තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 13, සඳුදා 15:13

පවුලේ ප්‍රශ්න පවුලටම සීමා කරමු ද?

Written by 
අගයන්න
(0 මනාප)
විශ්වවිද්‍යාල සමයේ අපත් සමඟ එකට උගත් මිතුරකු මට එක්තරා උත්සව අවස්ථාවක දී හමු වූයේ අහම්බයෙනි. මා ඔහුව අවස්ථා කිහිපයකදී ම දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහුගෙන් මට ප්‍රතිචාරයක් ලැබුණේ නැති බව මම පැවැසුවේ තරමක නෝක්කාඩුවෙනි.

 

“පසුගිය කාලේ ප්‍රශ්න ජාලයක පැටලිලා හිටියේ... දන්නේ නැද්ද ඉතිං පවුල් ප්‍රශ්න දුරදිග ගිහින් මම මගේ ෆෝන් එක ඡතධජඬ කරලා හිටියේ. ප්‍රශ්නේ ඉවර නැහැ. ඒත් ෆෝන් එක දැන් වැඩ...”

ඔහුගේ පවුලේ ප්‍රශ්නය කුමක්ද? යන්න මා නොවිමසුවේ පවුලේ ප්‍රශ්න පවුල ඇතුළේම විසඳා ගත යුතු බවත් ඊට පිටස්තර පාර්ශ්ව මැදිහත් වීම නොවිය යුතුයි යන්න මා තරයේ විශ්වාස කරන බැවිනි.ප්‍රේම සම්බන්ධයකින් හෝ මංගල යෝජනාවකින් හෝ විවාහ වන මේ කොයි කාටත් කාලයාගේ ඇවෑමෙන් විවිධ ආකාරයේ පවුල් ප්‍රශ්න ඇති වන බව අපට නිතර අසන්නට දකින්නට ලැබෙන තත්ත්වයකි.

සමහර පිරිමි/ගැහැනු විවාහ වන විට දිළිඳු... ආර්ථිකය සවිමත් නොවන.... නිලතල අහිමි සාමාන්‍ය තත්ත්වයේ පසු වූවෝ විය හැක.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් නිලතල ලැබෙන, විට ආර්ථිකය සවිමත් වන විට... ජනප්‍රිය වන විට, උසස් සමාජ ඇසුර ලබන විට සැමියාට බිරිය ගැළපෙන තරම මදි වෙයි. සමහර බිරින්දෑවරුන්ට ද එසේම ය.

දරුමල්ලෝ ලබලා ගෙදර දොරේ විවිධ ප්‍රශ්න එන විට බොහෝ පවුල්වල දෙන්නා දෙමහල්ලන් ඒ ප්‍රශ්න දුර දිග නොගොස් විසඳා ගැනීමට එකතු වනවා වෙනුවට සිද්ධ වන්නේ විරසකවීම්ය. දෙන්නට දෙන්නා වැරදි කියමින්... වැරදි කරමින් ප්‍රතික්ෂේප කිරීම ය. එකම වහලක් යට එකට සිටිය ද සිතින් දෙන්නා දෙතැනක ය.විවෘතව කතා බහ කරමින් ප්‍රශ්නය දුරදිග යාම වළක්වා ගනු වෙනුවට අවසානයේ ප්‍රශ්නය ගෙන යන්නේ උසාවියට ය.

දෙවියන් ඉදිරියේ වෙන් නොවන්නට එක් වූ ආදරණීයන් එකිනෙකාට චෝදනා කරමින් විත්තිකරුවන් පැමිණිලිකරුවන් වී අවසානයේ මල් වැනි පුංචි දරුවෝ අතරමං කොට.... අසරණ කොට ඔවුනොවුන් වෙන්වෙති.

මොහොතකටවත් සිතුවාද? මෙලොව ඇති අති උතුම් මවු පදවිය, පිය පදවිය මා හට උරුම කළ නොදරුවන් නොවේද මේ අත හැර යන්නේ බව.

පවුලේ ප්‍රශ්නය දුරදිග ගොස් නතර වන්නේ පුංචි හිත්වලට දරාගත නොහැකි දුකක්... වේදනාවක්... තනිකමක්.... අසරණකමක් උරුම කරවමිනි. මවු කෙනකු දරුවකු දමා ගියත් පියකු දරුවන් අතහැර ගියත් දෙදෙනාටම ලැබෙන ආනිසංස එකමය. කවුරු වරද කළත්... ගහ බැණ ගත්තත් දරුවන්ට අම්මත් තාත්තාත් ගැන වරදක් දැනෙන්නේ නැත. දරුවා අම්මාටත් ආදරෙයි. තාත්තාටත් ආදරෙයි. දරුවන්ගේ ලෝකයේ රජ්ජුරුවෝ ‘තාත්තා’ ය. රැජිණ ‘අම්මා’ ය. ඔවුන් දන්නේ එපමණය.විශේෂයෙන් වර්තමාන සමාජය තුළ අම්මා තාත්තා දෙදෙනාගේම ආරක්ෂාව රැකවරණය තුළත් දරුවන් අනාරක්ෂිත නම්, එක් අයෙකු ඇසුරේ හැඳී වැඩෙන දරුවකුට ලැබෙන ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය හැකිද?

