තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 පෙබරවාරි 12, සඳුදා 11:24

ඔබ ඔ බම වන්න. ඔබට සමාන අන් කිසිවෙක් මිහිපිට නැත විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
බොහෝ දෙනා උත්සාහ කරන්නේ තවත් කෙනෙක් අනුකරණය කරන්නටයි. ක‍‍්‍රිකට් ක‍ී‍්‍රඩාවට උපන් හපන්කම් ඇත්තෙක් කළ යුත්තේ තවත් ලෝකප‍‍්‍රකට ක‍‍්‍රිකට් තරුවක් අනුකරණය කිරීම නොව තමන්ගේ දක්‍ෂතා හඳුනාගෙන තමුන්ව ලොවට හඳුන්වාදීමයි.

 

ඔබ ගායනයට දක්‍ෂතාවක් දක්වන්නේ නම් ඔබ කළ යුත්තේ දැනට ජනප‍‍්‍රිය තලයේ සිටින ප‍‍්‍රවීණ ගායකයෙක් අනුකරණය කිරීම නොව තමන්ගේ ගායන කෞෂල්‍යය හඳුනාගෙන අලූත් ගායකයෙක් ලොවට හඳුන්වාදීමයි. ව්‍යාපාරිකයකු ගත්ත ද නර්තන ශිල්පියකු ගත්ත ද ගුරුවරයකු වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයකු ආදී මේ කිනම් වෘත්තිකයකු ගත්තද ඒ සැමට මෙය පොදු වූ ධර්මතාවකි. මේ සඳහා කදිම උදාහරණයක් ලෝකප‍‍්‍රකට ධනාත්මක චින්තන දේශකයකු වන ඩේල් කානගී මහතා විසින් රචිත, ඩ්ධඹ බධ ඵබධන ඹධපපරඪදඨ චදඤ ඵබචපබ තඪමඪදඨ නමැති කෘතියේ සඳහන් වේ.

 

තමාව හඳුනාගැනීමට උත්සාහ ගන්න

 

අපි දැන් ඒ කතාව දෙසට හැරෙමු. එක්තරා බස් කොන්දොස්තරවරයකුගේ දුවකට දුෂ්කර හා කටුක ලෙස මෙම “නිතරම ඔබ ඔබම වන්න” යන පාඩම ඉගෙන ගන්නට සිදුවිය. ඇය ගායිකාවක් වීමට ආශා කළාය.

එහෙත් අවාසනාව රැඳීි තිබුණේ ඇගේ මුහුණේය. ඇයට විශාල මුඛයක් ද ඉදිරියට නෙරා ආ දත් ඇන්දක් ද වූවාය නිව්ජර්සියේ රාත‍‍්‍රී සමාජ ශාලාවක මුල් වරට ප‍‍්‍රසිද්ධියේ ගායනා කළ විට, ඇය තම දත් ඇන්ද සඟවා ගැනීමට උඩු තොල පහතට නමාගෙන සිටින්නට වෑයම් කළාය.

ඇය තම නරඹන්නන් මෝහනය වන පරිදි හැසිරීමට තැත් කළාය. ඉතිං සිදුවූයේ කුමක්ද? ඇය විකෘති ලෙස හා විකාර ලෙස පෙනෙන්නට වූවාය. අවසානයේ ඇය වෙත ළඟා වූයේ පරාජය පමණකි.

කෙසේවුවද මේ සමාජ ශාලාවේ සිටි එක්තරා පුද්ගලයකුට ඇය ගී ගයනු ඇසුණු අතර, ඇයට හැකියාවක් ඇති බව ඔහුට හැඟුණේය.

“මේ බලන්න, මම ඔයාගේ වැඩේ බලාගෙන හිටියා. ඔයා වහගන්න මහන්සි ගත්ත දේ ත් මං දැක්කා. ඔයා ඔයාගෙ දත් ගැන ලැජ්ජා වෙනවා නේද? මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද? දත් ඇන්ද ටිකක් ඉස්සරහට එන එක අපරාධයක්ද? ඒක වහ ගන්න මහන්සි වෙන්න එපා.

දත් ඇන්ද පෙනෙන්න ඉඩ දෙන්න. ඔයා ඒ ගැන ලැජ්ජා වෙන්නෙ නැති බව දැක්කාම බලා ඉන්න අය ඔයාට ආදරය කරාවි. ඒ වගේම හංගා ගන්න වෑයම් කරන ඔය දත් ඇන්දම දවසක ඔයාගෙ වාසනාව ගෙනෙන්නත් පුළුවන්.” ඔහු කීවේය.

මේ උපදෙස පිළිගත් කෑස් ඩේලි නම් වූ එම යුවතිය තම විරූපී දත් ඇන්ද අමතක කළාය. එදායින් පසු ඇය සිතුවේ තම ශ‍‍්‍රාවකයන් ගැනම පමණි.

