තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 08, සඳුදා 12:59

ඔබේ සමත්කම් සඟවා නො ගෙන ලොවට හඳුන්වා දෙන්න

Written by 
අගයන්න
(0 මනාප)
 ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට අත්වැලක් සපයන To Be Successful  විශේෂාංගයෙන් අපි අද තවත් කතාබහකට පිවිසෙමු. සාර්ථකත්‍වය ගැන කතා කරද්දී අපි නිතරම සාකච්ඡාවට බඳුන් කරන දෙයක් වන්නේ අප සතු හැකියාවන් ය.

 

ඇත්තෙන්ම මෙලොව එළිය දකින අප සැම තුළම අසීමිත වූ හැකියාවන් සමූහයක් පවතී. තවත් ලෙසකින් පැවසුවහොත් මිනිසා යනු ශක්තීන් ගොඩක එකතුවකි. එහෙත් එම ශක්තීන් හරිහැටි අවබෝධ කරගන්නේ අතළොස්සකි.

තුන් ආකාරයක මිනිසුන්

 

වර්තමාන සමාජය දෙස බලද්දී අප හට තුන් ආකාරයක මිනිසුන් දක්නට ලැබේ. ඉන් එක් කණ්ඩායමක් වන්නේ තමන්ගේ හැකියාවන් හඳුනා නොගත් අයයි. ඔවුන් තමන් සතු හැකියාවන් හඳුනා ගන්නවා තබා එවන් වූ හැකියාවන් තමන් තුළ තිබෙනවා ද කියාවත් නොදනී. තවත් පිරිසක් තමන් සතු හැකියාවන් මනාව හඳුනාගෙන සිටිනවා. නමුත්, ඔවුන් සිටින්නේ එම හැකියාවන් සඟවාගෙනයි. තෙවැනි කණ්ඩායම මෙම අනෙක් කණ්ඩායම් දෙකටම වඩා වෙනස්. ඔවුන් තමන් සතු හැකියාවන් හඳුනාගෙන එම හැකියාවන් ලෝකයට හඳුන්වා දෙනවා. එපමණක් නොවෙයි තමන් සතු එම හැකියාවන් ගෙන් තමාටත්, මුළු සමාජයටත් විශාල සේවයක් කරනවා.

ජෝන් මේස්ෆීල්ඩ්ගේ කතාව

 

මේ සඳහා කදිම උදාහරණයක් ලෝකප‍‍්‍රකට මනෝ වෛද්‍යවරයකු වූ ආචාර්ය නෝමන් වින්සන්ට් පීල් විසින් රචිත ඊඩඥ ඒථචලඪදඨ අඥඵභතබඵ ර්‍ණට ර්‍ථධඵඪබඪමඥ ඊඩඪදඬඪදඨ නමැති කෘතියේ සඳහන් වේ. දැන් අපි එම කතාව දෙසට හැරෙමු. එය පීල් මහතාම පවසන පරිදි මෙසේය. ජෝන් මේස්ෆීල්ඩ් මහතා දක්‍ෂ ගීත රචකයෙකි. නමුත්, ඔහුගේ එම දක්‍ෂතාව තමාම හඳුන්වාදෙන තුරු ඔහු දැන සිටියේ නැත. ඔහු ලියූ මවකගේ ආදරය ර්ධබඩඥප’ඵ ඹ්ධමඥ ගීතය ජනප‍‍්‍රිය වීමත් සමඟම ඔහු ගැන කා අතරත් කතා බහට ලක්විය. කෙසේ වෙතත් ඔහු විසින් ලියන ලද අනෙකුත් ගීත කිහිපයක්ම අසාර්ථක විය. මෙයින් පසුබෑමකට ලක්වූ ජෝන් ගීත රචනා කිරීම අත්හැර දැමුවේය. දිනක් මම ඔහු හමුවූ විටෙක ඔහුගේ මෙම පසුබෑමට ලක්වීම පිළිබඳ සාකච්ඡා කළෙමි.

”ජෝන් මහත්තයා ඔබේ ‘මවකගේ ආදරය’ ගීතය බෙහෙවින් ජනප‍‍්‍රිය වුණා. ඒ ගීතය නිසාම ඔබට කොතරම් රසිකයන් පිරිසක් ආදරය කළාද? ඒත් දැන් ඔබ නිහඬයි, ඇයි ඔබ නැවතත් ඔවුන් අතරට නොයන්නේ.” මම ඔහුගෙන් ඇසුවෙමි. එවිට ඔහුගේ පිළිතුර වූයේ,

”එක ගීතයක් ජනප‍‍්‍රිය වූ පමණින් මා ශ්‍රේෂ්ඨයකු යැයි කියන්නේ කොහොමද? මා ඒ කාර්යය සඳහා වටිනා පුද්ගලයෙක් නොවෙයි. දැන් ජනප‍‍්‍රිය ගීත බොහොමයක් තියෙනවා. ඒවාට ප‍‍්‍රිය කරන අය ද බොහොමයක් ඉන්නවා. ‘මවකගේ ආදරය’ ගීයෙන් පසු මා ලියූ ගීත බොහොමයක්ම අසාර්ථක වුණා. ඉතිං මා අදහස් කළා මට නොහැකි දේවල් කෙරේ එතරම් වෙහෙස නොවී සිටීමට.”

