තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 09, අඟහරුවාදා 10:40

ශක්තිමත් සිතුවිල්ල ඔබ දිනවයි

ලිව්වේ  තිලක් ප්‍රෂ්ප කුමාර සේනානයක
අගයන්න
(0 මනාප)
දක්ෂතාව හා හැකියාව තිබුණත් සිතේ සිතුවිලි ශක්තිමත් නොවේ නම් ඔබට පරාජය භාර ගන්නට සිදු වේ. හැකියාව තිබුණත් සිතුවිලි දිරිමත් නොවේ නම් තරගයකදී පරාජය අත් විඳින්නට සිදුවන බව ලෝක බොක්සිං ශූරයකු වන මොහොමඩ් අලී වරෙක පවසා ඇත.

 

මැද පෙරදිග ඉතාලි හමුදාවන්ට එරෙහිව සටන් කළ ඕමාර් මුක්තා වරෙක පවසා ඇත්තේ තියුණු සැලසුම්වලින් යුතුවත් නොබිඳුණු එඩියෙන් යුතුවන් බලවත් සතුරකු පරාජය කළ හැකි බවයි. ඹ්ධඪද ධට බඩඥ ච්ඥඵඥපබ සිනමා පටයෙන් කියැවෙන්නේ ඕමාර් මුක්තාගේ කතාවයි. නොබිඳුණු එඩියෙන් යුතුව ඔහු සීමිත කණ්ඩායමකින් අති නවීන අවි දරා සිටින සතුරන් කීපවරක් අන්ත පරාජයට පත් කරන අයුරු මෙම සිනමා සිත්තමෙන් ද්වනිත වේ.

පරාජය පෙනි පෙනී තිබියදී එය ජයග්‍රහණය වෙත පෙරලූ ලොව කීර්තිමත් ක්‍රීඩකයෝ රැසක් ජගත් ප්‍රජාවගේ අවධානයට පාත්‍ර වූහ. ක්‍රීකට් ක්‍රීඩකයින් අතුරින් පාකිස්ථානයේ ජාවෙඩ් මියැන්ඩාඩ්, ලංකාවේ අරවින්ද ද සිල්වා, බටහිර ඉන්දීය කොදෙව් පිලේ බ්‍රයන්ලාරා, ක්‍රිස් ගේල් වැන්නන් පරාජය පෙනි පෙනී තිබියදී තරග දින වූ ක්‍රීඩකයෝ වූහ. මේ සඳහා ඔවුන්ගේ දක්ෂතාවය පමණක් නොව චිත්ත ධෛර්යය මෙන්ම ශක්තිමත් සිතිවිලි ද ඉවහල් වූ බව ප්‍රකට වේ.

චිත්ත ධෛර්යය මෙන්ම ශක්තිමත් සිතිවිලි ද අපෙන් තුරන් වී යනවිට අපට පරාජය උරුම වේ. පරාජය වැළඳ ගැනීමට මන්දෝත්සාහීව ක්‍රියා කිරීමෙන් පරාජය ඉතා ඉක්මනින් අප වෙත ළඟා වේ. පරාජය පමා කර ජයග්‍රහණය තෙක් අප රැගෙන යා හැකි නම් එය නිවැරදි නායකත්වයකි.

ඇමරිකාව වැනි නවීන අවි ආයුධවලින් සන්නද්ධ රටක් පරාජයට පත් කිරීමට වියට්නාමයේ වියම්කොං භටයන්ට හැකි වූයේ ඔවුන්ගේ චිත්ත ධෛර්යය නොසිඳී තිබුණු නිසාවෙනි. මෙම සටනේදී වියට්නාම වැසියන් ලක්ෂ 10 ක් ද ඇමරිකානු භටයන් 50000 ක් ද ජීවිතක්ෂයට පත් වූ අතර අවසානයේදී ඇමරිකාවට ගෙදර යාමට සිදු විය.

කාෂ්මීරයේ සටන්කාමී නායකයා මරණයට පත් කිරීමට ඉන්දීය හමුදාවට මෑතකදී හැකි වූයේ ඉන්දීය භටයන්ගේ බලවත් පරිශ්‍රමය හා චිත්ත ධෛර්යය නිසාවෙනි. ඔබ සටන අතහැර පසුබැස ගියහොත් ඔබට පරාජය අත් වේ. ඔබ පරාජය ඉදිරියේ තව තවත් ජයග්‍රහණය ලබන්නට අවස්ථාව ඇති බවට සිත තුළ ධෛර්ය ඇති කර ගතහොත් ඔබට ජයග්‍රාහී මාවත විවෘත වේ.

