තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:54

ගෘහණියට රස රහස්

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(0 මනාප)
රසට ගුණට විගසින් ආහාර පිසින්න කැමැති ඔබ, මේ රස රහස් අනුගමනය කරන්න

 

  •  හාල්මැස්සන් වියළා කුඩු කරගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් පොල් සම්බෝල සාදා ගැනීමේදී එක් කිරීමෙන් එහි රසය හා ගුණය වැඩි කරගත හැකියි.
  •  පොල් සම්බෝල සෑදීමේදී කෑලි මිරිස් වෙනුවට යාන්තමට පුලුස්සා ගලේ අඹරාගත් මිරිස් කරල් එක් කිරීමෙන් එහි රසය වැඩි වේ.
  •  කරපිංචා කල් තබා ගැනීම අපහසුය. වැඩි කරපිංචා ප්‍රමාණයක් ඇති විට ඒවා හොඳින් සෝදා වියළෙන්න හැර තෙල් ස්වල්පයකින් බැඳ කුඩු කරගෙන බෝතලයක අසුරා තබන්න. අමු කරපිංචා යොදනවාට වඩා කෑම රසවත්ය.
  •  ව්‍යාංජන තෙම්පරාදු කිරීමේදී ලූණු සමඟ සුදුලූනූ පෙති ද එක්කර ගැනීම තුළින් තෙල්වල අඩංගු කොලෙස්ටරෝල් අඩු කරගත හැකියි.
  •  නූඩ්ල්ස් තම්බන වතුරට විනාකිරි හෝ පොල් තෙල් ස්වල්පයක් එක් කිරීමෙන් නූඩ්ල්ස් එකට ඇලීම සිදු නොවේ.
  •  තැම්බූ බිත්තර කපන්න පෙර පිහිය සිසිල් ජලයේ ටික වේලාවක් තබා කපන්න. එවිට කෑලිවලට නොකැඩී බිත්තර කපාගත හැකියි.
  •  මඤ්ඤොක්කා තැම්බීගෙන එන විට කහ එක් කර ගැනීමෙන් එයට පි‍්‍රයජනක වර්ණයක් ලැබේ.
  •  දෙහි බිංදු කිහිපයක් පමණක් අවශ්‍ය විට දෙහි ගෙඩිය නොකපා ගෑරුප්පුවකින් ඇන සිදුරු කිරීමෙන් යුෂ ලබා ගැනීමෙන් දෙහි අපතේ යාම හා වියළීම නවතා ගත හැකියි.
  •  කැපූ පලතුරු මතුපිට දෙහි බිංදු කිහිපයක් ඉසීමෙන් පලතුරු මතුපිට කහට නොබැදී තබාගත හැකියි.
  •  මිරිස් කුඩු භාජනය තුළට පෙරුම්කායම් ටිකක් දමා තැබීමෙන් මිරිස් කුඩු වැඩි කලක් නරක් නොවී තබාගත හැකියි.
  •  නිවිති කොළය පිටින්ම ගෙන ස්ටීමරයේ තම්බා ගැනීමෙන් එහි ගුණය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත හැකියි.
  •  අඔ ව්‍යාංජනයේ සැබෑ රසය එය පරණ වෙද්දීය. එබැවින් අඔ මාළුව දිනකට පෙර වතුරෙන් උයා තබා, කෑමට ගන්නා විට මිටිකිරි ටිකක් දමා ගන්න.
  •  බිත්තර කටුවට පොල්තෙල් ටිකක් ආලේපකර තැබීමෙන් නරක් නොවී බිත්තර කල්තබා ගත හැකියි.
  •  කට්ලට් කැඩෙන්නේ නැතිව බැද ගැනීමට එය බදින්නට පෙර මඳ වේලාවක් අධි ශීතකරණයේ තබන්න.
  •  මාළු ඇඹුල් තියල් උයද්දී ගොරක මිශ්‍රණයටත් පහේ මිශ්‍රණයටත් අමතරව තෙල් මේස හැන්දක් එක් කිරීමෙන් මාළු ඇඹුල් තියල් තවත් රසවත් වේ.
  •  බිත්තර තම්බන විට වතුරට ලුණු ටිකක් එක් කිරීමෙන් බිත්තර කටුව පුපුරන්නේ නැතිව තම්බාගත හැකිය. කටුව ගැලවීම පහසුය.
  •  කේක්වල පිළී ගඳ නැති වීමට ගසාගත් බිත්තරවලට එසන්ස් ස්වල්පයක් එක් කරන්න. බිත්තර, පිටි මිශ්‍රණයට දැමීමට පෙර එය සිදු කළ යුතුය.
  •  අයිස් වතුර බඳුනකට දැමූ විට පාවෙන බිත්තර නරක් වූ ඒවාය.
  •  පොල් ගෙඩිය බිඳ, ගාන විට පළමුව කළ යුත්තේ හිල් සහිත බෑවය. එහි අංකුරය හට ගන්නා බැවින් ඉක්මනින් නරක් වීමට ඉඩ තිබීම ඊට හේතුවයි.
  •  බාස්මතී බත ලස්සනට උයාගන්න නම් පැය භාගයක් සහල් පෙඟෙන්න දමා, හොඳින් සෝදා, නියමිත වතුර ප්‍රමාණයට එළවළු තෙල් තේ හැඳි 5 ක් බටර් ස්වල්පයක් දමන්න.
  •  කෑම මේසයට සැරසිල්ලක් කිරීමේදී මිංචි කොළ යොදාගන්න. මැස්සන් මඳුරුවන් පලා යාවි.

 

 

(පොත පත ඇසුරෙනි)

 

 

 

145 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:58
මේ යටතේ එන අනෙකුත් ලිපි: « හදන්න පහසු රසයෙන් ඉහළ පෝෂණීය කෑම
අදහස් එක් කිරීමට ලොග් වෙන්න