තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මාර්තු 12, සඳුදා 15:19

සොඳුරු කාන්තා ලාලිත්‍ය සැමදා රැක ගනිමු

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
තමන් ගැන සිතීමට වැඩිම අවධානය යොමු කළ යුත්තේ මැදිවියේ කාන්තාවන්ය. ඒ ඔවුන් සදා සඟවන්නට සදන්නේ වයස නිසයි. වයස් කල්‍යාණය කාන්තාවකගේ පරම ධනය, සතුට හා ප්‍රාර්ථනයයි.

 

කෙතරම් දරු පවුලේ ගැටලු ඇතත් තමන් ගැන කාන්තාව අවධානය යොමු කළ යුතුය. සිනමා ලොව සුපිරි තරු අතර පවා ඉක්මනින් වියපත් පෙනුමක් ලැබෙන්නේ තාරකාවන්ටය. වෛද්‍යවරුන් පවසන අන්දමට ඊට ප්‍රධාන හේතුව ඔවුන් පිරිමින් තරම් රුව ගැන, සිරුරේ හැඩය ගැන අවධානය යොමු නොකිරීමයි. යොවුන් වියට පිය මැන්නාට පසු කාන්තාවකගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවන්නේ නැහැ. මාසිකව සිදුවන කායික ක්‍රියාවලිය වසර විස්සකට වැඩි කාලයක් පුරා එක ලෙසින්ම සිදුවනවා. කරදරයක් කියා සිතන ආර්තවය හෙවත් ඔසප්වීම මේ නොවෙනස් බවේ රහසයි.හිටිහැටියේ වයස අවුරුදු හතළිස් ගණන්වල, පනස් ගණන්වල පසු වෙද්දී ඔසප්වීම පමා වුණොත්, ‘අම්මා කෙනෙක් වෙන්න යනවද?’ යන සිතිවිල්ල ඇතිවීමට තිබෙන ඉඩ අඩුයි. ඒ බොහෝ කාලයක් උපත් පාලන ක්‍රම අනුගමනය කිරීම නිසා. දැනටත් අනුගමනය කරන නිසා එවැනි දෙයකට ඇති ඉඩ අඩුයි. සිතේ සැකයට ගර්භණීභාවය සඳහා පරීක්ෂා කළත් බොහෝ විට එය ‘සෘන’ ප්‍රතිඵලයක්.

නියමිත කාලයට ඔසප් නොවූවත් පසුව ආර්තවය සිදුවනවා. මේ වෙනස කුමක් ද?

ඔබ පසු වන්නේ මල්වර සමයට පූර්ව කාලය මෙන් ජීවිතයේ වෙනස්ම කාලයකි. මෙය හඳුන්වන්නේ ආර්තවහරණයට පූර්ව කාලය ලෙසයි.

දරුවකු ලැබීමේ හැකියාව ස්ථිරවම ආර්තවහරණය සමඟ නැති වී යයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු පනස් දෙක ආසන්න කාලයේදී කාන්තාවෝ ආර්තවහරණ තත්ත්වයට පත්වෙති. එහෙත් පූර්ව ආර්තවහරණ සමය හතළිහේ දශකයේදී වගේම තිහේ දශකයේදී ද සිදු විය හැකියි. මෙය කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙයි.ගැහැනු හෝර්මෝනයක් වන ඊස්ට්‍රජන් අසමානව ඉහළ පහළ යාම පූර්ව ආර්තවහරණ සමයේ වෙනස්කම්වලට ප්‍රධාන හේතුවයි. ඒ වෙනස්කම් කල් ඇතිව හඳුනා ගැනීමෙන් විශාල සහනයක් ලබාගත හැකියි.

පපුවේ වේදනාව

ඊස්ට්‍රජන් මට්ටම අඩුවීම නිසා, සිරුරේ කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම ඉහළ යයි. හෘදය සහ හෘද නහර වඩාත් ඝන වෙයි. මේ නිසා හෘද රෝග ඇතිවීමේ අවදානම පිරිමියකුටත් වඩා වැඩිවෙයි. පපුවේ වේදනාව පූර්ව ඔසප් කාලයේ ඇතිවිය හැකි ලකුණකි. එය කඩිනමින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයක් වේ.

සිරුරේ මාංසපේශී වර්ධනය අඩුවීම, නින්ද අඩුවීම නිසා ආතතිය ඉහළ යාම ශරීර බරෙහි වෙනසක් වීමට ප්‍රධාන හේතුවකි. ආතතිය නිසා බර වැඩි වෙයි. ආතති හෝර්මෝනය වන කෝටිසෝල් මැදි වයසේ තරබාරුව වැඩි කරයි. එහෙත් සැඟවුණු හේතුව සෙවීමට වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත්ය. ව්‍යායාම කිරීම, සමබල ආහාර ගැනීම (පෝෂ්‍ය ගුණය සපිරි), නීතියක් බවට පත්කර ගන්න. වසරින් වසර වියපත් වෙද්දී අවශ්‍ය වන්නේ අඩු කැලරි ප්‍රමාණයකි. එක්වරම සීඝ්‍රයෙන් බර වැඩි වන්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුයි.