මොන ප්‍රශ්න තිබුණත් දරුවෝ දාලා නම් යන්න එපා. වෙන්වන්නට පෙර මේ ගැන ආදරයෙන් හිතල බලන්න.

දුවෙකුට වුණත් පුතෙකුට වුණත් පුංචි වුණත්... ලොකු වුණත් ඔහු හෝ ඇය අපට දරුවන් ය. ඔවුන් නිවැරැදි ලෙස සමාජගත වන්නට නම් අම්මා ගේ ආදරයත්, තාත්තාගේ ශක්තියත් එක හා සමානව ලැබිය යුතු යි. මේ දෙදෙනාගෙන් එක් අයකු වූ හෝ අහිමි වුවහොත් මොන තරම් සැප සම්පතින් ආඪ්‍ය වුවත් ජීවිතය සම්පූර්ණ වීමක් බලාපොරොත්තු විය නොහැක.

මාපියන් දික්කසාද වීමෙන් පළිගන්නේ ඔවුනොවුන්ගෙන් නොවේ. දෙදෙනාම සෘජුවම පළිගන්නේ දරුවන්ගෙනි. රිදවන්නේ දරුවන්ටය.

අම්මලා තාත්තලාගේ හිත්වල මොන ප්‍රශ්න තිබුණත් ඒ දේවල් දරුවන්ට දැනෙන්න ඉඩ තබන්න එපා. එවගේ ම පවුලේ ප්‍රශ්න විශේෂයෙන් ම විරුද්ධ ලිංගිකයන්ට පැවැසීමට යාම අතිශය භයානකය. විශේෂයෙන් ගැහැනු අපි.

අවස්ථාව පැමිණි කල සමහර පුරුෂ පාර්ශ්වය සිතැඟි ඉෂ්ට කර ගැනීමට නොහැකි වූ විට ස්ත්‍රිය ගේ ගෞරවයට හානි වන ලෙස තමා කියූ ප්‍රශ්නයම පාවිච්චි කිරීමට ඉඩ ඇත.

ඔබ ඔබටත් නොදැනීම ඡතචජඬථචඪත විය හැකියි. එවිට සිදුවන්නේ කබලෙන් ළිපට වැටීමකි.

ගැහැනු හෝ වේවා පිරිමි හෝ වේවා මේ කාටත් ප්‍රශ්න නැති ජීවිත නොමැත.

තමන්ගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න අනුන්ට කීමෙන් විසදුම් ලැබීම නිශ්ඵල ක්‍රියාවකි. සමහර විට ඒ නිසාම ප්‍රශ්නය අවුලෙන් අවුලට පත්වී ලිහා ගන්නට බැරි තරමට ම පැටලෙන්නට බැරි නැත.

ප්‍රශ්න හිතේ හිර කරගෙන සිටීම ද සෞඛ්‍ය අතින් බලන කල ජීවිතයට තර්ජනයකි.

එනිසා අපි විකල්ප ක්‍රම ගැන සිතිය යුතුය.

ඔබට ප්‍රශ්නයක් පැන නැඟුණු විට එය හිස් කඩදාසියක ලියන්න. පසුව එය පුච්චා දමන්න. නාන කාමරයට ගොස් හිතේ දුක නිවෙන තුරා කෑ ගසමින් හඬමින් පිට කර හරින්න. එවිට ඔබේ සිත තරමක් නිදහස් වනු ඇත.

ඒවගේ ම තමන් අදහන ආගමක පිහිට පතන්න. වෙනදාට වඩා පන්සලට, පල්ලියට, කෝවිලට යන්න. විවේකීව ගත කරන්න. භාවනා කරන්න. හිත සුවපත් කරවන ගීපදයකට සවන් දෙන්න.

බණ දහම් ශ්‍රවණය කරන්න. පොත පතට නැඹුරුවන්න. ඔබ රැකියාවක නිරතවන්නේ නම් වෙනදාට වඩා ක්‍රියාශිලීව වැඩ කරන්න. ගෘහණියක් නම් ඔබත් වැඩි වැඩියෙන් වැඩවල නියැළෙන්න. වෙනදාට වඩා දරුවන්ට සමීප වන්න.

ඔවුන් ගේ ආදරයෙන් හිත පුරෝගන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන වෙනදාට වඩා උන්නදු වන්න. විවිධ කෑම බීම අත්හදා බලන්න. වෙනදාට වඩා ගෙවත්ත සමඟ ගනුදෙනු කරන්න. මල් වවන්න, එළවළු වවන්න. හිතට දුක දැනෙන කිසිවක් හිතන්නට ඉඩ නොතබාම ඔබ ක්‍රියාශීලී වන්න.

එවිට ඔබටත් නොදැනීම කාලය ඔබගේ ප්‍රශ්නයට විසඳුම ලබා දේවි.

198 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න