තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 12, අඟහරුවාදා 14:36

තරබාරුවට පිළියම් (උපවාසය)

Written by 
අගයන්න
(0 මනාප)
රුව රැක ගන්න කේරළ රහස්  ‘සිහින් සිරුර’ අපේ රටේ පමණක් නොව ලොව පුරා කාන්තාවන්ගේ සිහිනයකි. තරබාරු බව, පමණට වඩා පිරිපුන් බව සිරුරේ හැඩය නැති කරන නිසා බොහෝ කාන්තාවෝ සිරුර සිහින්කර ගැනීමට නොයෙකුත් දේ සිදු කරති. මේ වෙනුවෙන් ඇතැම් අය නොකරන දෙයක් නැති තරම්.  නොබොන බෙහෙතක් නැති තරම්. ස්ථූල බව සිරුරට අවලස්සනක් එක් කිරීමට අමතරව රෝග රැසකට ද හේතු වේ.  සිහින් සිරුරක් පවත්වා ගැනීම සිරුරේ අලංකාරය, හැඩය ගැන සිතන ඔබට නිරෝගී බවට ද හේතුවක් වේ.  උසට සරිලන මහත නැතිනම් බර පවත්වා ගැනීම කාන්තාවකට පමණක් නොව පිරිමි පාර්ශවයට ද වැදගත් ය.  බොහෝ අයට ඉදිරියට නෙරා එන උදරය මහත් ගැටලුවක් වී ඇත. ඒ සඳහා සිදු කළ හැකි පිළියම් ගැන අද අපි කේරළ රහස් මඟින් කතා කරමු.  සුන්දර සිරුරක් හිමි කාන්තාවන් මෙන්ම කඩවසම් සිරුරක් හිමි පුද්ගලයන් ද සමාජයේ දී වඩාත් කැපී පෙනෙයි. මුහුණ කොතරම් සුන්දර වුවත් සිරුර තරබාරු නම් එය සුන්දර මුහුණේ ලස්සන නැති කිරීමට සමත් ය. මේ සඳහා ව්‍යායාම ආදිය සිදු කළත් ආයුර්වේදයේ ඇති ‘උපවාසය’ ද වැදගත් වේ.  උපවාසය ලෙස හැඳින්වෙන්නේ කිසියම් කාල සීමාවක් තුළ සියලුම ආහාර පානවලින් වැලකී සිටීමයි. ආහාර හොඳින් පාලනය කරීම තරබාරුව මට්ටු කිරීමට ඉන්දීය කාන්තාව අදටත් අනුගමනය කරන ප්‍රතිකර්මයකි.  මේ සඳහා වන උනන්දුව හා කැපවීම මත නියම ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙම උපවාසය කිරීමේ පිළිවෙලක් ද පවතී.  ඒ සඳහා පළමුව 'උපවාසය' කිරීමට ඔබ අදහස් කරන දිනට පෙර දින ත්‍රිපලා චූර්ණය (අරළු, බුළු, නෙල්ලි) තේ හැඳි 2 ක් පමණ උණුවතුර සමඟ මිශ්‍රකර රාත්‍රී නින්දට පෙර පානය කරන්න. මෙමඟින් ආහාර මාර්ග පද්ධතිය හොඳින් පිරිසුදුකර ගැනීමට හැකිය.    * උදෑසන ආහාරයෙන් පසුව පැය 12 ක  කාලසීමාවක් මුළුමනින්ම ආහාර ගැනීමෙන්  වැළකී සිටිය යුතුයි.  * එම කාලය තුළ උණුවතුර ලීටර් 8 ක් වත්  පානය කළ යුතුයි. * අදාළ කාලය තුළ ව්‍යායාම, බරවැඩවල  නොයෙදිය යුතුයි.  * උපවාසය හුරුපුරුදු නැති කෙනෙක් නම් මුල්  දිනවල ලුණු, පොල්කිරි, සීනි ආදියෙන් තොර  ඖෂධීය කොළ වර්ගයකින් කැඳ සාදා පානය  කිරීම හෝ දෙහි, දොඩම්, පැණි කොමඩු, නෙල්ලි,  බෙලි, ගස්ලබු යන පලතුරු යුෂ පමණක් පානය  කළ හැකිය.  * එම කාලය තුළ මඳ උණුසුම් ජලයෙන්  ස්නානය කිරීම ද වැදගත් වේ.  මෙම පැය 12 අවසන් වීමේ දී උණුසුම්, පහසුවෙන් ජීරණය වන, සැහැල්ලු, සමබල ආහාරයක් ප්‍රථමයෙන් ගත යුතුයි.  මෙය මාසයකට දින 7-8 ක් කිරීම මඟින් ඔබට ඉතා සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකිය.  මෙය ඉස්ලාම් භක්තිකයන් වසරකට මාසයක් පුරාවට ආගමික කටයුතුවල යෙදෙමින් රාමසාන් දිනය තෙක් සිදු කරයි.  මෙමඟින් තරබාරුව අඩු වී නිරෝගී බව ළඟාකරගත හැකි වේ.  උපවාස කාලය දිගු කාලයක් පුරුද්දක් වශයෙන් සිදු කිරීම මඟින් ආයුෂ දිගු වීමටත්, නිරෝගී බව හා තාරුණ්‍ය රැක ගැනීමටත් හැකියාව ලැබේ. මෙමඟින් සිරුරේ ඇති අතිරික්ත කැලරි ප්‍රමාණය දහනය වේ.  හෘද රෝග අවධානම අවම වේ. සිරුරේ මේද ප්‍රමාණය අඩු වීම නිසා සම පැහැපත් වේ. දීර්ඝායුෂ ලැබේ.  සිරුර නිරෝගී වේ.  මේ අනුව අනවශ්‍ය තරබාරුව පාලනය කිරීමට හැකියාව ඇත.  ඒ සඳහා මෙය පහසු හා සරල ක්‍රමයක් වන අතර අඩු තරමින් දිනකට ප්‍රධාන ආහාර වේල්වලින් එකක්වත් අඩු කිරීම ඉතා වැදගත් ය.     අයන්ති උඩුගම්පල 
204 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 14:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න