෘවක් මොකද, වර්තමානයේ ගොඩක් රටවලින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සාර්ථකත්වයට පත් වූ මිනිස්සු ගැන අපට නිතර අහන්න දකින්න ලැබෙනවා.

 

 

ඒ වගේම තමයි ෆේස්බුක් වගේ සමාජජාලා වෙබ් අඩවිවලින් ලෝකයේ සාර්ථක වූ අය ගැන වගේම ඔවුන් සාර්ථක වෙන්න අනුගමනය කරපු පියවර, ගමන් කරපු මාවත වගේ දේවල් ගැන නිතර දෙවේලේ අපව දැනුවත් කිරීම ද මේ තරම් සාර්ථකත්වය ගැන උනන්දු වෙන්න හේතුවෙලා තියෙනවා.

සාර්ථක වෙන්න එක එක අය එක එක විදිහේ දේවල් කරනවා. කෙනෙක් හොඳට ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරලා ගෙයක් දොරක් හදාගෙන තමන්ගෙම කියලා වාහනයක් අරගෙන සාර්ථක වෙන්න හිතනකොට, තවත් කෙනෙක් තමන්ගේම කියලා බිස්නස් එකක් පටන්ගෙන එකෙන් සල්ලි හම්බ කරලා ඒ සල්ලි ආයෙත් ඒ බිස්නස් එකටම යොදවලා ඒක දියුණු කරගෙන හොඳ ව්‍යවසායකයෙක් විදිහට සාර්ථක වෙන්න උත්සාහ කරනවා.

මේ ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි අඪජඩ ඤචඤ, ර්‍ථධධප ඤචඤ ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි. 21 වැනි සියවසේ ලෝකයා ඔහුව හඳුන්වන්නේ “ලක්ෂපතියන්ගේ පාසලේ විදුහල්පති” ලෙසයි. ඒකට හේතුව තමා ඔහු වර්තමාන සමාජයට මුදල් පාවිචිචි කරන ආකාරය ගැන අලුත් සංකල්ප බොහොමයක් හඳුන්වා දීලා තියෙන එක. ඉතිං අද ඔයාලට කියලා දෙන්න යන්නේ අන්න ඒ විදිහට රොබර්ට් ටී. කියෝසාකි හඳුන්වා දීලා තියෙන සැබෑ ජීවිතයේදී ඕනෑම කෙනෙක්ට සාර්ථක වෙන්න අනුගමනය කරන්න පුළුවන් වටිනා නීති 10 ක් පිළිබඳයි.

 අත්වැරැදීම් යනු ඔබ මින් පෙර දැන නොසිටි අලුත් දෙයක් ඉගෙන ගැනීමට ලැබෙන ස්්වර්ණමය අවස්ථාවකි.

ඇත්තටම අපි දෙයක් කරන්න පටන් ගත්තම අපිට ගොඩාක් වෙලාවට සිද්ධ වෙන දෙයක් තමා වැරැදෙන එක. එතකොට අපි කරන්නෙ කරන වැඩේ නවත්තලා ඒ ගැන හිත හිතා අපගේ කාලය අපතේ යවන එකයි. ඒත් රොබර්ට් කියන විදිහට අපි කරන්න ඕනෙ. අපිට සිදුවූ වැරැද්ද හොඳ අවස්ථාවක් කරගෙන, ඒකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන එකයි.

 ව්‍යාපාරයක් කියන්නේ හරියට වීල් බැරෝවක් වගේ මොකද ඔබ එය තල්ලු කරන්න පටන් ගන්නා තුරු කිසිවක් සිදු වෙන්නේ නැහැ.

අපිත් එහෙමනේ. අපේ යාළුවොත් එක එක විදිහේ ව්‍යපාර පටන් ගන්න හිතනවා. ඒත් කවදාවත් පටන් ගන්නෙ නෑ. හැමදාම හිත හිතා ඉන්නවා. තවත සමහරු ඉන්නවා කොහොමහරි කරලා ව්‍යාපාරයක් පටන් ගන්නවා ඒත් ඒක හරියට ඉස්සරහට කරගෙන යන්න උනන්දු වෙන්නෙ නෑ. අන්න ඒ නිසා තමයි ඔහු කියන්නෙ ව්‍යාපාරයකුත් හරියට වීල් බැරෝවක් වගේ දෙයක් කියලා. මොකද, ඒක තල්ලු කරන කල් කිසි දෙයක් වෙන්නෙ නෑනේ. ඉතිං ඒ නිසා අපිත් කරන්න ඕනෙ හොඳට හිතලා බලලා ව්‍යාපාරයක් පටන් ගෙන ඒක දිගටම කරගෙන යන එකයි.

 මුදල් සඳහා ඇබ්බැහි නොවන්න. ඉගෙන ගැනීම සඳහා වැඩ කරන්න. මුදල් වෙනුවෙන් වැඩ නොකරන්න. දැනුම සඳහා වැඩ කරන්න.

