තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 08, අඟහරුවාදා 13:50

ඔබත් විශ්වාසයේ වෙව්ලන්නෙක් ද

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
ජීවිතයට අලුත් මුහුණුවරක් ගෙනදෙමින් ජීවිතය දිනන්නට, අලුත් ඇසකින් ලොව දක්න්නට කැමැති ඔබේම ආදරණීය විශේෂාංගයයි; මේ. තරුණී වෙතින්ම පමණක් ඔබ වෙත තිළිණ කරන අපගේ To be successful  වෙතින් සාර්ථකත්‍වය දකින්නට, අත්විඳින්නට කැමැති ඔබ වෙනුවෙන් බොහෝ කරුණු අප සාකාච්ඡා කළා ඔබට මතක ඇති.

 

එම කරුණු කාරණා කියැවීමෙන් පමණක් නොනැවතී ප‍‍්‍රායෝගිකව අත්හදා බලමින් ඔබගේ වටිනා දිවිය ද සාර්ථකත්‍වය කරා යන මාවතට අවතීර්ණ කරගෙන ඇතැයි අපි විශ්වාස කරමු.

විශ්වාසය

 

ඉතිං අදත් අපි ඔබගේ අවධානය යොමු කරන්නේ සාර්ථකත්‍වය කරා යන ගමනේ දී අප සැවොම අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු ඉතා වටිනා දෙයක් පිළිබඳයි.

ඒ තමා “විශ්වාසය”. අපි යම්කිසි කටයුත්තක් ආරම්භ කර දැඩි විශ්වාසයකින් යුතුව එම කටයුත්ත අඛණ්ඩව සිදු කරගෙන යන්නේ නම් සාර්ථකත්‍වය අප කරා පැමිණෙන්නේ නිතැතින්මයි.

මේ සඳහා අපට අවශ්‍ය තරම් උදාහරණ අපගේ වටපිටාවෙන්ම සොයාගන්න පුළුවන්. හැමදේකටම කලින් අප ගැන අප තුළ දැඩි විශ්වාසයක් තිබිය යුතුයි.

එය අපට ආත්ම විශ්වාසය ලෙස ද අර්ථ දක්වන්න පුළුවන්. සමාජයේ ජීවත්වන බොහොමයක් දෙනා අසාර්ථකත්‍වයට පත්වීමට මූලිකවම හේතුවී තිබෙන්නේ ඔවුන් තුළ තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක් නොමැති වීමයි.

මෙම විශ්වාසය පිළිබඳ කදිම අර්ථකථනයක් බ්ධඩද ඛ්. ර්චයඹඥතත විසින් රචිත ඕඥ ච නඥධනතඥ නඥපඵධද නමැති කෘතියේ සඳහන් වෙනවා. ඔහු පවසන පරිදි මිනිසුන් කාණ්ඩ දෙකකට අයත් වේ.

ඒ “විශ්වාසය ගොඩනගන්නන්” හා “විශ්වාසය වෙව්ලන්නන්” ලෙසයි. ඔහු වැඩිදුරටත් පවසන පරිදි ඔබ ගැන විශ්වාසයක් ඔබට නොවේ නම් ඔබ අයත් වන්නේ මෙම කාණ්ඩ දෙකෙන් “විශ්වාසය වෙව්ලන්නන්” ගේ කාණ්ඩයටයි.

ඇත්තටම වර්තමාන සමාජය දෙස බලන විට වැඩිපුරම දක්නට ලැබෙන්නේ මෙම විශ්වාසයේ වෙව්ලන්නන් ය. විශ්වාසය ගොඩනගන්නන් සිටින්නේ ඉතාම අතළොස්සකි. පහත සඳහන් පුංචි කතාව මෙම විශ්වාසය අක‍‍්‍රීය වීමට කදිම උදාහරණයකි.

 

විශ්වාසය අක්‍රීය වූ දා

 

ඔන්න එක්තරා රටක අධිවේගී මාර්ගයක් අයිනේ ජීවත්වූ පුද්ගලයකු අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්නවා. එම ව්‍යාපාරය තමා හොට්ඩෝග් අලෙවි කිරීම.

උපතින්ම කන් ඇසීමේ දුර්වලතාවයක් තිබුණු බැවින් ඔහු කවදාවත් ගුවන්විදුලියට සවන් දුන්නේ නෑ.

ඒ වගේම ඇස් පෙනීමේ දුර්වලතාවක් තිබුණු බැවින් ඔහු කිසිදා පුවත්පත් කියෙව්වේ ද නැත.

නමුත්, ඔහු ඉතා සාර්ථකව තම හොට්ඩෝග් වෙළෙඳාම කරගෙන ගියේය. අධිවේගී මාර්ගය අයිනේ දැන්වීමක් දමන ඔහු එය අයිනේ සිටගෙන මිනිසුන් ඒ වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා “හොට්ඩෝග් ගන්න” යැයි කෑ ගසනවා.

එවිට මිනිසුන් පැමිණ ඔහුගෙන් හොට්ඩෝග් මිලදී ගන්නවා. ටික දවසක් යන විට බලාගෙන ඉඳිද්දී ඔහුගේ හොට්ඩෝග් වෙළෙඳාම ඉතා ඉක්මනින් සාර්ථක වෙනවා.

