තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූලි 31, අඟහරුවාදා 14:17

කන්ද උඩරට ළඳුන් හැඩ කරන සැලෝන් මයි බ්‍රයිඩ්

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නන් දෙස විසිරී පැතිරී සිටින දක්ෂතා සපිරි ශිල්පිනියන් සොයා යන ගමනේ අද අපේ නැවතුම මහනුවර විලියම් ගොපල්ලව මාවතේ අංක 300/ඕ/1/1 දරණ ස්ථානයේ පිහිටා ඇති සැලෝන් මයි බ්‍රයිඩ් ය.

 

එහි හිමිකාරිණිය වන්නේ නිරංජලා සුවිමාලි සුබසිංහයි.

නිරංජලා, ඇගේ මවගේ ආභාසයෙන් රුව අලංකරණය හා මැහුම් ගෙතුම්වලට යොමු වී තිබේ. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව 2002 වසරේදී රූපලාවණ්‍ය කලාව විධිමත් ලෙස හැදෑරීම ආරම්භකර ඇත. ඒ චාන්දනී බණ්ඩාර, ඉරේෂා ගොඩගමුව යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් යටතේය. ඉන් අනතුරු චාන්දනී බණ්ඩාර රූපලාවණ්‍ය ඇකඩමියට සම්බන්ධ වී වසර පහක කාලයක් සේවයකර තිබේ. එලෙස තමන් ලත් න්‍යායාත්මක සහ ප්‍රායෝගික රූපලාවණ්‍ය අත්දැකීම් සහ තමන්ගේ සහජ දක්ෂතා තව තවත් වැඩිදියුණු කරගෙන 2013 වසරේ දී තමන්ගේම කියා රූපලාවණ්‍යාගාරයක් මහනුවර නගරයේ දී ආරම්භ කළාය.

එය පියවරින් පියවර ඉදිරියට ආ අතර නවීන පහසුකම් හා අංගෝපාංගවලින් සපිරි රූපලාවණ්‍යාගාරයක් බවට ද පත්විය. එමෙන්ම සැලෝන් මයි බ්‍රයිඩ් දිනෙන් දින පාරිභෝගිකයා අතර ද ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත් විය.

සිය දෑතේ ප්‍රතිභාව මනාව විදහාපාන සුවිමාලි අතින් හැඩවන්නට පැමිණෙන මනාලියන්ට උපරිම සේවයක් සපයන සුවිමාලි මනාලයන් සඳහා අවශ්‍ය කරන මුල් ඇඳුම් ද සපයයි. ඒ සුවිමාලිගේ සැමියාගේ මුල් ඇඳුම් ව්‍යාපාරය වූ 'අපේ නිළමේ' වෙතිනි. ඇයගේ රූපලාවණ්‍යාගාරයට පැමිණෙන ඔබට මේ අපූරු ව්‍යාපාර සුසංයෝගය විශිෂ්ට සේවාවක් සපයනු ඇත.

රූපලාවණ්‍යයට මෙතරම්ම ඇලුම් කළ ඇයට මේ කාලයේම සැමියා චමින්ද තිලකරත්න ද හමුවිය. ඔහුද ඡායාරූපකරණය හා උඩරට මුල් ඇඳුම් පිළිබඳ කටයුතු කරන වෘත්තියක නියැළීම ඇගේ ගමනට අත්වැලක් විය.

මෙලෙසින් දෙදෙනාම එක්ව ගෙනගිය රූපලාවණ්‍ය හා ඇඳුම් නිර්මාණකරණය, ඡායාරූපකරණය පිළිබඳ මහනුවර පුරවරයේ ජනප්‍රියත්වයක් ගොඩනැගිනි. මේ යන ගමනේ 2009 වසරේ දී සන්සිල්ක් හැඩකාරී තරගයේ ප්‍රථම ස්ථානය හිමිවීම ඇයගේ රූපලාවණ්‍ය දිවියේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කෙරීය.

සුවිමාලි, තම රූපලාවණ්‍යාගාරයේ කටයුතු සඳහා උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන භාවිත කරනු ලැබේ. එමෙන්ම ඇගේ කාර්යයමණ්ඩලය දස දෙනකුගෙන් සමන්විතයි.

සෙංකඩගල පුරවරයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගනිමින් පවත්වාගෙන යන සිය ව්‍යාපාරයේ නවතම ශාඛාව ඉකුත්දා පොළොන්නරුව රෝහල හංදිය අංක 13/17 දරණ ස්ථානයේ දී විවෘත කෙරිණි.

මේ සමඟම පුලතිසිපුරවරයේ ඡායාරූපකරණයේ ප්‍රමුඛ ආයතනයක් වන 'ලංකාර ෆොටෝ ග්‍රැෆික්' හා එක්ව පාරිභෝගිකයන් වෙත මංගල අවස්ථාවකට අවශ්‍ය වන සියල්ල එකම වහලක් යටින් ලබාදීමට ද ඇය පියවර ගෙන තිබේ.

තමන් ආ ගමනට දිරිය ශක්තියක් වූ මාපියන්, සැමියා සහ සිය රූපලාවණ්‍යාගාරයේ කාර්යය මණ්ඩලයෙන් ලැබෙන සහය ඉතා කෘතවේදීව ඇය සහිපත් කළා.

රූපලාවණ්‍යකරණයේ විශිෂ්ට සේවාවක් සපයා ගැනීමට සැලෝන් මයි බ්‍රයිඩ් සැබැවින් ඔබ වෙනුවෙන්ම විවෘතව පවතී.

 

 

සම්බන්ධීකරණය ජයන්තිපුර සමූහ - හේමන්ත බණ්ඩාර

796 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 31, අඟහරුවාදා 14:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න