අපි හිතමු අපිට වරමක් ලැබිලා තියෙනවා. ලෝකයේ සිටින මිනිස්සු උදේ ඉඳන් රෑ වෙන කල් කරන්නෙ මොනවාද කියලා බලන්න. එහෙම වුණොත් අපිට දකින්න ලැබෙන දෙයක් තමයි ඔවුන් උදෙන්ම නැගිටලා වයිෆ් හරි අම්මා හරි උයලා දෙන කෑම එකත් අරගෙන ඔෆිස් එකට දුවනවා. ඊට පස්සේ රෑ වෙනකල් මැරීගෙන වැඩ කරනවා. ආයෙත් ගෙදර එනවා. ගෙදර අයත් එක්ක කතා කරන්න වෙලාවක් නෑ. යාළුවෙක් එක්ක කතා කරන්න වෙලාවක් නෑ. සමහරු ඒ මදිවට ඕවර් ටයිම් කරනවා. ගෙදර ආපුවාම හොඳටම මහන්සි නිසා ඉක්මනින් නින්දට යනවා. පහුවදා ආයෙමත් නැගිටලා කලින් දවසෙ කරපු දේම කරනවා. මාසෙ අන්තිමට පඩි ගන්නවා. දවස් දෙකෙන් තුනෙන් ඒක වියදම් කරනවා. ආයෙත් පඩි දවස එනකල් වැඩ කරනවා. මේක දිහා බලන් ඉන්නකොට පිස්සු හැදෙනවා. ඇත්තටම අපි මේ කරන දේ වැරැදියි. අපි කරන්න ඕනෙ ඉගෙන ගැනීම සඳහා සහ දැනුම ලබා ගැනීම සඳහා වැඩ කරන එකයි. ඒ වගේම මුදල්වලට ඇබ්බැහි වෙලා ඒ වෙනුවෙන් වැඩ කරන එක අදම නවත්වන්න ඕනෙ. එතකොට මුදල් අපි වෙනුවෙන් වැඩ කරන දවසක් එනවා. එදාට අපි ඔක්කොම ගොඩ.

 ඔබ අසාර්ථකත්වය මඟ හැරියොත් සාර්ථකත්වය ද අනිවාර්යයෙන්ම මඟ හරී.

ඇත්තටම මෙයින් ඔහු පැවසීමට අදහස් කරන්නේ අප සැවොම දිනෙක අසාර්ථකත්වයට මුහුණ දිය යුතු බවයි. මොකද, එය මඟ හැරියොත් අපට කවදාවත් සාර්ථකත්වයට පත්විය නොහැකි නිසයි. අපේ යාළුවන්ටත් එහෙමනේ. මොකක් හරි දෙයක් පටන් ගත්ත ගමන් එයාලට ඒක එකපාරම සාර්ථක වෙන්න ඕනෙ. ඒත් ඒක කවදාවත් වෙන දෙයක් නොවේ. මේකට හොඳම උදාහරණය තමා විදුලි බල්බය සොයාගත්ත තෝමස් අල්වා එඩිසන්. ඔයාලා හැමෝම දන්න දෙයක් තමා විදුලි බල්බය සොයාගන්න. උත්සාහ කරද්දී ඔහුට 999 වතාවක් වැරැදෙනවා. ඒ කියන්නෙ 999 වතාවක්ම අසාර්ථක වෙනවා. ඒත් ඔහු උත්සාහය අත්හරින්නෙ නෑ. අන්තිමට 1000 වැනි වතාවේ ඔහු විදුලි බල්බය සොයා ගන්නවා. ඔහු එදා තමන් අසාර්ථක වුණා කියලා උත්සාහය අත්හැරලා දැම්මා නම් අපිට තවම ඉන්න වෙන්නෙ අඳුරේ තමයි. එහෙනම් හොඳට හිතට ගන්න අපට දවසක සාර්ථක වෙන්න අවශ්‍ය නම්, ඊට කලින් අනිවාර්යයෙන්ම අසාර්ථකත්වයට මුහුණ දෙන්නම වෙනවා. මොකද, මුලින් අසාර්ථක නොවී සාර්ථක වූ කිසිම කෙනෙක් මේ මිහිපිට සොයාගත නොහැකි නිසා.

 ඔබට පෝසත් වෙන්න අවශ්‍ය නම් වැඩි මිනිසුන් ප්‍රමාණයකට සේවය කරන්න.

ඇත්තටම මේකත් ගොඩක් දෙනෙක් හිතුවෙ නැතුවට අපි හැමෝටම අනුගමනය කරන්න පුළුවන් ඉතා සරල සිද්ධාන්තයක්. මේකට හොඳ උදාහරණයක් තමා ම්ජ්ඛ් අවන්හල් ජාලයේ නිර්මාතෘ කර්නල් සෑන්ඩර්ස්. ඔහු මුලින්ම කළේ වාහන සේවා සපයන ආයතනයක් පවත්වාගෙන යෑම.

නමුත්, තමන්ගේ වාහයන සර්විස් කරගන්න ඔහුගේ සර්විස් ස්ටේෂන් එකට එන අයට ඒ වැඩේ කරලා දෙනකල් ගොඩක් වෙලා එහි රැඳෙන්න සිද්ධ වුණා. ඉතිං ඒ අයට හොඳ කෑමක් හදලා දෙන්න ඕනෙ කියලා එයාට හිතුණා. ඒ කෑම කොච්චර ජනතාව අතර ප්‍රසිද්ධ වුණා ද කියනවා නම්, වාහන සර්විස් කරගැනීම කෙසේ වෙතත් ඔහුගේ මේ අලුත් කෑම කන්න මිනිස්සු වැල නොකැඩී ඇදෙන්න ගත්තා.

ඉතිං බලන්න සෑන්ඩර්ස් මෙහිදී කරලා තියෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව හඳුනාගෙන වැඩි පිරිසකට සේවය සැපයීමයි. එය අවසානයේ ලෝකප්‍රකට ම්ජ්ඛ් අවන්හල් ජාලය බිහිවීමට පවා හේතු වෙනවා. එහෙනම් අපටත් පෝසත් වෙන්න ඕනෙ නම් මිනිසුන්ට පුළුවන් තරම් සේවය කරන්න ඕනෙ.

ඉතිරි කොටස ලබන සතියේ

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

 ටෙරන්ස් වීරවර්ධන

466 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 10, සඳුදා 15:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න