තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 09, සඳුදා 15:48

මල් මංගල්ලෙට සිත රැඳෙන කේක් නිර්මාණයක්

ලිව්වේ  උදයංගනී ලියනආරච්ච්
අගයන්න
(0 මනාප)
අලංකාර පෙනුමත් යොදාගෙන ඇති ද්‍රව්‍යයක් නිසාම වටිනාකමින් ඉහළ අගයක් පෙන්වන කේක් නිර්මාණයකි. නමුත් එය සරලය.

 

ඉඳින් විවාහ මංගල උත්සවයට සිත රැඳුණු කේක් නිර්මාණ සොයන ඔබ වෙනුවෙන් මේ අනගි නිර්මාණය මෙලෙස තිළිණ කරන්නෙමු.

රෝස, ඕකිඩ් යන මල් වර්ගත් මුතු පබළු රඳවනත් කේක් නිර්මාණය ආකර්ෂණීය කර තිබේ.

තරමක් උස මේ කේක් ආකෘතිය නිර්මාණය කරගන්නා ආකාරය බලමු .

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8 ක වට ප්‍රමාණය සහිත අඟල් 10 ක් උස ඩමියක්

අඟල් 12 ක වට ප්‍රමාණය සහිත අඟල් 08 ක්උස ඩමි එකක්

අඟල් 18 ක වට ප්‍රමාණය සහිත අඟල් 8 ක් උස ඩමි එකක්

අඟල් 24 ක වට ප්‍රමාණය සහිත අඟල් 10 ක් උස ඩමි එකක්

අඟල් 30 ක වට ප්‍රමාණය සහිත අඟල් 10 ක් උස ඩමි එකක්

අඟල් 36 ක වට ප්‍රමාණය සහිත අඟල් 2 ක් උස බේස් බෝඩ් එකක්

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

මුතු පබළු සහිත පටි

රෝයල් අයිසිං

පබළු

 

සාදන ක්‍රමය

පළමුවෙන්ම ඩමි සියල්ලම ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු මුතු පටිගෙන ඩමි යටින් අලවා ගන්න. දැන් පුෂ්මෝල්ඩ් භාවිතකර, ෆොන්ඩන්ට් අයිසිංවලින් රෝසමල් සාදා දෙවැනි සහ හතරවැනි ඩමි මැදින් අලවන්න. එහි වටා නොම්බර 03 නොසලයෙන් රෝයල් අයිසිංවලින් ලියවැල් දමාගන්න. එම ලියවැල් වටා පබළු අලවන්න. අනෙක් ඩමි වටා පබළු අලවන්න. දැන් පාච්මන්ට් අයිසිං මඟින් රෝස සහ ඕකිඩ් මල් සාදන්න. එම මල් අවශ්‍ය වර්ණ ඩස්ට් පවුඩර් මඟින් වර්ණ ගන්වා ගන්න. කුඩා ගෙඩි ද පාච්මන්ට් අයිසිං මඟින්ම සාදන්න. ඉන්පසු සියලුම මල් වර්ග හොඳින් වේළා ඔබට අවශ්‍ය පරිදි කේක් එක මත රඳවා ගන්න.

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය 

  

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

761 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 09, සඳුදා 15:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න