තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 04, සඳුදා 13:22

ඇස් යට කළු වෙලානම් අන්ඩර් අයි ක්‍රීම් හොඳ විසඳුමක්

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
ඇස්යට කළු වෙලානම් අන්ඩර් අයික්‍රීම් එකක් භාවිත කිරීම එය මඟහරවා ගන්නට හොඳම විසඳුමක්. නමුත් ඇස් යට කළු වීමට හේතුවන තත්ත්වයන්ගෙන් මිදීමට සැලකිලිමත් නොවන්නේ නම් දිගින් දිගටම එම ගැටලුවත් සමඟ පීඩා විඳින්නට සිදුවන බවත් දැනසිටීම වැදගත්.

 

මේ නිසා අප අන්ඩර් අයික්‍රීම් ගැන කතා කිරීමට කලින් ඇස්යට කළුවීමට බලපාන්නේ කුමන හේතුවක්ද යන්න විමසා බලමු.

ඔබ නිතර මානසික පීඩාවෙන් සිටින අයෙකුනම්, නින්ද අඩු නම්, පමණට වඩා ඇස් විඩාපත් වන්නේ නම්, එක දිගට පරිගනක භාවිතයේ යෙදී සිටිනවා නම්, ප්‍රමිතියක් නැති බාල වර්ගයේ අයි මේක්අප් භාවිත කිරීම හෝ ප්‍රමිතියක් නැති අව්කණ්ණාඩි භාවිතය ආදියෙන් ඇස් යට කළුවීම සිදුවන්නට පුළුවනි.

ඇස්යට කළුවීමේ තත්ත්වයට ප්‍රතිකර්ම අනුගමනය කිරීම අවශ්‍යයි. මෙහිදී මේ සඳහා යොදාගතහැකි ක්‍රීම් වර්ග දෙකක් තිබෙයි. මේවා සැලකෙන්නේ අන්ඩර් අයික්‍රීම් ලෙසයි. එමෙන්ම මෙහිදී රෑට සහ දවාලට භාවිත කරන ක්‍රීම් වර්ග දෙකක් තිබෙනවා. ඒ නයිට් ක්‍රීම් සහ ඩේ ක්‍රීම් වශයෙන්. ඩේ ක්‍රීම් එකකින් ලැබෙන්නේ ආරක්ෂාවක්. උදා- නිතර පරිගනකය සමඟ කටයුතු කරන්නේ නම් ඉර්‍ථජ් අගය තිබෙන ඩේ ක්‍රීම් එකක් ගෑමෙන් ඇස්යට කළුවීම වළක්වා ගන්න පුළුවන්. එමෙන්ම පරිඝනකය නිසා වන හානිය අවම කරගැන්මට ද හැකියාව තිබෙයි.

අනෙක් කරුණ නම් මොනයම් හේතුවක් නිසා හෝ ඇස්යට කළු වී තිබෙනවා නම් අපට නයිට් ක්‍රීම් එකක් භාවිත කරන්නට පුළුවන්. අප හිතමු ඔබේ ඇස්යටත් කළු වෙලා. ඔබ එසේ තිබියදී පරිගනකය සමගත් කටයුතු කරනවා. එහෙමනම් ඔබට ඉහත කී ක්‍රීම් වර්ග දෙකම පාවිච්චි කරන්නට සිදුවනවා. හේතුව ඇස් යට කළු ස්වභාවය මගහරවා ගන්නට නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කළ යුතුවීමයි. එමෙන්ම පරිගනකය හා කටයුතු කිරීමේ ආරක්ෂිත වීමට ඩේ ක්‍රීම් එකක් පාවිච්චි කිරීමට අවශ්‍ය වන නිසයි.

