තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 16:01

රූපලාවණ්‍යයේ සෞඛ්‍යමය හා ආරක්ෂිත ක්‍රමවේද විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
Occupational health and safety in cosmetology රූපලාවණ්‍යාගාරයකට යමකු ගොඩවදින්නේ තම රූපය වැඩි දියුණු කරගැනීමේ අරමුණ ඇතිවයි. එහෙත් එහිදී යම් අනපේක්ෂිත අනතුරක් වුවහොත්... මෙය රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස ඔබට කොතරම් ලොකු කළු පැල්ලමක් වේදැයි සිතන්න.

 

එමෙන්ම ඔබට තම සේවාදායකයා මෙන්ම ඔබේ ද ඔබ ආයතනයේ වැඩ කරන සේවක පිරිසගේ ද ජීවිත ආරක්ෂා කිරීමේ වගකීමක් පැවරී තිබේ. ඒ සඳහා ඔබ නිරන්තරයෙන් කටයුතු කළ යුතුය.

පසුගිය පාඩම් දෙකක දී ම අප ඔබට ඉදිරිපත් කළ කරුණු අතර විශේෂත්වයක් හිමි වන හතරවන නිපුණතාව අද මෙසේ ඉදිරිපත් කරමු.

 

රූපලාවණ්‍යාගාරයක් තුළ දී හදිසි අනතුරුදායක තත්ත්වයක දී නිවැරැදිව ගත යුතු ක්‍රියාදාමයන්.

* සේවාදායකයකුහට හදිසියේ, අසාත්මිකතාවක්, සිහිය නැති වීමක් හෝ වෙනත් කුමන ආකාරයක හෝ අනතුරක් ඇතිවුවහොත් වහාම ප්‍රථමාධාර දී, වෛද්‍යමය ප්‍රථිකාර අවශ්‍ය වේ යැයි සිතෙනවා නම් ඉක්මනින් ම රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කිරීම අවශ්‍ය වේ.

 

* මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ඒ සඳහා කළ යුතු නිශ්චිත වාර්තාගත කිරීමක් පැහැදිලිව ම තිබිය යුතුය.

එවන් තත්ත්වයක් ඇති වුවහොත් වහා දැනුවත් කළ යුතු පුද්ගලයන් හෝ ස්ථාන කවරේදැයි යන්න පිළිබඳ ඔබ මෙන්ම ඔබේ සේවකයන් ද දැනුවත් විය යුතුය.

එවැනි සිද්ධීන් පිළිබඳ විශේෂ වාර්තාවක් සටහන් තබන්නේ කෙසේද යන්න ගැන සියලු සේවකයන්ට පොදු ක්‍රියාමාර්ගයකින් දැනුවත් කළ යුතුය.

 

* හදිසි ගින්නක දී වහා ගිනි නිවන උපකරණ භාවිතය හා හැකි ඉක්මනින් රූපලාවණ්‍යාගාරයෙන් පිටවීම සිදු කළ යුතුය. මෙවැනි තත්ත්වයක දී භාවිත කරන හදිසි දොරටු ආදිය භාවිත කිරීමට ඔබ විසින් සේවකයන් දැනුවත්කර තිබිය යුතුය.

 

* සැලෝන් එක තුළ භාවිත කරන රසායනික ද්‍රව්‍ය හදිසියේ හැලී විසිරී ගියහොත්, සේවාදායකයකුගේ හෝ සේවකයකුගේ සිරුරේ පතිත වුවහොත් ඒවා සැනින් ඉවත්කර, හානිකර තත්ත්වය වහා පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන පැහැදිලිතාවක් සේවක සැමට තිබිය යුතුය.

 

* මෙවන් සියලු තත්ත්වයන් වහාම පාලනය කිරීමට සැලසුම් කරඇති ඉහත සඳහන් සියලුම ක්‍රමවේදයන්, කොතරම් දුරට එවැනි තත්ත්වයක දී ඉවහල්වේ ද? ඒවායේ සාර්ථකත්වයන් හෝ අසාර්ථකත්වයන් ගැන නිතරම අධ්‍යයනය කිරීමෙන් එයට වඩා සාර්ථක ක්‍රම ඇතොත් ඒවා උපයෝගී කරගැනීම ඔබ විසින් කළයුතු අත්‍යාවශ්‍ය කාරණයකි.

 

 

උපදෙස් - සම්මානිත මහාචාර්ය

රමණී අර්සකුලරත්න

1156 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 16:07
අදහස් එක් කිරීමට ලොග් වෙන්න