මේ හේතුවෙන් හොට්ඩෝග් නිෂ්පාදනයට අවශ්‍ය මස් හා බනිස් ඇණවුම් කළ ප‍‍්‍රමාණය ද සීග‍‍්‍රයෙන් ඉහළ යනවා. මෙසේ තම හොට්ඩෝග් ව්‍යාපාරය දියුණුවට පත්වන විට ඔහු ව්‍යාපාරය වෙනුවෙන් විශාල උඳුනක් මිලදී ගැනීමට කටයුතු කරනවා.

ඔහුගේ ආදායම එන්න එන්නම වර්ධනය වන අතර, ඒ හේතුවෙන් ඔහුගේ ආර්ථික තත්ත්වය ද යහපත් මට්ටමකට පත්වෙනවා.

ආර්ථික අතින් යහපත් තත්ත්වයක සිටි හෙයින් ඔහු තම පුතුව විදෙස් විශ්වවිද්‍යාලයකට යවා උසස් අධ්‍යාපනය ලබාදීමට ද තීරණය කරනවා.

නමුත්, ඔහුගේ පුතා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමාකර උපාධිධාරියෙක් ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටවීමත් සමඟම ඔහුගේ ජීවිතයට කණකොකා හඬන්න පටන් ගන්නවා.

ඊට හේතුවන්නේ ඔහුගේ පුතා උපාධිධාරියකු වූවද නිතරම සෑම දෙයක් පිළිබඳ ම අසුබවාදීව සිතන්නකු වීමයි.

දිනක් ඔහු තම පියාට මෙසේ පවසනවා. ”තාත්තේ, ඔයා රේඩියෝ එක අහන්නේ නැද්ද? පත්තර බලන්නේ නැද්ද? මේ දවස්වල මුළු ලෝකෙම ඉතා දරුණු ආර්ථික අවපාතයකට මුහුණදීලා තියෙන්නේ.

යුරෝපයේ තත්ත්වය හරිම භයානකයි. අපේ රටේ තත්ත්වෙත් ඒ තරම් හොඳ මට්ටමක නෑ.”

මෙය අසන ඔහු මෙසේ කල්පනා කරනවා. “මගේ පුතා මං වගේ නෙවෙයි.

එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. එයාට විශ්වවිද්‍යාලයක උපාධියකුත් තියෙනවා.

ඒ වගේම එයා නිතරම රේඩියෝ එක අහනවා. පත්තරත් බලනවා.

ඒ නිසා එයා රටේ ලෝකේ වෙන ගොඩක් දේවල් ගැන හොඳට දන්නවා.”

ඒ අනුව ක‍‍්‍රියාත්මක වන ඔහු මොකද දන්නවාද කරන්නේ? තම වෙළෙඳාමට අවශ්‍ය මස් හා බනිස් ඇණවුම් කිරීම සම්පූර්ණයෙන්ම කපා හරිනවා.

අධිවේගී මාර්ගයේ සවිකළ දැන්වීම් පුවරුව ගලවා ඉවත් කරනවා.

ඒ වගේම පාර අයිනේ සිටගෙන හොට්ඩෝග් විකිණීමට ද ඉන්පසු කරදර වෙන්නේ නෑ. වැඩිකල් යන්නේ නෑ.

එක රැයකින්ම ඔහුගේ හොට්ඩෝග් අලෙවිය පහළ වැටෙන්නේ කිසිවෙක් සිහිනෙකින්වත් නොසිතූ අයුරිනි. ඔහු තම පුතාට මෙසේ පවසනවා. “ඔයා හරි පුතේ.

මට දැන් තමයි තේරෙන්නේ අපි මේ ඉන්නේ ලොකු ආර්ථික අවපාතයක තමයි.”

මේ පුංචි කතාවෙන් අපට ගතහැකි ආදර්ශය වන්නේ “විශ්වාසයේ වෙව්ලන්නන්” සෑම දෙයකම ඍණාත්මක පැත්තම පමණක් දකින බැවින් ඔවුන් සමඟ කාලය ගත කිරීමෙන් අපට කිසිදිනෙක සාර්ථකත්‍වයට පත්විය නොහැකි බවයි.

එබැවින් ඔබත් ඔබ සමඟ “විශ්වාසයේ වෙව්ලන්නන්” සිටීදැයි විපරම් කර බලන්න.

වහාම ඔවුන්ගේ ඇසුරෙන් ඉවත්වන්න. අන් සැමටම වඩා තමන් ගැන විශ්වාසය තබන්න. එවිට ඔබගේ සාර්ථකත්‍වය වැළැක්වීමට කිසිවකුට නොහැකියි.

ඔබට ජය නියතයි!

 

තරුණී පාඨක ඔබටත් දැන් ටෙරන්ස් වීරවර්ධන මහතා විසින් පවත්වන “පුද්ගල හැකියා සංවර්ධන” වැඩමුළුවක් ඔබගේ ප‍‍්‍රදේශයේ සංවිධානය කරගැනීමට අවස්ථාව ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත ඊමේල් ලිපිනයෙන් විමසන්න.

 

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

270 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 08, අඟහරුවාදා 13:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න