ඇඟේ පතේ වේදනා

ඊස්ට්‍රජන් මට්ටම අඩුවීම අස්ථි, අස්ථි බන්ධන සහ කාටිලේජවලට බලපායි. හෝර්මෝන වෙනස්වීමෙන් සන්ධිවලට ඇතිවන බලපෑම ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයට මඟ පාදයි. මේ නිසා වේදනාව ඇතිවිය හැකි සේම අස්ථි තුනී වීමෙන් ඇතිවන ඔස්ටියෝපොරෝසිස් රෝගය ද ඇඟේ පතේ වේදනාවට මුල පුරයි. මේ වයසේදී කැල්සියම් උරා ගැනීම අඩු නමුත් වැඩිපුර කැල්සියම් සහ විටමින් ලබාගන්න.

පිළිසිඳ ගැනීමේ ගැටලු

තිහේ දශකයේ අග හෝ හතළිහේ දශකයේ මුල පසුවනවා නම් දරුවකු පිළිබඳ සිහිනය මල්පල දැරීම පහසු නැත. එනිසා වෛද්‍ය සහය පැතීම අත්‍යවශ්‍ය වෙයි. දරුවකු අනවශ්‍ය නම් උපත් පාලන ක්‍රමයක් අනුගමනය කළ යුතුය.

මුත්‍රා ආසාදන

කාන්තාවගේ මෞත්‍රලිංගික පද්ධතියේ පිහිටීම අනුව මුත්‍රා ආසාදන ඇතිවීමේ ඉඩකඩ ඉහළය. පූර්ව ආර්තවහරණය ආසන්නව මුත්‍රා ආසාදන වැඩි විය හැකියි. නිතරම ආසාදන ඇතිවීමට ඉඩ තිබේ.

මුත්‍රා කිරීමේදී වේදනාවක් දැනීම සහ නිතර මුත්‍රා කිරීම ආසාදන ලකුණකි. කඩිනමින්ම ප්‍රතිකාර පතන්න. වෙනදා මෙන් මුත්‍රා දරා සිටීමේ හැකියාව ද අඩු වනු ඇත. ඒ මුත්‍රාශයේ ඇදෙන සුළුභාවය අඩුවන නිසයි. මෙවැනි තත්ත්වයක් ඇතිවීම සබඳතාවක් පැවැත්වීමෙන් පසු මුත්‍රා පිට කිරීමෙන්, ලිහිසි ද්‍රව්‍යයක් (ලුබ්‍රිකන්ට්ස්) භාවිත කිරීමෙන්, ශ්‍රෝණි බිත්ති සවිමත් කරන කීගල් වැනි ව්‍යායාමවල නිරතවීමෙන් අඩුකර ගැනීමට පුළුවන.

වියළි බව

මේ කාලයේදී යෝනි බිත්තිවල ඇතිවන වියළි බවට හේතුව යෝනි බිත්ති ආශ්‍රිතව තරල නිපදවීම අඩුවීමයි.

ඒ වගේම යෝනි බිත්තිවල ඇදීම අඩු වෙයි. සමහරුන්ට දිගටම මේ තත්ත්වය පවතින අතර තවත් අයට වියළි බව අත්දකින්නට ලැබෙන්නේ සබඳතාවක් පවත්වද්දීය. ලිහිසි ද්‍රව්‍ය භාවිතයෙන් සහනයක් ලද හැකිය.

දැඩි උණසුම්

එක්වරම සිරුරට දැනෙන උණුසුම වැඩි වී දහදිය දැමීමට ගත්තා ද? රාත්‍රී, දහවල් කියා වෙනසක් නැතිව ඇතිවන මේ අපහසුතාව නින්ද නොයාම, නින්දට බාධා සිදුවීම වැනි තත්ත්ව ඇති කරයි.

දහදිය උරාගන්නා කපු ඇඳුම් ඇඳීම, ජලය හොඳින් පානය කිරීම මීට ඇති හොඳම පිළියම්ය. තරබාරු නම් උසට සරිලන බරක් පවත්වා ගැනීම, කැෆේන් අඩංගු කෝපි වැනි බීම සීමා කිරීම, මොනොසෝඩියම් ග්ලූටමේට් ආහාරයට එක් නොකිරීම මඟින් සහනයක් ලද හැකිය. අපහසුතාවට සහනයක් දෙන ඖෂධ ද තිබේ.

 

දින අක්‍රමවත්

හෝර්මෝන වෙනස ඩිම්බ කෝෂයෙන් ඩිම්බ නිදහස්වීමට ද බලපායි. මාස ගණනක් ඔසප් දින ගණන දිගුවීම, ඔසප් දින ගණන කෙටිවීමට හෝ ඔසප් නොවීමට ද පුළුවන. මෙය පූර්ව ආර්තවහරණයේ ආරම්භයේ මෙන්ම අවසානයේදී ද ඇතිවිය හැකියි.

තදින් ඔසප්වීම හෝ ඔසප්් නොවීම සමඟ වෙහෙස, හුස්ම ගැනීමේ අපහසුතාව ඇත්නම්, වයස අවුරුදු හතළිහකට අඩු නම් නොපමාව වෛද්‍ය උපදෙස් පතන්න.

ගති ගුණ වෙනස්වීම

නොසන්සුන්තාව, ඉක්මන් කෝපය, කාංසාව තත්ත්වයට හේතු වන්නේ හෝර්මෝන වෙනසයි.

හොඳ නින්දක් නොලැබීම ද මීට බලපායි. ව්‍යායාම, සමබල ආහාර යම් සහනයක් සිතට ලබාදෙයි.

1310 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 12, සඳුදා 15:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න