තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 18, සඳුදා 12:38

ධනවත් වීමට අවශ්‍ය නම් මාසික වැටුපක් ලබන රැකියාවකට නොයන්න

Written by 
අගයන්න
(0 මනාප)
තරුණි වෙතින්ම පමණක් ඔබ වෙත තිළිණ කරන ඊධ ඡඥ ඵභජජඥඵඵටභත විශේෂාංගයෙන් අප සිතූ පැතූ දේ ලබාදෙන අප තුළ සිටින විස්මිත මෙහෙකරුවා පිළිබඳ ඔබව දැනුවත් කළා මතක ඇති. එහිදී අපි මෙම විස්මිත මෙහෙකරුවා හෙවත් අපගේ යටි සිතේ ඇති අසීමිත බලය පිළිබඳත් එයින් වැඩ ගන්නා ආකාරය පිළිබඳත් තරමක් දුරට සාකච්ඡා කරන්නට යෙදුණි.

 

සාර්ථකත්වය ගැන කතා කිරීමේදී ඒ හා ගහට පොත්ත මෙන් බැඳී තිබෙන දෙයක් තමයි ධනවත් බව. අප හැමෝම කැමැතියි ධනවත් වෙන්න. කිසියම් කෙනෙක් එසේ නොවේ යැයි පැවසුවහොත් එය මුසාවකි. අද සමාජයේ ජීවත්වන සියලුදෙනා පාහේ ධනවත් වීමේ අභිලාෂයෙන් විවිධ වූ ක්‍රියාකාරකම්වල නිරතවනු දක්නට ලැබේ. ඉන් සමහරෙක් හිතකර වූ ක්‍රියාකාරකම්වල නිරතවන අතර, තවත් පිරිසක් තමන්ට මෙන්ම සමාජයට ද අවැඩකදායක ක්‍රියාකාරකම්වල නිරතවීම සුලබ දසුනකි. මේ කොයිහැටි වෙතත් ඔබටත් ධනවත් වීමට අවශ්‍ය නම් ඔබ, ඔබගේ ඇතුළාන්තයට එබී බැලිය යුතුයි. එනම් ඒ සඳහා ඔබගේ යටි සිතේ වන අසීමිත හැකියාව යොදාගත හැකියි. නමුත්, බහුතරයක් දෙනා ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් නොමැති හෙයින් කිසිදා ධනවත් වීමට නොහැකිව කල් ගෙවති. ලෝකයේ සිටින බොහොමයක් කෝටිපතියන් දෙස අවධානය යොමු කිරීමේදී ප්‍රත්‍යක්ෂ වන කාරණයක් වන්නේ ඔවුන් ඒ තත්ත්වයට පත් වී සිටින්නේ තමන් තුළ සැඟවී ඇති අසීමිත ශක්තිය හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් බවයි.

ධනවත් වෙන්න හේතු

 

ඉතිං අද අපි බලමු ධනවතුන් සැමදා තව තවත් ධනවතුන් වීමටත්, දුප්පතුන් සැමදා දුප්පතුන් ලෙසම සිටීමටත්, හේතුවන කරුණු කාරණා මොනවාද කියලා. ඇත්තටම මේ සඳහා බලපාන්නේ අන් කිසිවක් නොව ඔවුන් විසින් සිදු කරනු ලබන ඔවුන්ගේම ක්‍රියා කලාපයන් බව පැහැදිලි වේ.

දුප්පත් මිනිස්සු නිතරම බලන්නේ මාසෙ අන්තිමට ස්ථාවර වැටුපක් ලබන රැකියාවක් කිරීමටය. ඔවුන් කිසිවිටෙකත් අවදානම් දැරීමට ඉදිරිපත් නොවේ. ඔවුන් නිතරම ඇඟිලි ගනිමින් සිටින්නේ තමන්ගේ වැටුප් ලබන දිනය පැමිණෙන තුරුය. නමුත්, ඔවුන් ලබන වැටුප ඔවුන්ගේ ජීවිතය යාන්තමින් ගැටගසා ගැනීමට පමණක් ප්‍රමාණවත් වේ.

ඔවුන්ට ඉතිරියක් ගැන සිතීමටවත් අවස්ථාවක් උදා නොවේ. එබැවින් අනාගත ආයෝජන අවස්ථා ඔවුන්ගෙන් මඟ හැරී යන්නේ ඔවුන්ටත් නොදැනීමයි.

මේ හේතුවෙන් මූල්‍ය සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවට ද මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. තවද දුප්පතුන්ට ඔවුන් ලබන මාසික වැටුප වෙනුවෙන් දිවා නොබලා තම කාලය හා ශ්‍රමය කැප කිරීමට සිදු වේ.

එහිදී ඔවුන් කැප කරන්නේ තමන්ට ධනවත් වීමට ඇති හැකියාවයි. තවද දුප්පතුන් කිසිම දෙයක් ගැන විශ්වාස නොකරයි. එබැවින් ඔවුන් නිතරම සුරක්ෂිතතාව ගැන බලාපොරොත්තු තබයි. මේ හේතුවෙන් ධනවත් භාවය ඔවුන්ගෙන් පලා යයි.

