තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 11:59

මේ සොඳුරු කොණ්ඩ මෝස්තරය ඔෆිස් යන ඔබටයි

ලිව්වේ  ප්‍රසන්නි ගී තරංගමා
අගයන්න
(0 මනාප)
ලස්සන ඇඳුමකින් පුංචි පහේ මේකප් එකකින් ඔබ ඔෆිස් ගමනට සැරසෙනවා. ඒත් කොණ්ඩයට සුපුරුදු පෝනිටේල් එක හැර වෙනත් වෙනසක් කළ හැකිද?

 

තවත් ඒ ගැන සිත වෙහෙස විය යුතු නැහැ. මේ ලස්සන කොණ්ඩ මෝස්තරයෙන් ඔබට තනියම කෙස් කලඹ සරසා ගන්න පුළුවනි. එහි ඇත්තේ ඉතා සරල පියවර කීපයක් නිසා මේ කොණ්ඩ මෝස්තරයට වැඩි කාලයක් වැය වන්නේත් නැහැ.

පළමුව කොණ්ඩය අවුල් හැර පීරා ගන්න. වම්පස ඉදිරි පසින් කොණ්ඩ රොදක් අතහැර කොණ්ඩය පිටුපසට පීරා ගන්න. එම කොණ්ඩයෙන් හිස පසුපස ඉහළට වන්නට පෝනි ටේල් එකක් දමා ගන්න.

ඉන් පසුව ඉදිරිපස කෙස් රොදවල් දෙකක් වන්නට බෙදා අල්ලා ගන්න. එයට පෝනි ටේල් එකෙන් කෙස් රොදක් එකතු කරමින් ගෙතුමක් ආරම්භ කරන්න. මෙම ගෙතුම පෝනි ටේල් එක වටා පෝනි ටේල් එකෙන් කෙස් රොද බැගින් වරින් වර එකතු කරමින් ගොතා ගත යුතුයි. කොණ්ඩයේ දිග තිබෙන තෙක්ම ගෙතුම සිදුකරන්න. ගොතා ගත් කොණ්ඩයේ අවසන් කොටස ඡායාරූපයේ පරිදි නිර්මාණය වූ කොණ්ඩ මලට තබා කොණ්ඩා කටුවකින් රඳවන්න.

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ කේශාලංකරණ ශිල්පිනී

නිල්මිණි බන්නැහැක

149 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:00
අදහස් එක් කිරීමට ලොග් වෙන්න