තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 12:15

ඉර එළියෙ ඇවිදලා ලෙඩ අඩුකර ගනිමු ද

ලිව්වේ  විදුමිණී
අගයන්න
(0 මනාප)
ගොඩක් දෙනෙක් කැමැතිම නැති දෙයක් තමයි අවුවට යන එක. ලස්සන සමක් වෙනුවෙන් කැප වෙන නිසාම හිරු එළිය අගුණ දෙයක් කියල තමයි කවුරුත් හිතන්නේ.

 

නමුත් ගස්වැල්වලට වගේම ඉර එළිය අපටත් ඉතාම වැදගත්. හිරු එළියෙන් අපට ලැබෙන විටමින් ච් අපගේ නිරෝගීතාවයට ඉතාම වැදගත්.

පුරුද්දක් ලෙස විටමින් ච් ශරීරයට ලබාගැනීම කියන්නේ නීරෝගී දිවියට හේතුවක්. විටමින් ච් වල වාසිනම් අති විශාලයි. විටමින් ච් වල ගුණ නිරන්තරයෙන් සමාජය තුළ කතාබහට ලක් වෙනවා. ඒ තරමටම එහි ඇති වාසි කියලා නිම කරන්න බෑ. ඇත්තටම ඔබ ඔබගේ ශරීරයට ප්‍රමාණවත් ලෙස විටමින් ච් ගන්නව ද?

ඔබ දන්නවද විටමින් ච් අපට ස්වභාවිකවම ලබාගන්න පුළුවන්. ඔබට තියෙන්නේ හිරු එළියේ ඇවිදින එක විතරමයි. ඔබට හිරු එළියෙන් සමට අවශ්‍ය විටමින් ප්‍රමාණවත්ව ලබාගන්න පුළුවන්. නමුත් වර්තමානයේ ගොඩක් දෙනෙක් නිවාස තුළ සිටීම නිසා මෙම අවස්ථාව මඟ හරවා ගන්නවා. ගොඩක් අම්මලා කරන්නෙත් තමන්ගේ දරුවන්ට එළියටවත් බහින්න නොදී ගේ ඇතුළෙම තියාගන්න උත්සාහ දරන එක.

නිතර නිවාසවල ගත කරන්නන්ට නම් ශරීරයට අවශ්‍ය විටමින් ච් ප්‍රමාණය හිරු එළිය තුළින් ලබාගන්න අවස්ථාව උදා වෙන්නේ නෑ. ඔවුන් දිනපතා තම ශරීරයට විටමින් ච් අතිරේකය ලබාගන්නවා නම් එය ඉතාමත් ශරීරයට හිත කරයි.

පර්යේෂණයන්ට අනුව ශරීරය තුළ ඉහළ විටමින් ච් ප්‍රමාණයක් දක්නට ලැබීම පොතු කබර රෝගය නිවාරණයට ඉතාමත් හොඳ හේතුවක්. ඒ වගේම විටමින් ච් ශරීරය තුළ අන්තර්ගත වන්නෙකුට ලෙඩ රෝග සෑදීමේ ඉඩකඩ 39% ක් අඩු කරනු ලබනවා. ඒ වගේම මෙම විටමින් ච් ඌනතාවයෙන් පෙළෙන්නන් හට සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා රෝග බෝවීමේ ඉඩකඩ වැඩියි.

ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කරගැනීමට විටමින් ච් ශරීරයට අනිවාර්යයි. මෙම අවශ්‍යතාවය හිරු එළිය තුළින් ඔබට ලබා දෙනවා. එම නිසා සෑම දිනකම උදෑසන හිරු එළියේ ඔබ අවිදින්න යන්න. නිරෝගී දිවියකට එය හේතුවක් වේවි.

 

 

 

උපදෙස්

ලලිත් ප්‍රසන්න හලබආරච්චි

අතිරේක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි - කැලණිය

 

 

1248 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 12:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න