තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 13:57

ලස්සන වෙන්නවට්ටක්කා කන්න විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
    වට්ටක්කා කියන්නේ, කැල්සියම්, යකඩ, ප්‍රෝටීන්, පොස්පරස්, ප්‍රතිඔක්සිකාරක හා විටමින් සී වැනි සමට හිතකර පෝෂ්‍ය පදාර්ථය බහුල එළවළුවක්.

 

කරියක් විදිහට වගේම තැම්බුමක් විදියටත් වට්ටක්කා ඉතා රසවත්. වට්ටක්කාවලින් දැනෙන රසය, ගුණය වගේම ඔබේ සිරුර පැහැපත් කරන්නටත් ලැබෙන සහයෝගය පුදුම සහගතයි. මේ ලිපිය වට්ටක්කාවලින් ලස්සන වෙන හැටි දැනගන්න කැමැති අයට ඉතා වැදගත් වේවි.

මුහුණේ අඳුරු ලපවලට

වට්ටක්කා මඟින් සමේ සෛල ආරක්ෂා කර දෙනවා. වට්ටක්කාවල ඇති බීටා කැරොටීන් අහිතකර උඍ කිරණයන්ගෙන් සම ආරක්ෂා කිරීමට සහය වෙනවා.

කුරුලෑවලට

වට්ටක්කාවල අඩංගු නියසීන් මඟින් රුධිර සංසරණය ක්‍රමවත් කරන අතර එමඟින් කුරුලෑ ඇතිවීම වළක්වනවා. ඒ වගේම වට්ටක්කා ඇටවල ඇති සින්ක් මඟින්ද කුරුලෑ ඇතිවීම වළක්වයි.

සමේ තෙතමනයට

විටමින් ඕ3 වලින් සපිරි වට්ටක්කා වියළි සමේ තෙතමනය ඉතා හොඳින් රැක දෙනවා.

හිස කෙස් වැවීම වේගවත් කරයි

ඔමේගා 3 මේද අම්ලයෙන් හා සින්ක්වලින් සමන්විත වට්ටක්කා හිසකෙස් වර්ධනය වේගවත් කරවයි.

හොඳ කන්ඩිෂනර් එකක්

අමු වට්ටක්කා මදය ස්වල්පයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්‍රකර හිසකස්වල ගල්වා මිනිත්තු කිහිපයක් තබා සෝදා හරින්න. දීප්තිමත් ව නිරෝගීව කෙස් ආරක්ෂා කරන්නට ඒ මිශ්‍රණය ඉතා යෝග්‍යයි.

තෙල් අධික සම යහපත් කරයි

වට්ටක්කාවලින් සාදා ගත් පල්පයක් තෙල් සහිත මුහුණේ ආලේප කොට සමේ ඇති තෙල් ඉවත් කරගත හැකියි. මෙහි ඇති එන්සයිමයන් සමේ සෛල නිපදවීම වැඩි කරවයි.

යස්ගතවීමට එරෙහිව සටන් කරයි

වට්ටක්කාවල විටමින් ඛ් බහුල වේ. මෙමඟින් කොලැජන් නිපදවීම වැඩි කරමින් වයස්ගතවීමට එරෙහිව සටන් වදියි.

 

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

ලංකා කුමාරි

ලක් රූ සැලොන්

දළුගම

1351 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 13:58
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Facia Golden Touch »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න