ඇය තම කට හොඳීන් ඇර හඬ නගා ගී ගයන්නට වූවාය. ඒ අතර තමා චිත‍‍්‍රපට ක්‍ෂේත‍‍්‍රයේ සහ ගුවන් විදුලියේ ජනප‍‍්‍රිය ගායිකාවක තරමට ප‍‍්‍රවීණ අයෙක් යැයි හඟින්නට වූවාය. පුදුමයකි.එයින් පසු අනෙකුත් ප‍‍්‍රසංගකරුවෝ ඇයව අනුකරණය කරන්නට වෑයම් කළෝයය මෙහිදී සිදුවූයේ කුමක්ද? ඇය තමාව හඳුනාගෙන තමාම වීමට උත්සාහ දැරීමයි.

 

ඔය විදියටම ඉන්න

 

මෙය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා ඩේල් කානගී මහතාගේ එම කෘතියේම සඳහන් තවත් එවන්ම වූ උදාහරණයක් වෙත ඔබේ අවධානය යොමු කරන්නම්.

අර්වින් බර්ලින් මහතා සහ ජෝර්ජ් ජර්ෂ්වින් මහතා පළමු වරට මුණ ගැසෙන විට, බර්ලින් මහතා අතිශයින් දක්‍ෂ සංගීතවේදියකු වූ අතර, ජර්ෂ්වින් මහතා එක්තරා සංගීත කණ්ඩායමක සංගීත රචකයකු වශයෙන් සතියකට ඩොලර් 35 ක වැටුපකට සේවය කරමින් දුෂ්කර ජීවිතයක් ගත කළ අයෙක් විය.

ජර්ෂ්වින් මහතාගේ හැකියාවන් ගැන මහත් සතුටට හා විස්මයට පත්වූ බර්ලින් මහතා එමෙන් තුන් ගුණයක වැටුපකට තමා යටතේ සංගීත අධ්‍යක්‍ෂ තනතුර ඔහුට පිරිනැමුවේය.

එහෙත් ආරම්භයේදීම ඔහු මෙම අවවාදය ජර්ෂ්වින් මහතාට දුන්නේය.

“ඔයා දෙවැනි මට්ටමේ පර්ෂ්වින් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ රස්සාව බාර ගන්න එපා. ඔයා ඔය විදියටම ඉන්නවා නම් කවදාහරි දවසක පළමුවන මට්ටමේ ජර්ෂ්වින් කෙනෙක් වෙනවා ඇති කියන කාරණය අමතක කරන්න එපා.” ඒ උපදේශය අනුව හෙමින් හෙමින් පරෙස්සමෙන් ඉදිරියට ගිය ජර්ෂ්වින් මහතා ඒ යුගයේ ප‍‍්‍රකටතම අමෙරිකානු ගීත රචකයකු

 

 

 

 

 

 

 

 

 

 

බවට පත් වූයේය. මෙහිදී ද සිදුවූයේ ජර්ෂ්වින් මහතා තමාව හඳුනාගෙන කටයුතු කිරීමයි.

 

චාර්ලි චැප්ලින්

 

ඔබ දන්නවා ද? ලෝ ප‍‍්‍රකට චාර්ලි චැප්ලින් මුලින්ම චිත‍‍්‍රපටවල පෙනී සිටින්නට පටන් ගත්විට, එකල අතිශයින්ම ජනප‍‍්‍රිය වූ ජර්මානු විකට නළුවා අනුකරණය කරන්නැයි චිත‍‍්‍රපට අධ්‍යක්‍ෂවරයා ඔහුට දැනුම් දුන්නේයය. නමුත්, තමන්ට ආවේණික ලෙස රඟපෑමට පටන් ගන්නා තුරු නරඹන්නන්ගේ ප‍‍්‍රසාදය දිනා ගැනීමට ඔහුට නොහැකි විය.

ඉතිං මේ සියලූම උදාහරණවලින් අපට ගත හැකි ආදර්ශය කුමක් ද? අපි නිතරම අපවම හඳුනා ගැනීමට උත්සාහ ගත යුතු බවයි.

එනම් අනෙක් අය අනුකරණය කිරීමට යාමෙන් වැළකිය යුතු බවයි.

එබැවින් ඔබත් ඔබව හඳුනා ගැනීමට උත්සාහ කරන්න. නිතරම ඔබ ඔබම වන්න. ඔබව ලෝකයට හඳුන්වා දෙන්න. ඔබට සමාන අන් කිසිවෙක් මිහිපිට නැත. ඔබට ජය නියතයි.

 

 

 

”තරුණි පාඨක ඔබටත් දැන් ටෙරන්ස් වීරවර්ධන මහතා විසින් පවත්වන “පුද්ගල හැකියා සංවර්ධන” වැඩමුළුවක් ඔබගේ ප‍‍්‍රදේශයේ සංවිධානය කරගැනීමට අවස්ථාව ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත ඊමේල් ලිපිනයෙන් විමසන්න.

 

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

1534 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 12, සඳුදා 11:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න