තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 11, සඳුදා 13:02

Hair Colour කිරීමේදී ඔබ දැනසිටිය යුතු කරුණු කාරණා

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන ඔබ එමෙන්ම රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට ඒ පිළිබඳ දැනුම පුහුණුව ලබමින් සිටින ඔබ නිවැරැදි මඟපෙන්වීමක් මෙන්ම නිවැරැදි ශිල්පීය දැනුමක් තිබීම ඔබේ වෘත්තිමය සාර්ථකත්වයට කෙතරම් ඉවහල් වනවා ද යන්න ගැන මේ වන විටත් ඔබට වැටහී ඇති.

 

ඉදිරි සති කිහිපය තුළ අප ඔබ දැනුවත් කරන්නට සූදානම් වන්නේ හිසකෙස් වර්ණගැන්වීම එනම්, ඩ්චඪප ඛ්ධතධභප කිරීමේදී ඔබ දැනුවත් වී සිටිය යුතු කරුණු කාරණා පිළිබඳවයි.

හෙයා කලර් එකක් කරගැන්මට සේවාදායකයකු පැමිණි විට ඔවුන්ගේ කොණ්ඩයේ ස්වභාවය නිරෝගී බව ගැන අවධානය යොමු නොකර එය කිරීම නුසුදුසු බව සහ හිසකෙස් ඩැමේජ් වී ඇත්නම් පළමුව ඒ සඳහා සත්කාර, ප්‍රතිකාර කර හිසකෙස් නිරෝගිමත් කරගැන්මේ අවශ්‍යතාව ඔවුන්ට වටහා දීම අවශ්‍යබව අප ඔබට පැවසුවා මතක ඇති.

එමෙන්ම තම කොණ්ඩයට මෙවන් විලාසිතාවක් කර ගැන්මට යන අයකු නම් ඔබ ඒ සඳහා හොඳ දැනුමක් පුහුණුවක් ඇති ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් සිටින රූපලාවණ්‍යාගාරයක් තෝරාගැන්මට සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව නිවැරැදි ක්‍රමවේදයක් පිළිබඳව දැනුමක්, පුහුණුවක් නැති ඇතැම් රූපලාවණ්‍ය ශිල්පීන් වෙතයාම නිසා තමන්ගේ කෙස් කලඹට හානි කරගත් අය අපට බොහෝවිට හමුවන නිසයි.

හෙයාර් කලර් එකක් නිවැරැදිව නොකිරීමෙන් හිසකෙස් අධික ලෙස වියළි, කැඩී, ගැලවී ගොස් ඇති ආකාරය සහ ඉන් තමන්ගේ පෞරුෂත්වයට පවා හානිකරගත් අයද බොහෝමයි.

හෙයා කලර් එකක් කිරීමට ඔබ සූදානම් වන්නේ මුල්ම වතාවට නම් මින් පෙර හිසකෙස් අලංකරණය සඳහා කිසිදු විලාසිතාවක් කර නොමැති ඩැමේජ් වූ හිසකෙස් නොමැති අයෙක් නම් එය නිවැරැදිව ප්‍රමිතියකට කරගැන්මට යා යුතු තැන හරි නිෂ්පාදන භාවිත කරමින් නිවැරැදි ක්‍රමවේදයන්ට අනුව ක්‍රමාණුකුලව වගකීමෙන් කටයුතු කරන තැනක් තෝරා ගැන්මට සැලකිලිමත්වීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඔබ මේ සඳහා සේවය ලබා ගන්නා රූපලාවණ්‍යාගාරය සහ රූපලාවණ්‍ය ශිල්පියා ගැන දැනුවත් බවකින් යුතුව යාම වඩාත් වැදගත් කොට සැලකිය යුතුයි.

ඔබ හෙයාර් කලර් එක කරවා ගැන්ම සඳහා සූදානමින් සැලෝන් එකට ගියවිට, රූපලාවණ්‍ය ශිල්පියා ඔබේ හිසකෙස් පරීක්ෂාකොට හිසකෙස්වල ස්වභාවය පිළිබඳව පවසන අදහස් පිළිබඳව ඔබ අවබෝධයක් ලබාගත යුතුයි.

සමහරවිට ඔබේ හිසකෙස් හෙයාකලර් එකක් කිරීමට තරම් නුසුදුසු තත්ත්වයක තිබෙන්නට පුළුවන්. එවන් අවස්ථාවකදී ඔබේ ඉල්ලීමට අනුව එය කිරීමට එකඟ නොවී ඔබේ කොණ්ඩය වඩාත් ඩැමේජ් වී ඇති බව හෙයාර් කලර් එකක් කරගැන්මට ගියහොත් කොණ්ඩයට තවත් හානි සිදුවිය හැකි බව සහ ඔබේ හිසකෙස්වලට විලාසිතාවක් කිරීමට වඩා සත්කාර ප්‍රතිකාර අවශ්‍ය බව රූපලාවණ්‍ය ශිල්පියා පවසන්නට පුළුවන්. ඔහු එවන් රුපලාවණ්‍ය ශිල්පියකු නම් ඔහු මේ පිළිබඳ මනා දැනුමක් බුද්ධියක් ඇති අයකු ලෙස අපට වටහාගත හැකියි. හේතුව හානියට පත්ව ඇති හිසකෙස් මුදල්මය වාසි තකා, තවදුරටත් හානි නොකර, ඉන් වැළකීමට උපදෙස් ලබාදීමයි.

