තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 31, අඟහරුවාදා 15:59

රූපලාවණ්‍යයට කැමැති ඕනෑම කෙනෙකුට මගෙන් අතහිත...

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
මහනුවර සැලෝන් සුසී අධිපතිනිය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී සුසී සමරසේකර

 

 

 

රුව හැඩ කරන කලාවේ සුන්දරත්වය මවන්නට හැකියාව ඇත්තේ සියුමැලි දෑතකටය. එම හැකියාව ඇයට උරුමවන්නේ සහජ උරුමයේ වාසනා මහිමයෙනි.

සෑම යුවතියකටම හිමි සුන්දරත්වය ඔප මට්ටම් කිරීමෙන් ලබන ආත්ම තෘප්තිය මුදලට වඩා වටිනා මහඟු තිළිණයකි. එම තිළිණය දිනා ගන්නට ලැබෙන්නේ අතළොස්සක් තරම් වූ පිරිසකට ය.

සුසී සමරසේකර..... ඇය සෙංකඩගල යුවතියන් හැඩ කරන්නේ එවන් වූ ආත්ම අභිමානයක් සිත්හි රඳවාගෙනය. ඒ නිසාම ඇය මුළු රටම හඳුනා ගන්නේ මහනුවර සැලෝන් ‘සුසී’ ලෙසිනි.

වරෙක පාසල් ශිෂ්‍යාවක ව සිටියදී ඇයට රූපලාවණ්‍ය කෙරෙහි උනන්දුවක් ආසාවක් ඇති විය. උසස් පෙළෙන් පසුව තම හැරවුම් ලක්ෂය පිළිබඳ හීන දකින ඇය වෘත්තිය ජීවිතය ලෙස රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තෝරා ගන්නා ලදී. ඕනෑම ක්ෂේත්‍රයකට අවතීර්ණ වීම යම්තාක් දුරට හැකිය. එහෙත් එය පවත්වාගෙන යාමත් හිනිපෙත්තේ රැඳී සිටීමත් අපහසුය.

මේ සියල්ල ජයගත් තැන නියැළෙන ක්ෂේත්‍රය තුළ ඔබ සාර්ථකයි. සුසී සමරසේකරයන්ට ද එය එසේම ය.

“හැඩ වැඩ කලාවත්, විලාසිතා සමඟ එකිනෙකට බැඳී තිබෙන්නක්. නිරන්තරයෙන් වෙනස් වෙනවා. වෙනස් වන ලෝකයට සමගාමීව ප්‍රතිචාර නොදැක්වුවොත් අපි පරදිනවා. ඒ තරඟයට මුහුණ දෙන්න මම කැමැතියි. පුළුවන් හැමවෙලාවකම දෙස් විදෙස් පුහුණුව ලබනවා.

දැනට ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල් ගණනාවකම රූපලාවණ්‍ය වැඩමුළු සඳහා සහභාගි වී අත්දැකීම් ලබා තිබෙනවා.

මේ සියලු හැදෑරීම් මඟින් තවත් පරපුරකට ක්ෂේත්‍රය තුළ රැඳෙන්නට මං පෙත් විවර කරන්නට මට හැකියාව ලැබී තිබෙනවා. අද වන විට මහනුවර, කුරුණෑගල, දඹුල්ල, කිරිබත්ගොඩ සහ මීගමුව යන නගරයන් ආවරණය වන පරිදි රූපලාවණ්‍ය දැනුම බෙදා දෙන්නට මට පුළුවන්කම ලැබී තියෙනවා.

නවීන තාක්ෂණය, නවීන දැනුම ඔස්සේ මෙම පාඨමාලා සිදු කිරීමත් විශේෂත්වයක්. හෙයාර්, බියුටි, බ්‍රයිඩ්ල් යන ඕනෑම අංශයක් ඉගෙන ගැනීමට රුචිකත්වයක් දක්වන මූල්‍යමය දුෂ්කරතා ඇති නව පරපුරේ අය සඳහා අතහිත දීමටත් මා එකසිතින් සූදානම්. මෙතෙක් මා ආ ගමනේ සාර්ථකත්වය ද එයයි.”

අද ඇය මෙරටෙහි පිළිගත් ව්‍යවසායිකාවකි. එසේම මහනුවර සහ කිරිබත්ගොඩ පිහිටි සැලෝන් ‘සුසී’ හිමිකාරිණිය ද ඇයයි.

එම සැලෝන් වෙත පිය නගන ඔබට නවීන විලාසිතාවට අනුව ඔබේ රුචිකත්වය පරිදි මනාලියක් ලෙස හැඩවිය හැකියි. එහිදී උඩරට, පහතරට, බටහිර යන මනාලියන් හරි අපූරුවට හැඩ වේ. රූපලාවණ්‍යාගාරයක සිදුකෙරෙන සියලුම රුව ඔප් නැංවීමේ කාර්යයන් මෙහිදී සිදුවේ. සිය රුපලාවණ්‍යාගාරවලින් සේවිකාවන් විසි පස් දෙනකු සඳහා රැකියා අවස්ථා ලබාදීමට ඇයට හැකි වී තිබේ. එය ඇය ලැබූ තවත් ජයග්‍රහණයක් ලෙස සලකයි.

රූපලාවණ්‍යාගාරවලට අමතරව මෙහෙයවනු ලබන රූපලාවණ්‍ය පාඨමාලා සඳහා ව්ඍQ ඹ්ඥමඥත 4 සහතිකය ලබා දීමට ද ඇය සූදානම්.

සුසී ගේ දිවිමගේ අප්‍රතිහත උත්සාහය, කැපකිරීම සහ සමාජයට සිදුකරන සේවය අගයමින් 2014 වසරේදී මහනුවර සහශ්‍ර ජය මඟ පදනම මඟින් ගරු ආණ්ඩුකාර, අභිනන්දන ප්‍රණාමය ඇයට පිරිනැමිණි. එසේම ඇය දිරිය ප්‍රසාදිනී, දිරිය කාන්තා, රූපලාවණ්‍ය විශාරද, පාඨමාලා උපදේශිකා යන ගෞරව නාමවලින් පිදුම් ලබන්නට තරම් වාසනාවන්ත විය.

සැමියාට, පවුලට බරක් නොවී ආර්ථිකයෙන් ශක්තිමත් වීමට අදිටන් ඇති දිරිය ළඳුන්ට ඇය සැබෑම ආදර්ශයකි. එවැනි අය සඳහා දිරිය ශක්තිය, උදවු උපකාර කරන්නට ඇය පෙරමං බලා සිටී. එසේම ඇගේ ජීවන මං තලාවේ නොසැලෙන ශක්තිය වූ සිය සැමියා ශාන් කරුණාපේඩි ද ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශකයෙකි. ඔහු සුසීගේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙසද නිබඳව අත්වැල් සපයයි.

 

සැලෝන් ‘සුසී’

අංක 827/ඒ,1/1

පේරාදෙනිය පාර,

නුවර

ලිපිනයේ දී ඇයව හමුවිය හැකියි.

 

 

 

 

ඡායා - ගාමිණී චන්ද්‍රසේන

219 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 31, අඟහරුවාදා 16:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න