තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 14, සඳුදා 12:34

කාන්තාවගේ සුවසෙත පවුලේ සුවසෙතයි

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(1 මනාපය)
මැයි 28 වැනිදා යෙදී ඇති කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රියාකාරීවීමේ දිනය වෙනුවෙනි   අම්මා නිවසේ සාමාජිකයන්ගේ කොඳුනාරටියයි. මුදුන් මුලයි. ඇයගේ සුවසෙත බිඳ වැටීම පවුලේ සියලු සාමාජිකයන්ගේ කටයුතු අඩාලවීමක් වන්නේ එනිසයි. සෙස්සන්ගේ සුවසෙතට අම්මා අංක එක දුන්න ද, තමන්ගේ සුවසෙතට නම් බින්දුවේ වටිනාකමවත් ලබා දෙන්නේ නැත.

 

මේ නිසාම වැඩිපුරම පිරිහෙන්නේ ඇයගේ සෞඛ්‍යයයි. මෙය ලොවටම පොදු තත්ත්වයකි. ඒ හේතුව නිසාම මැයි 28 වැනිදාට කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රියාකාරීවීමේ දිනයක් දින දසුනේ වෙන්කර ඇත.

කාන්තා සුවසෙත නංවාලිය හැකි ආකාර ගණනාවකි. ඒ සඳහා සොබා දහම ද බොහෝ දෑ සම්පාදනයකර තිබේ.

නවතම පර්යේෂණ වාර්තා කාන්තා සුවසෙත නංවාලන නැතිවම බැරි පෝෂක ගණනාවක් පෙන්වා දී ඇත.

* ඇස නොගැටුණු ඔමෙගා 7

ඔමෙගා 3 හා ඔමෙගා 6 මේදය ගැන අපි නිතර කතා කරමු. එහෙත් ඔමෙගා 7 ගැන නම් ඇත්තේ අඩු අවධානයකි. කාන්තා සුව ගැටලු ගණනාවකටම ඔමෙගා 7 දිව ඔසුවකි.

තරබාරුකම අද කතුන් අතර සුලබය. විවාහ වී දරුවන් ලැබූ බොහෝ කතුන් සිරුරේ හැඩ ගැන සිතන්නේම නැති තරම්ය. දරුවන්, සැමියා ඉතිරි කරන ආහාර ඇය කටට දෙකට ගිල දමන්නේ අරපිරිමැස්මටය. එහෙත් එයම ඇය හතරැස් කොටුවක් මෙන් ශරිර ඇත්තියක් කිරීමට හේතු වී තිබේ. තර බව ගැටලුවක් වී ඇති කතුන්ට ඔමෙගා 7 කදිමය.

* වයස් කල්‍යාණය

පැල්මිටොලෙයික් අම්ලය හෙවත් ඔමෙගා 7 ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් පොහොසත්ය. සමේ තාරුණ්‍ය පලා ගොස් ඔපයත,් ඇදෙන සුලු බවත්, තෙතමනයත් අහිමි වී යාම ආර්තවහරණයෙන් පසු බොහෝ කතුන් මුහුණ දෙන තත්ත්වයකි. මේ ගැටලු සියල්ලටම කදිම පිළිතුර වන්නේ ඔමෙගා 7 ය. එමඟින් ආර්තවහරණයෙන් පසු කතුන් මුහුණ දෙන යෝනි මඟේ වියළි බව ද අවම කළ හැකිය.

මෙයින් ප්‍රතිශක්තිය ඉහළ නැංවී රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු වේ.

ආර්තවහරණය සමඟ තවත් අවදානමක් කාන්තාවන්ට ඇත. ඒ හෘද රෝග ඇතිවීමට තිබෙන වැඩි ඉඩකඩයි. හෘද නාලවල අහිතකර කොලෙස්ටරෝල් බැඳීම හෘදයාබාධවලට බලපාන එකම හේතුව නොවුණත් ප්‍රධාන හේතුවකි.

ඔමෙගා 7 අහිතකර කොලෙස්ටරෝල්වලට හෙවත් එල් ඩී එල් කොලෙස්ටරෝල් නහරවල බැඳීමට ඉඩ තබන්නේ නැත. එපමණක් නොව එමඟින්වන තවත් මෙහෙයක් වන්නේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවාලීමයි. එච්ඩීඑල් හෙවත් හිතකර කොලෙස්ටරෝල් මඟින් නහරවල බැඳෙන අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි.

