තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 නොවැම්බර් 05, සඳුදා 16:18

විවාහයට සුදුසුම වයස ඔබ දන්නවද? විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(1 මනාපය)
බොහෝ දෙනා අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පස්සේ රැකියාවක් හොයාගෙන එයින් පසුව හොඳ විවාහයක් කර ගන්නවා යන අධිෂ්ඨානයෙන් තමයි කටයුතු කරන්නේ.

 

ඒත්, විවාහ වෙන්න හොඳම වයස මොකක්ද කියලා කවුරුත් හිතන්න නැතුව ඇති.

යුටා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන නිකොලස් වුල්ෆින්ගර්, විවාහ වෙන්න සුදුසුම වයස පිළිබඳ සෙවීමට අපූරු අධ්‍යයනයක් කර තිබෙනවා. ඔහු මේ පර්යේෂණයෙන්, දික්කසාදවීම ඉතාමත්ම අඩුවෙන් සිදුවන, විවාහවීමට සුදුසුම කාලය කුමක්ද යන්න හඳුනාගෙන තිබෙනවා.

ඔහු පවසන ආකාරයට ඒ වයස 28 - 32 අතර කාලයයි.

ඔහු මේ පර්යේෂණය කර තිබෙන්නේ ඇමෙරිකාවේ පවුල් වර්ධනය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කරලයි.

එහි දී වයස අවුරුදු 15 ත් 44 ත් අතර පිරිමින් සහ කාන්තාවන් 22000 ක ගේ පමණ විවාහය, දික්කසාදය, ලිංගික කාර්ය සහ ගැබ් ගැනීම් වැනි කරුණු ගැන අධ්‍යයනය කර තිබෙනවා.

අවසානයේදී ඔහු විවාහ වීමට සුදුසුම කාලය ලෙස නම් කර තිබෙන්නේ වයස අවුරුදු 28 - 32 වයස් සීමාවයි.

ඔහුගේ අධ්‍යයනවලට අනුව, නව යොවුන් වියේ සිට වයස අවුරුදු විසි ගණන්වල අවසානය දක්වා සිදුවන විවාහ දික්කසාද වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 32 න් පසු සිදුවන විවාහ දික්කසාදයෙන් කෙළවර වීමේ අවදානම වසරකට 5% කින් ඉහළ යන බවද පැවසෙනවා. වයස අවුරුදු 28 - 32 අතර විවාහවීමේ තවත් වැදගත්කමක් ලෙස ඔහු දක්වන්නේ, ඒ වන විට ඔබගේ රුචි අරුචිකම් සහ ඔබ ගේ සහකරුගෙන් බලපොරොත්තුවන විශේෂතා ඔබ හොඳින් හඳුනාගෙන තිබීමයි.

මේ හේතුවෙන් අඩු වයසින් විවාහ වන අයට වඩා, ඉහත වයස් පරතරයේදී විවාහ වන අයට සර්ථක විවාහ දිවියක් හිමි වෙනවා.

තරුණ වියේදී හෝර්මෝන වර්ධනය නිසා ඇතිවන ආශාවන්ට වහල් නොවී, මේ වයස් සීාමවේදී සහකරු තෝරා ගැනීමේ හැකියාව ඇති බවයි පැවසෙන්නේ.

ඉහත වයස පරතරයට පැමිණෙන විට, ජීවිතයේ වැදගත් තීරණ ගෙන තිබීමත්, වගකීමක් දැරීමට හැකි තත්ත්වයකට පත්ව තිබීමත් බොහෝ විට ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පත්ව තිබීමත් නිසා විවාහ දිවිය ඉතාමත සාර්ථක වේවි.

ඇමෙරිකානු දත්ත උපයෝගි කර ගනිමින් මේ පර්යේෂණය සිදු කර තිබුණත්, බොහෝ දුරට මෙය ශ්‍රී ලංකාවටත් හොඳින් ගැළපෙන බව පෙනෙනවා නේද?

420 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 16:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න