තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:47

චර්ම රෝගයක් ඇත්නම්...

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(1 මනාපය)
චර්ම රෝගයක් බාල, මහලු ඕනෑම කෙනකුගේ මානසික අස්වැසිල්ල එහෙම පිටින්ම බිඳ දමාවි. හෙළ රහස් ගෙනෙන මේ ආහාර පාන ගැනත් සිතා බලන්න.

 

සුදුසු දෑ

එළවළු වර්ග - කැරට්, බීට්රූට්, අර්තාපල්, කොහිල, බෝංචි, පතෝල, වැටකොළු, දඹල, අළුකෙසෙල්, තලනබටු.

කොළ වර්ග, පලා වර්ග - තම්පලා, සාරණ, ගොටුකොළ, මුකුණුවැන්න, පෙති තෝර, කිරි අඟුණ, කන්කුන්, කෝවක්කා, කතුරුමුරුංගා, අත්තික්කා කොළ දලු, ඇහැළදළු කොළ.

කොළ කැඳ වර්ග - හාතාවාරිය, ගොටුකොළ, ඉරමුසු, රණවරා, පොල්පලා, එරබදු කොළ, කෙසෙල් කොළ, මොණරකුඩුම්බිය.

නුසුදුසු ආහාරපාන

එළවළු වර්ග - රාබු, වම්බටු, ගෝවා, මුරුංගා, මෑකරල්, පුහුල්, කැකිරි, පිපිඤඤා, දෙල්, පොලොස්.

මස්, මාළු, කරවල - සියලුම මස් වර්ග, බලමාළු, කෙලවල්ලා, හුරුල්ලා, ඇටවල්ලා, ඉස්සෝ, දැල්ලෝ, කූනිස්සෝ, කකුළුවෝ, පොකිරිස්සෝ, ජාඩි, බල කරවල, ඇටවලු කරවල.

පලතුරු වර්ග - අන්නාසි, රඹුටන්, අඹ, මැංගුස්, දූරියන්, ජම්බෝල, කාමරංගා.

කෘත්‍රිම ආහාර වර්ග - සොසේජස්, සැමන්, සෝස් වර්ග, විනාකිරි, ටින් කළ ආහාර, කෘත්‍රිම බීම වර්ග.

ක්ෂණික ආහාර - අච්චාරු, රස කාරක හා වර්ණක මිශ්‍ර කළ ආහාරපාන, ලුණුදෙහි, ගැඹුරු තෙලේ බැදගත් ආහාර.

 

ඖෂධීය වට්ටෝරු

අරළු, බුළු, නෙල්ලි තම්බා සේදීම.

වෙනිවැල්ගැට තැම්බූ ජලය.

කොහොඹ දලු, පින්න කොළ, නිදිකුම්බා කොළ, අමුකහ තැම්බූ ජලය.

නුගපොතු, බෝ පොතු, අට්ටික්කා පොතු කොළ, ගම්සූරිය කොළ, ඇහැළ කොළ තැම්බූ ජලය.

ගම්සූරිය කොළ, පොතු තම්බා සේදීම.

කුඹුක් කොළ, කොහොඹ කොළ, අත්තික්කා පොතු තැම්බූ ජලය.

 

හෙළ රහස් ඇසුරිනි

137 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:48
අදහස් එක් කිරීමට ලොග් වෙන්න