 

වැරැදි අවබෝධය

 

ජොන් මේස්ෆීල්ඩ් මහතා සිතා සිටින අයුරු කොතරම් වැරැදි සහගත වූවක්ද? ඔහුගේ පළමු ගීතය ජනප‍‍්‍රිය වීම ඔහු තුළ ලේඛන හැකියාව සැඟව ඇති බවට හොඳම සාක්‍ෂියයි. එහෙත් ඔහුගේ දෙවැනි හා තෙවැනි ගීවල අසාර්ථකත්‍වය තුළින් ඔහු තමා කෙරේ ඇති කරගෙන ඇත්තේ වැරැදි අවබෝධයකි. මා කළේ ඔහුගේ එම වැරැදි අවබෝධයෙන් ඔහුව මුදවා ගැනීමයි.

“ජෝන් මහත්තයා හිතන විදිහට මා එකඟ වන්නේ නෑ. වරක් පැරදුණු විට දෙවැනි වර උත්සාහයකින් තොරව නිහඩවීම සුදුසු ක‍‍්‍රියාවක් නොවෙයි. මා කියනවාට කරුණාකර යළිත් ඔබ එම කාර්යයෙහි යෙදෙන්න. අසමාර්ථයම ඔබට සාමාර්ථයක් බවට පත් කරගත හැකියි.”

ජෝන් මහතා මා කී දෙය පිළිගන්නා බවක් මට දැකගත හැකිවිය. ටික දිනකට පසු ඔහු යළිත් මා සොයා පැමිණියේය.” ඔබ කීවා හරි, මා යළිත් වරක් උත්සාහ කර බැලූවා. මමම එම ගීත යළිත් වරක්

නිර්මාණය කළා. එහි ඇති අඩුපාඩු අවබෝධ කරගෙන, ඉතාමත් සාර්ථක ලෙස නිර්මාණය කළා. ශ්‍රේෂ්ඨයෝ කිව්වේ, ඒවා මතුවට ජනප‍‍්‍රිය වන බවයි.”

වැඩිකල් යන්නට මත්තෙන් ඔහුගේ එම ගීතය රසිකයන් අතරේ වඩාත් ජනප‍‍්‍රියත්වයට පත්වූ අතර, කාගේත් කතා බහට ලක්විය. අදටත් ඔහු ප‍‍්‍රසිද්ධ ගීත රචකයෙකි. මෙම පුංචි කතාවෙන් අපට ගතහැකි ආදර්ශය වන්නේ වරක් පරාජයට පත්වීම දෙවැනි වරටත් පරාජය වීමට හේතුවක් නොවන බවයි.

තවත් කතාවක්

 

මෙය තව දුරටත් පැහැදිලි කිරීම සඳහා පීල් මහතාගේ එම කෘතියේම අඩංගු තවත් මෙවැනිම වූ පුංචි කතාවක් ඔබ හමුවේ තබන්නම්. එයත් පීල් මහතාගේම පුද්ගලික අත්දැකීමකි. එය ඔහුගේ වචනවලින්ම මෙසේය. මගේ මිත‍‍්‍රයකු සිටියි. ඔහු සතු හැකියාවන් පුදුම සහගතය. ඔහු චිත‍‍්‍ර ඇඳීමට දක්‍ෂයෙකි. ලේඛන කලාවට ද ශූරය. ගීත ගායනයට ඔබින මධුර කටහඬක් ද වේ. ඔහුගේ කාර්මික ඥානයද උසස්ය. ඔහුගේ මෝටර් රථයෙහි යම් ගැටලුවක් උද්ගත වූ විට ඔහු එය කිසිදු වියදමකින් තොරව තමා විසින්ම සකසා ගනී. ඔහු ගුවන් විදුලි යන්ත්‍රයේ දෝෂයක් ඇතිවූ විට දී ඔහු විසින්ම අලූත්වැඩියා කර ගන්නේය. දිනක් මාගේ වීඩියෝ කැමරාව ක‍‍්‍රියා විරහිත වීම නිසා මා එය කාර්මිකයකු වෙත රැගෙන යද්දී ඔහු එය මාගෙන් ඉල්ලාගෙන ගොස් පැය 24 ක් ඇතුළත එම දෝෂය නිවැරැදි කොට දුන්නේය. ඔහු තුළ මෙවැනි ආකාරයේ සහජ දක්‍ෂතා කොතෙකුත් වේ. එහෙත් ඔහු එම හැකියාවන් ගැන එතරම් සැලකිලිමත් නොවූයේය. ආර්ථික අතින් ද ඔහු එතරම් පොහොසත් නොවීය. දිනක් මම ඔහුට මෙවැනි යෝජනාවක් ගෙනාවෙමි.

