තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 11, සඳුදා 12:16

සාර්ථකත්වයේ පළමු පියවර ආත්ම විශ්වාසයයි

Written by 
අගයන්න
(0 මනාප)
බොහෝ කාලයකට ඉස්සර අමෙරිකාවේ කැන්සාස් නගරයේ තරුණයෙක් ජීවත් වුණා. ඔහුගේ විශේෂත්වය වුණේ චිත්‍ර ඇඳීමට සහජයෙන්ම ඔහු තුළ වූ නිසඟ හැකියාවයි. මෙම තරුණයා වැඩිපුරම පි‍්‍රය කළේ කාටුන් චිත්‍ර ඇඳීමටයි.

 

නමුත් තමන් ඇඳපු මේ කාටුන් චිත්‍ර විකුණා ගන්නෙ කොහොමද කියන ගැටලුවට මුහුණ දීමට ඔහුට සිදු වෙනවා. ඉතිං ඔහු තීරණය කරනවා තමන් ඇඳපු මේ කාටුන් චිත්‍රත් අරගෙන ප්‍රදේශයේ තිබෙන සෑම පත්තර කන්තෝරුවක් ගාණෙම යන්න. ඒත් කිසිම පත්තර කන්තෝරුවකින් ඔහුට සතුටුදායක උත්තරයක් නම් ලැබුණේ නැහැ. සෑම කර්තෘවරයෙක්ම වගේ කිව්වේ “ඔයාට කාටුන් අඳින්න කිසිම දක්ෂතාවක් නෑ. ඒ නිසා මීට වඩා උත්සාහ කරලා කිසිම තේරුමක් නෑ.” කියලයි.

ඒත් මේ තරුණයා නම් ඒ කිසිම දේකින් සැළුණේ නැහැ. කාටුන් අඳින්න ඔහු තුළ කොතරම් ආශාවක් තිබුණා ද කියනවා නම් ඔහු තව තවත් උනන්දුවෙන් තමන්ගේ කාර්යය කරන්න පටන් ගන්නවා. මේ ආකාරයට කාලය ගත වෙන විට ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව උදා වෙනවා. ඒ තමා ඉතා සුළු වැටුපකට දේවස්ථානයක චිත්‍ර ශිල්පියකු ලෙස සේවය කිරීමට ලැබීම.

මෙහිදී ඔහුට පැවරුණු වගකීම වුණේ දේවස්ථානයේ විවිධ උත්සව අවස්ථාවන් සඳහා ප්‍රචාරාත්මක පිංතූර ඇඳීමයි. නමුත් මෙම තරුණයාට චිත්‍ර ඇඳීමටත් නිදා ගැනීමටත් කියන මේ වැඩ දෙකටම ලැබුණේ දේවස්ථානයේ එක් පැත්තකට වන්නට පිහිටා තිබූ මීයන්ගෙන් පිරුණු අබලන් වී ගිය ගරාජයයි. දිනක් රාත්‍රියෙහි ඔහු නිදාගෙන සිටින විට තමන්ගේ කකුල මතින් කිසියම් සතෙක් යනවා දැනී කලබලයට පත්වී නින්දෙන් අවදි වෙනවා.

එවිට දකින දර්ශනයෙන් ඔහු ඉමහත් ප්‍රමෝදයට පත් වෙනවා. ඒ මොකද කියනවා නම් එදින රාත්‍රියේ ගරාජයට වැටී තිබූ හඳ එළිය තුළින් තම පාදය මතින් ගමන් කළ මී පැටියකුගේ සෙවණැල්ල ගරාජයේ බිත්තියක් මත පතිත වී තිබීමයි.

 එක්වරම කොළයක් ගෙන ඔහු එය සිතුවමට නගන අතර, එම සුවිශේෂී මීයා ලෝක ප්‍රසිද්ධ වෙනවා.

ඒ තමා ලොව දස ලක්ෂ ගණනක් ජනතාව නම කී සැණින් හොඳින් හඳුනන “මිකී මවුස්” එසේ නම් එය සිතුවටම නඟන ලද අපගේ කතා නායකයා වන තරුණ සිත්තරා අන් කවරකුවත් නොව අමෙරිකාවේ මෙන්ම ලෝකයේ සියලුම මිනිසුන්ගේ ආදරය හා ගෞරවය දිනා ගැනීමට සමත් වූ “වෝල්ට් ඩිස්නි”ය.

මේ කතාවෙන් අප සැමට ලොකු පාඩමක් උගන්වනවා. ඒ තමා ආත්ම විශ්වාසය. අපට සාර්ථක වීමට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ අප පිළිබඳ මෙන්ම අපගේ හැකියාවන් පිළිබඳ විශ්වාස කිරීමයි. එසේ නම් සාර්ථකත්වයට යන මාවතේ පළමු පියවර වන්නේ ආත්ම විශ්වාසයයි.

ආත්ම විශ්වාසයෙන් කටයුතු කර සාර්ථකත්වයට පත් වූ තවත් පුද්ගලයෙක් තමා ලෝක ප්‍රකට ඒනනතඥ පරිගණක සමාගමේ නිර්මාතෘ ඉබඥමඥ බ්ධඡඵ තම ළමා කාලය එතරම් මිහිරි එකක් නොවු ඔහු උසස් අධ්‍යාපනය හැදෑරීමට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවද එය වසරකට පමණක් සීමා වන්නේ එහිදී ලැබූ ඒකාකාරී අධ්‍යාපන රටාවට පි‍්‍රය නොකිරීමයි. තමාගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනය ඔහුගේ සිතට පැමිණෙන්නේ මේ අවධියේදීය. එම සිහිනය සැබෑ කරගැනීම උදෙසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ආයුබෝවන් කියන ඔහු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් මුදලක් තමන් සතු නොවීමේ අභියෝගයට මුහුණ දෙනවා. නමුත් ඉන් නොසැළෙන ඔහු ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය වන මුදල් සොයා ගන්නේ හිස් බෝතල් එකතු කර විකිණීමෙන්. ඉන් අනතුරුව තම යහළුවන් කිහිප දෙනෙක් ද එකතු කරගෙන තමන්ගේම ගෙදර ගරාජයේ ඉතා කුඩාවට ආරම්භ කළ පරිගණක සමාගම 2012 වර්ෂයේදී ලොව විශිෂ්ටතම සමාගම ලෙස සම්මානයනට පාත්‍ර වෙනවා.

මේ කතාවෙන් අපට කියාදෙන පාඩම වන්නේ ආත්ම විශ්වාසය තිබේ නම් අපට කළ නොහැකි දෙයක් නැති බවයි.

ඉතිං ඔබත් සියල්ලට ප්‍රථම ඔබ ගැන විශ්වාස කරන්න. එනම් ඔබගේ ආත්ම විශ්වාසය දියුණු කරගන්න. අදම යමක් කුඩාවට හෝ ආරම්භ කරන්න. ඉන් නොනැවතී ඉදිරියටම යන්න. සෑම දිනකම ඒ සඳහා එක් පියවරක් හෝ තබන්න. එවිට ඔබගේ ජයග්‍රහණය වැළැක්වීමට කිසිවකුට නොහැකියි.

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

329 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 12:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න