ඡ්ඵජචනඥ ටපධථ ඵධඡඪඡධපඥ සිනමා පටයට පාදක වන්නේ දෙවන ලෝක යුද්ධයේදී ජර්මානු සිර කඳවුරකින් මිදී පැන යන සිරකරුවන් පිරිසක් ගැනයි. ජර්මානු ගෙස්ටාපෝවේ මෙන්ම නාසි සෙබලුන්ගේ ඇස්වලට වැලි ගසා ආයුධ රහසිගතව රැස් කරන සිරකරුවෝ විවිධ ජාතින්ට අයත් වූවද එකාමෙන් යුක්ත වෙති.

පෝලන්ත, හංගේරියානු, සිරියානු, රුසියානු, ජර්මානු, යුදෙව්, නෝර්වීජියානු, ප්‍රංශ, බ්‍රිතාන්‍ය ආදී රටවලට අයත් විවිධ ජාතින්ගේන් යුත් සිරකරුවෝ දැඩි ප්‍රයන්තයක් දරා අවසානයේ සිරෙන් නිදහස් වෙති. ඔවුන් සිරගෙයින් පනින අවස්ථාවේදී කීපදෙනෙක් මිය යයි. ඡ්ඵජචනඥ ජ්පධථ ඉධඡඪඡධපඥ සිනමා පටයේ සිරකරුවන්ට නිදහස ලැබෙන්නේ ඔවුන්ගේ චිත්ත ධෛර්යය නොබිඳී තිබුණු නිසාවෙනි.

ඒ නිසා යමක් ජය ගැනීමට හැකියාව දක්ෂතාවය, බුහුටිකම පමණක් නොව චිත්ත ධෛර්යය ද ශක්තිමත් සිතුවිලි ද ඉවහල් වන බව මෙහිදී අප අවධාරණය කළ යුතුය.

ඇමරිකානු ලේඛක ජැක් ලන්ඩන් පළමුව නොලියා පුවත්පත් සඟරාවලට යැවූ හමුදා එකුදු කතාවක්වත් පළ නොවිණි. ඔහු කතා දහස් ගණනක් තැපැල් කළ ද ඒවා පළ නොවීය. එහෙත් චිත්ත ධෛර්යය මඳක්වත් අඩු නොකළ ලන්ඩන්, “කෝල්ඩ් ඔෆ්ද වයිල්ඩ්” කතාව ලියමින් සුන්දර ඇලස්කා හිම කතරේ බැක් නම් සුනඛයකු තරග වික්‍රමය ඇතුළත් කතාව පාඨකයෝ ආදරයෙන් වැළඳ ගත්හ. ඉන්පසු ලන්ඩන් සොයා ප්‍රකාශකයෝ එන්නට වූහ. අඩ සියවසකට අඩු කාලයක් ජීවත් වුවද ලන්ඩන් එම කාලය තුළ ග්‍රන්ථ 50 කට වඩා ලියා පළ කළේය. ඔහුගේ නිවෙසේ අල්මාරි පිරී තිබුණේ පොත්පත්වලිනි. ජැක් ලන්ඩන්ගේ ධෛර්යය මෙන්ම ශක්තිමත් සිතුවිලි ද ඔහුට ජයග්‍රහණය රැගෙන ආවේය.

ඒ නිසා අප කිසිදා චිත්ත ධෛර්යය අප්‍රතිහත ගත යුතු නැත. නිළියක වූ මොයිරා භාවනාව උපයෝගි කොටගෙන සිය පිළිකා රෝගය ජය ගත්තාය. ලෝකයේ ජය පිට ජය ලැබුවෝ ශක්තිමත් සිත්විලිවල පිහිටෙන් ඒ ජයග්‍රහණ අත්කර ගත්හ. හැකියාව පමණක් සටනක් දිනීමට ප්‍රමාණවත් නොවන බව මොහොමඩ් අලි පැවසූ බිලීව් පවර් එක ගැන විශ්වාස කළ හෙයිනි. ඒ නිසා ඔබත් ජීවිතයේ ප්‍රාණවත් සිතිවිලි නගා සිටුවන්න. සිතිවිලිවලින් ජීවිතයට ජීවිතය දෙන්න.

 

 

 

2170 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 09, අඟහරුවාදා 10:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න