තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 12:40

නාන්න හොඳම වෙලාව හරියටම දැනගන්න

ලිව්වේ  සමන්ති වනිගසේකර
අගයන්න
(0 මනාප)
නාන්න වඩාත් සුදුසු උදේ කාලයද එහෙමත් නැත්නම් රාත්‍රී කාලයේ කියලද ඔයාලා හිතන්නෙ. මේ ප්‍රශ්නය ඔයාලගේ මිතුරන්ගෙන් අහලා බලන්න. සමහරු කියයි “උදේ නාන එක තමයි වඩාත්ම හොඳ.” තවත් අය කියයි “නැහැ රෑට නාන එක තමයි වඩාත් හොඳ” වෙන්නේ කියලා.

 

උදේ නාන කෙනෙක් කොහොමත් රෑ නාන එක හොඳයි කියලා පිළිගන්නේ නැ. ඒ වගේම තමයි රෑ නාන කෙනෙක් පිළිගන්න කැමැතිත් නෑ උදේ නාන එක හොඳයි කියලා. දැන් කොහොමද ඔයා දැනගන්නේ ඇත්තටම නාන්න සුදුසු වෙලාව දවසේ කොයි වෙලාවද කියලා.

ඒක හරියටම තීරණය කරන්න පුළුවන් ඔබේ සමේ වර්ගය සහ ඔබ දෛනිකව කරන වැඩ සහ එයින් ඔබගේ ශරීරය කොතරම් අපිරිසිදු වෙනවාද කියන කරුණු මතයි.

උදේට නෑම වඩාත්ම සුදුසු මේ වගේ අයටයි.

ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම්,නාන්න සුදුසුම වෙලාව තමයි උදේ කාලය. ඒකට හේතුව වෛද්‍යවරු පවසන්නේ සමේ තෙල් නිපදවන්නේ රාත්‍රී කාලයේදී වන නිසා උදෑසන නෑමෙන් මෙම තෙල් ඉවත් වී සමේ සිදුරු හොඳින් පිරිසිදු වෙනවා වගේම තෙල් සහිත

 

සම හොඳින් උද්දීපනය කරන්නත් උදෑසන නෑම ගොඩක් හොඳයි කියලා.

ඔබ උදේම රැවුල කපනකෙනෙක් නම් නෑමෙන් පසු රුවුල බෑම ඉතාමත් පහසු වෙනවා. ඒකට හේතුව තමයි නෑමෙන් පසු රැවුල් ගස් මෘදු බවට පත්වීම. මේ නිසා ඔබට ඉතාමත් සුසිනිඳුව සහ පහසුවෙන් රැවුල කැපීම කරන්නත් පුළුවන්.

ඔබ උදේ අවදිවන කෙනෙක් නම්, උදෑසන නෑම ඔබට වඩාත් පහසුයි. ඒකට හේතුව තමයි ඔබට අවශ්‍ය තරම් වෙලාව තියෙනවා හොඳින් නාන්න. උදෑසන නැගිටින්න කම්මැලි අයට උදේ නාන්න කොහොමත් වෙලාවක් ඉතිරි වෙන්නේ නෑ. ඒ වගේම ඔවුන්ට හරියට නා ගන්නත් බැරිව යනවා.ඔබට රාත්‍රී කාලයේ ගොඩක් දාඩිය දමන කෙනෙකු නම් ඔබට වඩාත්ම සුදුසු වන්නේ උදේම නාන එකයි. එයින් ඔබට නව ප්‍රබෝධවත් බවකින් දවස පටන් ගන්නට පුළුවන්.

ඔබ දවස පුරා විෂබීජවලට නිරාවරණය වෙලා නැතිනම්, ඔබට වඩාත් සුදුසු උදේ කාලයේ නාන එකයි. ඔබ කරන රැකියාව අනුව හෝ ඔබ දෛනික ජීවිතය ගෙවන ආකාරය මත තමයි එය තීරණය වන්නේ.

හිතන්න ඔබ උදේම නිවසේ ඉඳන් කෙලින්ම වායුසමනය කළ කාර්යාලයක රැකියාව කරලා ගෙදර එන කෙනෙක් නම්, ඔබගේ ශරීරයේ ගොඩක් අපිරිසිදු වෙන්න විදිහක් නෑ. ඒ නිසා හවසට ඇඟපත සෝදාගෙන පිරිසිදු වෙලා නින්දට ගිහින් උදේම නාන එක තමයි හොඳම දේ.

