තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 06, සඳුදා 15:55

සමනලයන් පිරි කේක් එකක හැඩ

Written by 
අගයන්න
(0 මනාප)
සමනලයන් තේමාව කරගත් විවාහ මංගල්‍යයකටයි මේ කේක් නිර්මාණය රෝසමල් නිසා කේක් එක තවත් ලස්සන වෙලා

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 18 ක් පළල අඟල් 5 ක් උස රවුම් ඩමි එකක්

අඟල් 14 ක් පළල අඟල් 5 ක් උස රවුම් ඩමි එකක්

අඟල් 10 ක් පළල අඟල් 5 ක් උස රවුම් ඩමි එකක්

අඟල් 20 පළල බේස් බෝඩ් එකක්

රිබන් පටි

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

සාදන ක්‍රමය

පළමුව මෙම ඩමි සියල්ල සුදු ෆොන්ඩන්ට් අයිසිං මඟින් කවර් කරගන්න. ඉන්පසු බේස්බෝඩ් එක වටේට සිල්වර් රිබන් පටියක් අලවන්න. දැන් ඩමි තුන පිළිවෙළින් බේස්බෝඩ් එක මත තබා ගන්න. පසුව යටම ඇති ඩමිය වටා සහ උඩම ඇති ඩමිය වටා රෝස රිබන් පටියක් අලවන්න. මැද ඩමිය වටා සුදු රිබන් පටියක් අලවන්න. දැන් මෙම රිබන් වටා නොම්බර 0 නොසලයෙන් ලියවැලක ආකාරයට අයිසිං කරගන්න.

 

 දැන් පාච්මන්ට් අයිසිං මඟින් සමනලයන්, රෝස මල්, අයිවි කොළ ඉති සහ රෝස කොළ සාදා ගන්න. පසුව ඒවා ඡායාරූපයේ දැක්වෙන ආකාරයට කේක් එක මත තබා සරසා ගන්න. කම්බියකට සවිකරගත් සමනළයන් මෙම මල් අතරට ගසා ගන්න.

285 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 06, සඳුදා 15:58
මේ යටතේ එන අනෙකුත් ලිපි: « රස වෑහෙන කේක්ගෙදරම හදමු
අදහස් එක් කිරීමට ලොග් වෙන්න