හැකියාවන් ප‍‍්‍රයෝජනයට ගැනීම

 

“මිත‍‍්‍රයා මා හිතනවා ඔබේ හැකියාවන් ඵලදායීව සකස් කළ යුතුයි කියා. බලන්න, ඔබේ ලේඛන හැකියාව. ඒත් ඔබ ඇයි එයින් ප‍‍්‍රයෝජනයක් නොගන්නේ? කාර්මික ඥානය ද සුළුපටු නැහැ, මුදල් ඉපයීමට එය හොඳ මාර්ගයක්. ගායන හැකියාවෙනුත් ප‍‍්‍රයෝජන ගත හැකියි නේද? ඔබේ චිත‍‍්‍ර තුළ පුදුමාකාර අර්ථයක් ගෙන දෙනවා. විනෝදාස්වාදය සඳහා පමණක්ම එය යොදා නොගෙන ලෝකය තුළට විවෘත කළොත් මට විශ්වාසයි මේ සියල්ලෙන් ඔබට ලොකු පොහොසතෙක් විය හැකියි.”

මා යෝජනා කළ දෙයට ඔහු එතරම් උනන්දුවක් නො දැක්වුව ද මා වරින් වර කරන ලද ඇවටිල්ල නිසාම ඔහු තම හැකියාවන් ප‍‍්‍රයෝජනයට ගැනීමට යොමු වූයේය. ටික කලකදීම ඔහු ඔහුගේ කාර්මික ඥානයෙන් විශාල ව්‍යාපාරිකයෙක් බවට පත් විය. එපමණක් ද නොවේ ඔහු ජනප‍‍්‍රිය ගායකයෙකි. ඔහුගේ සිතුවම් ද සෑහෙන මිලකට අලෙවි වෙයි. ඔහු දැන් ජීවිතයේ ආර්ථික වශයෙන් මෙන්ම ජනප‍‍්‍රියත්වය තුළින් සාර්ථකත්‍වයට පැමිණි පොහොසතෙකි. නිතර ඔහු හමුවීමට නොහැකි තරම් දැන් ඔහු කාර්යබහුල පුද්ගලයෙකි. දිනක් ශ්‍රේෂ්ඨයන්ගේ හමුවක දී ඔහු මට මුණ ගැසුණේය. “මිත‍‍්‍රයා දැන් ඔබ ශ්‍රේෂ්ඨයෙක්, ඔබ ගැන නොදන්න කෙනෙක් නැති තරම්. විශේෂයෙන් ඔබ ලියන පොත් ගැන කතා කරන අය බොහෝයි. ඔබ මාගේ මිත‍‍්‍රයකු වුවත්, ඔබගේ චිත‍‍්‍රයක් මිලදී ගැනීමට මා හට වෙළෙඳපොළේ දී සෑහෙන මුදලක් වැය කිරීමට සිදුවුණා” යි මම ඔහුට කිව්වෙමි.

නිතරම උත්සාහ කරන්න

 

“මා පෙරදා මෙන් දුප්පත්ව සිටියේ නම්, මාගේ චිත‍‍්‍රයක් ඔබට නොමිලේම ලැබෙනවා නොවේද? දැන් ඔබට මා මුණ ගැසෙන්නේ කලාතුරකින්නේ. මොනවා වුණත් මේ සියල්ලෙන් මට වුණේ මම අවිවේකී පුද්ගලයෙක් බවට පත්වුණ එකයි.” යැයි ඔහු සිනාසෙමින් කිව්වේය.

එබැවින් තමන් සතු හැකියාවන් කිසි විටෙකත් සඟවාගෙන නොසිටින්න. එම හැකියාවන් තව තවත් ඔප මට්ටම් කර ගැනීමට නිතරම උත්සාහ කරන්න. ඒවා ලොවට හඳුන්වා දෙන්න. එවිට අවස්ථාවන් ඔබ සොයා පැමිණේ.

ඔබට ජය නියතයි!

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

226 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 08, සඳුදා 13:03
අදහස් එක් කිරීමට ලොග් වෙන්න