‘ට්‍රයිග්ලිසරයිඩ්’ ශක්තිජනකයකි. සිසිලසෙන් සිරුර රැක ගනී. එහෙත් පමණට වඩා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉතා ඉහළ ගිය විට එය ද හෘදයාබාධවලට හේතුවකි. එපමණක් නොව කාන්තාවන් වැඩි දෙනෙක් අද කාලයේ අත්විඳින අක්මාවේ මේද තත්ත්වයට ද මෙය විසඳුමකි. අක්මාවේ මේද තැන්පත් වීම අඩු කිරීමේ ගුණයක් මෙහි ඇත. අක්මාවේ මේදය වැළැක්වීම යනු දියවැඩියා අවදානම ද අඩු කිරීමකි. අක්මාවේ මේදය ඇති කතුන් දියවැඩියාවට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් පවතී.

අප අනවශ්‍ය ලෙස ගන්නා ආහාර ශරීරයේ තැන්පත් වන්නේ මේදය ලෙසයි. සියලු රෝග විපත්වලට හේතු වන්නේ මෙලෙස අනවශ්‍ය ලෙස තැන්පත් වන මේදයයි. එහෙත් ඔමෙගා 7 ඊට ඉඩ නොතබන බව පර්යේෂණ මඟින් හෙළි වී ඇත. ඔමෙගා කැලරි මේදය බවට පත් නොකර ශක්තිය බවට පරිවර්තනය කරයි. ඔමෙගා 7 පෙති වශයෙන් වගේම බිත්තර, ඇට, අක්මාව වැනි මාංසමය කොටස්වල, පූර්ණ යොදය සහිත කිරිවල, බටර් වැනි ආහාරවලින් ද ලබා ගත හැකිය. අලිගැට පේර තෙල්, දෙළුම් තෙල්, සැමන්, සාඩින්, හුරුල්ලන්, බල මාළු, කෙලවල්ලන්, හාල්මැස්සන් සතුව ද ඔමෙගා 7 අඩංගුය.

* පියයුරු පිළිකා හා අයඩීන් ලුණු

අප වැඩි දෙනෙක් අයඩීන් ලුණු හඳුනාගෙන සිටින්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ නීරෝගිතාවට අත්‍යාවශ්‍ය ලවණයක් ලෙසයි. එහෙත් එය කාන්තාවකගේ බරපතළම සෞඛ්‍ය තර්ජනයවන පියයුරු පිළිකාවලට බලපාන හේතුවකි. අයඩීන් යනු කාන්තාවන්ගේ හොඳම හිත මිතුරියකි.

අයඩීන් ඌනතාව ලෝක ජනගහනයෙන් සියයට හතළිහකට බලපායි. එය සුපිරි බලවතකු වන අමෙරිකාවට ද පොදුය.

සිරුරේ සෑම සෛලයකටම, පද්ධතියකටම, අවයවයකටම අයඩීන් අවශ්‍යය. එය විශේෂයෙන්ම කාන්තාවන්ගේ පියයුරු පිළිකාවල සුවතාවට නැතිවම බැරිය. තයිරොයිඩ් ග්‍රන්ථිවලට වඩා අයඩින් පියයුරු පටකවල අඩංගුය. පියයුරු පටකවලට ප්‍රතිඔක්සිකාරක ගුණයේ වාසි ලබා දෙන්නේ අයඩීන් ලවණයයි. අයඩීන් ඌන වූ විට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වන්නේ සෛලවල ආරක්ෂාව ගිලිහී යන නිසයි.

පිළිකාවක් නොවුණ ද වේදනාකාරී ගෙඩි ද කාන්තාවන් නිතර මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයකි. ෆයිබ්‍රොසිස්ටික් ලෙස හඳුන්වන මේ තත්ත්වය පියයුරු පිළිකා සෑදීමේ අවදානම වැඩි කරන සාධකයක් වේ.

ඔසප්වීමට පෙර ඇතිවන වේදනාකාරී ගෙඩි පහසුවෙන්ම ස්වයං අධ්‍යයනයෙන් හඳුනාගත හැකිය.

* ගෙඩි සෑදීමට හේතුවක්

අතිරේක අයඩීන් නොලැබුණොත් පියයුරු පටක ඊස්ට්‍රජන් හෝර්මෝන නිසා උත්තේජනය වේ.

අයඩීන් දරුවාගේ මොළයේ වර්ධනයට අවශ්‍යය. එනිසා මවු කිරිවල ද අයඩීන් තිබීම වැදගත්ය.

 

අන්තර්ජාලයෙනි

354 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 14, සඳුදා 12:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න