තමන් කෙරෙහි විශ්වාසය

 

නමුත්, ධනවතුන් අනුගමනය කරන්නේ මීට හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාමාර්ගයකි. ඔවුන් මාසිකව වැටුප් ලබන රැකියාවක් නොකරයි. ඔවුන් නිතරම තමන් කෙරෙහි, තමන්ගේ වටිනාකම් කෙරෙහි මෙන්ම තමන් සතු ශක්තිය කෙරෙහි විශ්වාසය තබයි. ඔවුන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරයි. ඒ තුළින් ලබන ආදායම ඔවුන්ගේ ලාභයයි. නමුත්, එම ලාභය ලබන නිශ්චිත දිනයක් නැත. එනම් එය අවදානම් සහිත ක්‍රියාවලියකි. අවදානම වැඩිවන තරමට ලැබෙන ලාභය ද අධික වේ. තවද ඔවුන් තමන් ලබන ලාභයෙන් කොටසක් විවිධ වූ ලාභ ලබන ව්‍යාපෘතිවල ආයෝජනය කරයි. ඔවුන් එයින් ද ආදායම් ලබයි. එබැවින් ධනවතුන් ආදායම් ලබන්නේ එක් මාර්ගයකින් පමණක් නොවේ. විවිධ වූ මාර්ග ගණනාවකින් ඔවුන් ආදයම් ලබයි. මේවා සක්‍රීය මෙන්ම අක්‍රීය ගණයේ ඒවා විය හැකියි.

මාසික වැටුප

 

දුප්පත් මිනිස්සු කාලයට අනුව වැටුප් ලැබීමට කැමැතිය. නමුත් කාලය යනු දිගු කළ හැකි දෙයක් නොවේ. එනම් දිනකට වැඩ කිරීමට ඇති පැය ගණන කිසිසේත්ම වැඩි කරගත නොහැකියි. එබැවින් කාලයට අනුව වැටුප් ලැබීමට කැමැති වීමෙන් දුප්පතුන් කරන්නේ තමන් විසින්ම තමන්ගේ ඉපැයිම්වලට සීමාවක් පනවා ගැනීමයි. එවිට ඔවුන් දුප්පතුන් වීම අරුමයක් නොවේ. මේ සඳහා කදිම උදාහරණයක් ඊ ඩචපම ඡ්ඬඥප නමැති අමෙරිකන් ජාතික ව්‍යාපාරිකයා විසින් රචිත ඉඥජපඥබඵ ධට බඩඥ ර්ඪතතඪධදචඪපඥ ර්ඪදඤ කෘතියේ සඳහන් වේ. එය ඔහුගේම වචනයෙන් පැවසුවහොත් මෙසේය. “මගේ ව්‍යාපාරයේ මාධ්‍ය කටයුතු සඳහා එක් අයකුගේ සේවාව ලබා ගැනීමට මට අවශ්‍ය විය. ඒ සඳහා එක් කාන්තාවක් ඉදිරිපත් වූ අතර, ඇය මසකට ඩොලර් 4000 ක් ඉල්ලා සිටියාය. නමුත්, කාලයට අනුව වැටුප් ගෙවීමට නොහැකි බව මම කියා සිටියෙමි. තවද ඇයගේ කටයුතුවල සාර්ථකභාවය මත ගෙවීමට සූදානම් බවත්, එය ඇය ඉල්ලා සිටි මුදල මෙන් දෙගුණයකට වැඩි ප්‍රමාණයක් විය හැකි බවත් මම ඇයට කියා සිටියෙමි. ඇය එයට කැමැති වූයේ නැත.” මින් අපට පැහැදිලි වන්නේ ඇය තමන්ගේ වටිනාකම් කෙරෙහි, තමන් සතු ශක්තිය කෙරෙහි විශ්වාස කර නොමැති බවයි. එනම් ඇය සතුව ධනවතකු සතු ලක්ෂණ නොමැති බවයි.

අත්හැරීම

 

නමුත්, ධනවතුන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ඔහුගේ එම කෘතියෙහිම අඩංගු තවත් උදාහරණයක් ගෙනහැර දක්වන්නම්. “මගේ සම්මන්ත්‍රණවලට සහභාගි වූ සෝන් නීටා කලින් කළේ වැටුප් ලබන රැකියාවකි. ධනවත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අඛණ්ඩ අවබෝධයක් ලත් විගස, ඔහු රැකියාවෙන් ඉවත්ව නිවාස මිලදී ගෙන විකිණීමේ ව්‍යාපාරයකට අත ගැසීය. ඔහු ලද මාසික වැටුප වන ඩොලර් 10000 ක මුදල ඩොලර් 60000 ක් දක්වා ඉහළ නංවා ගැනීමට කෙටි කලකදි ඔහුට හැකි වී ඇත.”

එබැවින් ඔබටත් ධනවත් වීමට අවශ්‍ය නම් මාසික වැටුපක් ලබන රැකියාවකට නොයන්න. ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඔබ ධනවත් වනවා නිසැකය. ඔබට ජය නියතයි.

 

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2221 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න