තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 04, සඳුදා 12:17

ඉංග්‍රීසි නත්තල් කේක් විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
මේ රසවත් කේක් එක අපි හඳුන්වන්නේ ඉංග්‍රීසි නත්තල් කේක් කියලයි. අයිරිස් ජාතිකයන් හදන මේ කේක් එකේ විශේෂත්වය වන්නේ මෙයට රුලං වෙනුවට පිටි භාවිත කිරීමයි.

 

ඒනිසාම මේ කේක් එක ආමන්ඩ් පේස්ට් යොදා අලංකාර කරන නත්තල් කේක්වලින් වෙනස් වේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

දුඹුරු සීනි ග්‍රෑම් 250 ක්

පිටි ග්‍රෑම් 200 ක්

බටර් ග්‍රෑම් 200 ක්

ආමන්ඩ් පිටි ග්‍රෑම් 50 ක්

දොඩම් ගෙඩි බාගෙක යුෂ

ග්‍රේට් කරගත් දොඩම් සහ ලෙමන් පොතු

 

 

 

ජෑම් මේස හැඳි 2 ක්

මී පැණි මේස හැඳි1 ක්

බිත්තර 5 ක්

රේසින්ස් ග්‍රෑම් 100 ක්

සුල්තානා ග්‍රෑම් 100 ක්

කජු ග්‍රෑම් 100 ක්

ඉඟුරු දෝසි ග්‍රෑම් 50 ක්

චෙරි ග්‍රෑම් 60 ක්

කැනිඩිඩ් ෆෘට් ග්‍රෑම් 60 ක්

Cranberries  50 ක් (තියෙනවා නම්)

ඔයාලට පුළුවන් කැනිඩිඩ් ෆෘට් සදහා පුහුල් දෝසි, චව් චව් හෝ අපේ රටේ තිබෙන සොයාගත හැකි දේවල් ගන්න

මික්ස්ඩ් ෆෘට් ග්‍රෑම් 250 ක්

(මේ සඳහා ඉඟුරු දෝසි හැර ඉහත ගත්ත හැම පලතුරක්ම කලවමට ගන්න, ඒ හැම පලතුරු ප්‍රමාණයක්ම ගෙන ඊට අමතරව තමයි වෙනම කලවමට මික්සඩ් ෆෘට් ග්‍රෑම් 250 ගන්න ඕනේ )

බ්‍රැන්ඩි මිලිලීටර් 35 ක්

වැනිලා තේ හැඳි 2 ක්

ආමන්ඩ් එසන්ස් තේ හැඳි 2 ක්

කුරුඳු කුඩු තේ හැඳි1/4 ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/4 ක්

 

සාදන ක්‍රමය

 

සියලුම වියළි පලතුරු සිහින්ව කපා බ්‍රැන්ඩි , දොඩම් යුෂ, දොඩම් සහ ලෙමන් පොතු, මී පැණි, ජෑම්, වැනිලා, ආමන්ඩ් එසන්ස් එකතු කර හොඳින් කලවම් කර පැය 2 ක් තබන්න. බටර් සහ සීනි එකතු කර හොඳින් බීට් කරන්න. එයටම බිත්තර එක බැගින් එක්කර ක්‍රීම් එකක් වගේ වනතුරු බීට් කරන්න. පිටි හා ආමන්ඩ් පිටි, කුරුඳු කුඩු, සාදික්කා කුඩු කලවම් කරන්න.

දැන් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් කලවම් කරන්න. එයට සකසාගත් පලතුරු එකතු කර හොඳින් කලවම් කරන්න .

කිලෝ 1 තැටියක් ගෙන එයට බේකිං පේපර් 2 ක් දමා සකස් කරගන්න. එය මත කේක් මිශ්‍රණය අතුරා සෙල්සියස් අංශක 130 ක උෂ්ණත්වයෙන් පැය 2 ත් 2 1/2 අතර කාලයක් බේක් කරගන්න.

(කේක් එකේ සුවඳත් වෙලාවත් ගතවූ පසු ටුත් පික් එකක් මගින් බේක් වෙලා ද කියලා බලන්න. එක එක අවන්වල උෂ්ණත්වය අඩුවැඩි වෙන්නත් පුළුවන් එනිසා මේ වෙලාව අතරතුර බලන්න. ටුත් පික් එක පිරිසුදුව ආවොත් කේක් එක හොඳින් බේක් වෙලා )

 

බේක් වුණාට පසු ටුත් පික් එකක් හෝ බාබක්‍යු ස්ටික් එකක් මගින් හිල් යොදා බ්‍රැන්ඩි කෝප්ප කාලක් ගෙන බ්‍රෂ් එකකින් කේක් එක පුරාම ගාන්න. මෙය නිවුණු පසු හොඳින් ඔතා රැයක් තියන්න. දින කිහිපයක් පරණ වූ විට රස වැඩියි. පිළිගන්වද්දී ඔබට අයිසිං සීනි ඉස පිළිගන්වන්න පුළුවන්. එලෙස පිළිගන්වන ආකාරය ද අප ඡායාරූපය මඟින් දක්වා ඇත.

 

හැමදාමත් වගේ මේ රසම රස රහස් ඔබට කියාදෙන්නේ ඉතාලියේ පර්මා නගරයේ පදිංචි සූපවේදිනී

ජනනී ගුරුසිංහයි

401 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 04, සඳුදා 12:18
අදහස් එක් කිරීමට ලොග් වෙන්න