රාත්‍රියේ නෑම වඩාත් සුදුසු මේ අයටයි.

ගොඩක් අය හිතන්නේ නිදාගන්න කලින් නෑවාම ශරීරය සැහැල්ලු වෙලා සුව පහසුව නිදාගන්න පුළුවන් කියලා. කොහොම වුණත් සමීක්ෂණයකට අනුව රාත්‍රී කාලයේ නෑමෙන් ශරීරයේ උෂ්ණත්වය අඩුවන නිසා හදවතේ රිද්මයට බලපෑම් ඇතිවන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා පසුකාලීනව නිදා ගැනීමේ අපහසුතා ඇතිවන්නට පුළුවන්.

ඒකට විසඳුම තමයි නින්දට පැය දෙකකටවත් කලින් නාන එක සුදුසුයි කියලයි වෛද්‍යවරු පවසන්නේ.

විශේෂයෙන්ම ඔබ ර්චඬඥ භන පාවිච්චි කරන කෙනෙකු නම්, ඔබ දිනපතා මේක් අප් සහ සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් භාවිතා කරන කෙනෙකු නම් මුහුණ සෝදා නිදාගන්නවට වඩා හොඳින් නා පිරිසිදු වෙන එක තමයි හොඳම දේ. එයට හේතුව තමයි මුහුණ සෝදනවාට වඩා නානවිට ඔබගේ මුහුණට ලැබෙන අඛණ්ඩ ජල ප්‍රමාණය නිසා හොඳින් සම පිරිසිදුවීම.

ඔයාට තිබෙන්නේ වියළි සමක් නම් නාන්න සුදුසුම වෙලාව තමයි රාත්‍රී කාලය. නෑමේදී සම ඉතාමත් හොඳින් පිරිසිදු වෙන නිසා සමේ සිදුරු විවර වී සම තවත් මෘදු තත්ත්වයට පත් වෙනවා. මේ නිසා වියළි සමක් හිමි අය රාත්‍රී කාලයේදී නෑමෙන් ඔවුන්ගේ සම වියළීම අඩු කර ගන්නට පුළුවන්.

ඔබ වැඩ කරන පරිසරය ඉතාමත් අපිරිසිදු එකක් නම්, ඔබ රැකියාව කරන්නේ විෂබීජවලින් පිරුණු රෝහලක් වැනි ස්ථානයක නම් හොඳම දේ තමයි නිවසට පැමිණි විගසම නාන එක. එයින් ඔබේ සෞඛ්‍ය රැකෙනවා පමණක් නොවෙයි නිවසේ සිටින අනිත් අයගේ සෞඛ්‍යයත් රැක ගන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි ඔබ ගොඩක් මහන්සිවෙලා වැඩ කරන කෙනෙක් නම්, ඔබගේ රැකියාව ඉතාමත් වැඩ අධික දහඩිය වැගිරෙන එකක් නම් හොඳම වෙලාව තමයි රාත්‍රි කාලයේ නාන එක.ඔබට දැන් පුළුවන් ඔබ නාන වේලාව ඔබගේ රැකියාවට, ජීවන රටාවට සහ ඔබගේ ශරීරයට අනුව තෝරා ගන්න. එහෙත් ඔබ නොකළ යුතු එක දෙයක් තියෙනවා. ඒ තමයි දිනකට වාර කිහිපයක් නාන එක. කිසිම විටෙක උදේ සහ රාත්‍රියේ දෙකෙහිම නාන්න පුරුදු වන්නට එපා. එයින් ඔබගේ සම ස්භාවිකවම ආරක්ෂා කරන සමෙහි වාසය කරන හිතකර බැක්ටීරියා ඉවත්වී සම අධික ලෙස වියළිවීම, සමේ කුඩා පැලීම් ඇතිවීම නිසා චර්ම රෝග ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිවෙන්න පුළුවන්.

 

 

 

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය

මහේෂ් අතුරලිය

759 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 12:44
අදහස් එක් කිරීමට ලොග් වෙන්න