ඇස්යට ආලේපන ගැල්විය යුත්තේ හරිම ප්‍රවේසමෙන්. මතක තබාගන්න ඇස් යට ආලේපන තවරන විට ඉතාමත් ප්‍රවේසම් සහිතව එය කළ යුතු බව. හේතුව අපේ ඇස පිහිටලා තිබෙන්නේ කුහරයක් තුළයි. ඇස වටා තිබෙන්නේ ඉතාමත් සියුම් සමයි. ඇස තදින් තෙරපෙන ආකාරයට ආලේපන ගැල්වීමට ගියහොත් ඇස ගිලා බැසීමකට ලක්වන්නට පුළුවන්. එය ඇස් යට කළුවීමට වඩා අවලස්සන පෙනුමක් ගෙන දිය හැකියි.

එමනිසා ඇසයට ආලේපන ගැල්වීමේදී අප ඔබට නිතර පවසන දෙයක් නම් ඉතාමත් ප්‍රවේසමෙන් ඇසට වැඩි පීඩනයක් තෙරපීමක් ගෙන නොදෙන ආකාරයට ආලේපන ගැල්වීමට සැලකිලිමත් වන ලෙසයි.

ඇස වටා ආලේපන ගැල්වීම සඳහා අඩුම පීඩනයක් ඇති හතරවැනි ඇඟිල්ල යොදා ගැනීම වඩා සුදුසුයි. එයට ක්‍රීම් එක ගෙන මෘදු ලෙස පිරිමැදීම කළ යුතුයි.

මෙහිදී උඩ බලන ඉදියව්වෙන් ඇස තබාගෙන ඇසට පහළින් ක්‍රීම් එක තිත් ආකාරයට තබන්න.

ඉන්පසු ඉතා සියුම් ලෙස කවාකාරව පිරිමදින්න. (අත තදකර පිරිමදින්නට එපා)

ඉන්පසු ඇහිබැමි ඇඟිලි තුඩුවලින් තෙරපන්න. මීළඟට දෙඅත් එකට පිරිමැද අත්ලෙන් ඇස් දෙක වසාගෙන තප්පර 30 ක් පමණ ඉන්න. මෙහිදී දෙඅත්ලේ උණුසුම් බව දෙනෙතට දැනෙන අතර තැවරූ ආලේපන හොඳින් සමට උරාගැනීමක් ද සිදුවෙයි.

ඇස් සඳහා ආලේපන තෝරා ගන්නා විට ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු දෙයක් තිබෙනවා. එනම් ප්‍රමිතියක් නැති බාල වර්ගයේ ආලේපන භාවිත කිරීමෙන් වැලකීමයි. හේතුව බොහෝවිට මෙම වැරැදි ආලේපන ඇස් යට දුර්වර්ණ බවක් ගෙන දීමට හේතුවන නිසයි.

ඇස්යට කළු පැහැය ඉවත්කරලීමට පහසුවෙන්ම තමන්ටම සකස් කරගත හැකි ආලේපනයක් දැන් ඔබට කියන්නම්. මේ සඳහා අවශ්‍ය වන්නේ,

ආමන්ඩ් ඔයිල් බිංදු කීපයක්

අර්තාපල් ඉස්ම බිංදු කීපයක් (අර්තාපල් ඉස්ම ගැනීම සඳහා අර්තාපල් හොඳින් සෝදා කපාගන්න. එය තළා පිරිසුදු රෙදි කඩක දවටා මිරිකා යුෂ ලබාගන්න.)

පිපිඤ්ඤා යුෂ එළකිරි ටිකක්

මේ සියල්ල මඳ ප්‍රමාණයන්ගෙන් ගෙන එකට එක්කර මිශ්‍රණයක් ලෙස සාදා ඇස් වටා තවරා සෙමෙන් පිරිමදින්න. මෙම ප්‍රතිකර්මය අනුගමනය කරනවිට ටික කලකින් ඇස් යට කළු පැහැය ඉවත් කරගන්නට ඔබට හැකිවේවි.

 

 

උපදෙස්-ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්වීනිතා කොතලාවල

සැලෝන්  Swini 

 

 

 

 

360 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 04, සඳුදා 13:23
අදහස් එක් කිරීමට ලොග් වෙන්න