තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 29, සඳුදා 16:30

රීබොන්ඩිං කොණ්ඩයක් සඳහා ස්වභාවික පෝෂණීය සත්කාරයක් විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
සොබා දහම් මාතාවගේ අපූරු නිමැයුම කාන්තා ඔබයි. කාන්තා රූ සපුව ගැන කතා කිරීමේ දී අපට මුලින්ම මතකයට නැගෙන්නේ පංච කල්‍යාණයයි. එයිනුත් කේෂ කල්‍යාණයට එනම් කෙස් කළඹට විශේෂ තැනක් හිමි වේ.

 

පුරාණ කාලයේ සිට දියණියකගේ උපතෙන් පසු මුලින්ම කපා ඉවත්කරන ලද කෙස් රොදවල් ස්වල්පයක් ගලාගෙන යන්නා වූ ජලයේ පාකර හරියි. එසේ කරනුයේ එම දිය දහරාව සේ දිගුවන් කෙස් කළඹක් දයාබර දියණියට හිමිකර දීමටයි. ස්වභාව ධර්මයාගේ ආශ්චර්යමත් ආශීර්වාදය ලබා ගැනීම උදෙසායි.

නමුත් දැන් දැන් අපට බොහෝ දුරට දක්නට ලැබෙන්නේ කෙටිවූත්, වර්ණ කළාවූත්, අශ්ව වලිගයක් ආකාරයට කෘත්‍රිමව සකසන කෙස් කළඹන්ය. ඒ අතරට රීබොන්ඩින් කිරීමත් එකතු වෙලා.

මේ රීබොන්ඩිං කිරීම අද අපේ තරුණියන් අතර ජනප්‍රියම විලාසිතාවකි. හිසකෙස් සෘජුව තිබෙන විලාසිතාවක් බැවින් ඕනෑම තරුණියකට ප්‍රසන්න පිළිවෙළක් මින් ලැබෙනවා.

එහෙත් රීබොන්ඩිං කිරීම කියන්නෙත් ස්වභාවික හිසකෙස්වලට යම් කෘත්‍රිම දේවල් එකතුකිරීමකි. එබැවින් මේ රීබොන්ඩිං කිරීමකින් අනතුරුව කෙස් කළඹට පෝෂණ සත්කාරයක් ලබාදිය යුතුයි. එහෙත් අපේ තරුණියන් එවැනි සත්කාර කරන්නට යොමුවන අවස්ථා අඩුයි.

ඔබ හිසකෙස් විලාසිතාවලට සකසනවා වගේම එයට නිසි සත්කාර කිරීමටත් මතක තබාගන්න.

මේ රීබොන්ඩිං කළ කෙස් කළඹකට ස්වභාවික පෝෂණීය සත්කාරයක් කරන අයුරුයි.

 

මේ සඳහා අවශ්‍ය වනුයේ

හොඳින් ඉදුණු අලිපේර ගෙඩියක්

තැඹිලි තෙල් ස්වල්පයක්

බිත්තරයක්

දෙහි යුෂ ස්වල්පයක්

යෝගට් එකක්

 

සත්කාරය සිදුකරන අයුරු

මේ සියල්ල හොඳින් මිශ්‍රකර හිසකෙස්වල ආලේප කිරීමට පහසු මිශ්‍රණයක් සාදා ගන්න. ඉන්පසු හිසකෙස් කොටස් වශයෙන් බෙදා උඩ සිට පහළට හා හිස මුදුනට වන්නට එකතුකර ෂවර් කැප් එකක් ආවරණය කරන්න. මෙම මිශ්‍රණය හිස්කබලට හොඳින් කා වදින සේ තවරන්න. මෙම සත්කාරය ඔබ රූපලාවණ්‍යාගාරයක දී සිදුකරනවා නම් පැයක පමණ කාලයක් තබා සෝදා හරින්න. නිවෙසේදි සිදුකරනවා නම් පැය 1 1/2 ක් 2 ක් පමණ තබන්න. මෙය සති තුනකට වරක් සිදුකර ගැනීමෙන් නිරෝගී ලස්සන කෙස් කළඹක් ඔබටත් උරුම වේවි.

මෙය රීබොන්ඩිං නොකළ කෙස් කළඹකට වුවද ඉතා යෝග්‍යයි.

 

 

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

 

ඡායා - හිරන්ත ගුණතිලක

 

 

උපදෙස් - රූපලාවණ්‍ය ශිල්පිනී

මායා සුරංගිසැලෝන් මායා

මාවරමණ්ඩිය

496 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 29, සඳුදා 16:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න