තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 13:26

සංගීතයට කැමැති දෝණිට ලස්සන උපන්දින කේක් එකක්

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
සංගීතයට බොහෝ සෙයින් ආදරය කරන පුංචි දියණියකටය. මේ කේක් නිර්මාණය සංගීතයේ මිහිරියාව කේක් එක මත හැඩවී තිබෙන අපූරුව හරිම ලස්සනයි නේද? ඔබේ පුංචි දෝණි සංගීතයට එතරම්ම පි‍්‍රයයි නම් මෙවැනි කේක් එකක් ඇගේ උපන්දිනයට හරිම අපූරුයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබට කැමැති වර්ගයකින් සාදාගත්

රවුම් කේක් කිලෝ 1 ක්

කිලෝ දෙකක තැටියක සාදාගත්

රවුම් කේක් දෙකක්

සුදු ෆොන්ඩන්ට් අයිසිං

රවුම් බේස්බෝඩ් එකක්

කළු රෝයල් අයිසිං

පාච්මන්ට් අයිසිං

 

නිර්මාණය කිරීම

පළමුව ඔබ සාදාගත් කේක් දෙක ගෙන සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. පසුව කීබෝඩ් එකක තත් ආකාරයට බේස් බෝඩ් එක වටේට කොටස් ලකුණු කරගන්න. ඉන්පසු එහි උඩින් කළු ෆොන්ඩන්ට් අයිසිං මඟින් තත් ආකාරයට කොටස් කීපයක් කපා අලවන්න. දැන් කේක් දෙක පිළිවෙලින් බේස් බෝඩ් එක මත තබාගන්න. නොම්බර 1 හෝ 2 නොසලයට රෝයල් අයිසිං දමා කේක් දෙක වටා ස්වර ප්‍රස්ථාර ආකාරයට අයිසිං කරගන්න. කේක් දෙක සම්බන්ධ වන තැනට රෝයල් අයිසිං මඟින්ම ෂෙල් බෝඩරයක් දමාගන්න.

පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් මල් සහ කොළ කේක් එකෙහි ඉහළින් රඳවන්න. පසුව ක්‍රීම් පැහැති ෆොන්ඩන්ට් අයිසිං මඟින් බේබිඩෝල් සාදා ඇගේ ගවුම රෝස පාට ෆෝන්ඩන්ට්වලින් සාදා අලවන්න. ගවුමෙහි යටින් කළු රෝයල් අයිසිං මඟින්ම වර්ක් එකක් දමන්න. මේ සඳහා වෙළඳපොළෙන් ලබා ගත් ඩෝල් කෙනෙක් වුවද තබා ගත හැකියි. දැන් අංක 10 ඉලක්කම රෝයල් අයිසිංවලින්ම සාදා කේක් එකෙහි ඉහළින් රදවන්න.

උපදෙස්
ප්‍රවීන කේක් නිර්මාණ ශිල්පිනී
කල්‍යාණි මුණසිංහ 

110 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 13:29
මේ යටතේ එන අනෙකුත් ලිපි: « මල් මංගල්ලෙට හැඩැති කේක්
අදහස් එක් කිරීමට ලොග් වෙන්න