තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 06, සඳුදා 12:26

බිඳුණු බලාපොරොත්තු අතැර ලෝකය දිනන්නට දැන් ඔබටත් පුළුවන්...

Written by 
අගයන්න
(0 මනාප)
ජීවිතේ පාවෙන වලා රොදක් වගේ. හරියටම යන්න තැනක් දැනුණේ නැත්නම් ඔහේ පාවෙලා යාවි. කාටවත් කිසිම ප්‍රයෝජනයක් නැතුව පාවෙලා යාවි. ජීවිතයට අරමුණක් අවශ්‍ය වෙන්නේ ජීවිතය ජීවත් කරවන්නට අවශ්‍ය නිසයි.

 

අරමුණු, බලාපොරොත්තු අප ප්‍රාර්ථනා කරන විදියටම ඉටු නොවෙන්නත් පුළුවන්. පුංචි කාලයකදී ඒ බලාපොරොත්තු ඉටු වෙන්නත් පුළුවන්. කාලයක් ගත වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපව ජීවත් කරවන්නේ බලාපොරාත්තුම තමයි. ඉතින් යම් මොහොතකදී අප නොසිතූ විදියට ඒ බලාපොරොත්තු සුණු විසුණු වෙලා ගියත් ආයෙත් නැඟිටින්න ඔබට පුළුවන්. නැති වූ බලාපොරොත්තු නැවත අලුත් කරගෙන ජීවිතය අලුතින් පටන් ගන්න මේ සරල උපදෙස් පිළිපදින්න.

අතහරින්න හිත හදාගන්න

මෙලොව තිබෙන බොහෝමයක් දේවල් අප පාලනයෙන් දුරස්ථය. අප, මගේ යැයි කියමින් සත්කාර කරන ශරීරයවත් අපට අවශ්‍ය ලෙස පවතින්නේ නැත. ශරිරය එසේ වී නම් අන් දේවල් පිළිබඳ සිතීමට දෙයක් නැත. ඇතැම් විට ඔබ බලාපොරොත්තු, ආශාවන් ලෙස අල්වා ගත් දෙය තුළ කිසිදු බලාපොරොත්තුවක් නොතිබෙන්නට ද පුළුවන. අහිමිවීම තුළ හිමිවීමක් සිදු විය හැකිය. ඔබට ඔබේ ආශාව නොලැබී ගියේ එයට වැඩි දෙයක් ලැබීමට බව සිහි කළ යුතුය.

වෙනසක් ඇතුළෙ වෙනසක්

පුංචි පුංචි වෙනස් කිරීම්වලින් අපේ ජීවිතයට ලොකු පෙරළියක් කරන්නට පුළුවන. ඔබ ගැටලුවකින් සිටින විට තව ක්‍රම අත්හදා බලන්න පුරුදුවන්න. ඔබේ නිවෙසේ ගෘහ භාණ්ඩ අලුත් පිළිවෙළකට සකස් කරන්න. ජීවිතයට අලුත් මිතුරන් එකතු කරගන්න. වැඩ කිරීමට නව ක්‍රම අත්හදා බලන්න. රසවත් කෑම වට්ටෝරු අත්හදා බලන්න. ඔබගේ නැති වූ බලාපොරොත්තුවට අලුත් බලාපොරොත්තුවක් හමුවෙනු ඇත.

ව්‍යායාම

ඔබේ සිතේ ක්‍රියාකාරිත්වයට, ඔබගේ කායික තත්ත්වය සෘජුවම බලපෑම් කෙරේ. ඔබේ ගැටලුවට ඔබව සුදානම් කිරීමට ඉන් හැකියාව ලැබේවි.

අනිත් අයට කරන උදව්වලින් අලුත් බලාපොරොත්තුවක්

අන් අයට උදව් කිරීමෙන් ඔබට ප්‍රතිලාභ රැසක් ලැබේ. එකක් නම් ඔබව බලාපොරොත්තු විරහිතභාවයෙන් මුදවා ගැනීමයි. අනෙක කිසිදු සරණක් නොමැති අයකු සතුටු වනු දැක තෘප්තිමත් වන්නට හැකිවේවි. එය මුදල්වලින් ලැබිය නොහැකි සතුටකි. ඔබ ‘ඔවුන්ට වඩා වාසනාවන්තයි’ කියන හැඟීම ඔබට නව බලාපොරොත්තුවක් රැගෙන ඒවි.

පරෝපකාරය

බලාපොරොත්තු සුන් වූ විට ඔබ කළ හොඳ දේවල් සිහිපත් කරන්න. ඒ මොහොත සිහිවන විට ඔබ සතුටට පත්වේවි. ලැබූ ඒ සියුම් සතුටින් නව බලාපොරොත්තු, ආශාවන් ඇතිවේවි.

තමන්ගේ අය ළඟ බලාපොරොත්තු

ඇතැම් අවස්ථාවලදී අන් අය මත යැපෙන්නට සිදු වෙනවා. එහි කිසිදු ගැටලුවක් නෑ. නමුත් ඔවුන් විශ්වාසදායී බව අවබෝධ කරගත යුතුය. ඔබේ දෙමාපියන්, මිතුරන් වැනි විශ්වාසදායී කෙනකුට ඔබේ ගැටලු පවසන්න. ඔවුන් ඔබට නිසි මඟ පෙන්වනු ඇත.

සතුටින් සිටින්න

බලාපොරොත්තු සුන්විමක් යනු ඔබ දැඩි ලෙසින් දුකට පත් වූ මොහොතකි. දුක් සිතුවිලි ඇති වී තිබෙන විට තවත් දුක් සිතුවිලිවලම එල්බ නොසිටින්න. ඔබව සතුටු කළ ක්‍රීඩාවක්, චිත්‍රපටයක්, නවකතාවක්, ගීතයක් නැතිනම් පුද්ගලයෙක් සිටීමට පුළුවන. ඔබ ආශා කරන නිර්මාණ රස විඳින්න. කැමැතිම පුද්ගලයන් හමුවන්න. සතුට බෙදා ගන්න. තොරතුරු විමසන්න. ඉන් ඔබේ සතුට නැවත ලැබේවි.

ආගමික නැඹුරුව

ආගමක් තුළින් සිදු කරන්නේ මනස සුවපත් කිරීමකි. තමන් අදහන ආගම කුමක් වුව ද මනසට සුවයකි. බලාපොරොත්තු සුන් වූ මොහොතක මනසට සුවයක් දෙන වැඩක නිරත වීම වැදගත්ය.

216 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 06, සඳුදා 12:28
අදහස් එක් කිරීමට ලොග් වෙන්න