අප හෙයාර් කලර් පිළිබඳව විමසා බැලුවොත් අද වෙළෙඳපොළේ විවිධ වූ නිෂ්පාදන ඕනෑතරම් තිබෙනවා. නමුත් මෙය කොතෙක් දුරට තමන්ට ගැළපෙනවාද? මෙහි අඩංගු මොනවාද? මෙය ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදනයක්ද? යන්න ගැන විමසිලිමත්වීම අවශ්‍යමයි.

අප අපේ කෙස්ගස ගතහොත් අපි හිතන්නේ අපේ තියෙන්නේ කළු කොණ්ඩයක් බවයි. ඇත්තෙන්ම අපේ හිසකෙස්වල ඇති වර්ණය කළු නෙමෙයි. නිල් රතු කහ යන වර්ණයන් තුනම එකට එක්වීමෙන් තමයි අපේ කෙස්ගසට මෙම වර්ණය ලැබී තිබෙන්නේ. යුරෝපා ජාතිකයන්ට මෙන් අළුපාට හෝ තඹ පැහැගත් හිසකෙස් අපේ රටේ අය අතර දක්නට නැහැ.

මෙම කළු යන වර්ණය අපේ කෙස්ගස්වලින් ඉවත්කිරීමක් කළ යුතුයි. නිල්, රතු යන වර්ණ දෙකම ඉවත් කර ළා කහ පැහැති වර්ණයට එනතෙක් කෙස් ගසේ තිබෙන වර්ණය අප ඉවත් කරගැන්මක් සිදුකරනවා. කොහොමද මෙම වර්ණය අප ඉවත් කරගන්නේ?

ඉහත කී ආකාරයෙන් කොණ්ඩයේ තිබෙන වර්ණ ඉවත්කර ගැන්මේදී හිසකෙස්වලට හානි සිදුවෙන්න පුළුවන්. එය එසේ සිදුවන්නේ ඒ සඳහා පාවිච්චි කරන ද්‍රව්‍යයන් නිසයි. මෙය අප හඳුන්වන්නේ කොණ්ඩය ‘බ්ලොන්ඩි කිරීම’ වශයෙන්. මෙම සකස් කිරීමට යොදා ගැනෙන ද්‍රාවණයන් සඳහන් වන්නේ ‘ඩිවෙලපර්’ යනුවෙනුයි. මෙම ‘ඩිවෙලපර්’ විවිධ අංක යටතේ දක්නට තිබෙනවා. ඒ ව්ධ - 06, ව්ධ - 09, ව්ධ - 12 වශයෙන්. මේ පිළිබඳව නිවැරැදි දැනුමක් පළපුරුද්දක් ඇති රූපලාවණ්‍ය ශිල්පියකු නම් ඩැමේජ් වී තිබෙන හිසකෙස් සඳහා භාවිත කළ යුත්තේ මේ අතරින් කුමක්ද යන්න ගැන දැන සිටිනවා.

බොහෝවිට අප මෙහිදි ව්ධ - 12 පාවිච්චි කිරීමක් කරන්නේ නෑ. ව්ධ - 06 පාවිච්චි කළොත් එහි බලපෑම් කෙසේද යන්න මොවුන් දැන සිටිනවා. එමෙන්ම හානි වී ඇති කොණ්ඩයක් නැවත බ්ලීච් කරනවද, එය හානිකර වෙයිද යන්න ගැනත් රූපලාවණ්‍ය ශිල්පියා තුළ වැටහුමක් තිබෙනවා. මේ පිළිබඳව නොදන්න කෙනකු නම් ව්ධ - 12, ව්ධ 09 ආදිය යොදා බ්ලීච් කළහොත් තිබෙන කොණ්ඩයත් ඩැමේජ් වී විනාශ වී යාමක් සිදුවෙන්න පුළුවන්.

මෙන්න මේ නිසයි හෙයාකලර් එකක් කරවා ගැන්මට සූදානම් වන අයෙක් උසස් මට්ටමේ රූපලාවණ්‍යාගාරයක් සහ මෙහි ක්‍රමවේදයන් ගැන නිවැරැදිවූ දැනුමක් ඇති රූපලාවණ්‍ය ශිල්පියකුගේ සේවය ලබාගැන්ම වඩාත් වැදගත් කොට සැලකිය යුතුවන්නේ.

මෙහිදී අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා නම් ඉහත කී කරුණු ගැන සැලකිලිමත්වනවානම් කොණ්ඩය වර්ණ ගැන්වීම නිසා හිසකෙස්වලට හානිකර බලපෑම් ගෙනදීම වළක්වා ගන්නට පුළුවන්.

මේ සෑම කරුණක් පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුව හෙයා කලර් එකක් කිරීමට සූදානම් වන ඔබ එය විලාසිතාවක් ලෙස ඔබට ගැළපෙනවාද? මෙහිදී සිතා බැලිය යුත්තේ කුමන කාරණා ගැනද?

ලබන සතියේ විමසා බලමු.

  උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

ජොනී ගුණසේකර

සැලෝන් මූඩ්ස් - දෙමටගොඩ

565 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 13:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න