සඳ කිණිති අරන් නුඹ ඔහොම ආවාම
මගෙ හිතේ විදුලියක් කොටනවා හැමදාම
දළදාව වඩාගෙන මන්දිරේ දිළෙන කොට
හීගොතුව සිපගන්න නුඹ ඇවිත් මං ගාව
ආදරේ කියන්නෙම අඳුරෙ ගුලි වෙන එකද
තද අව්වෙ වේළිලා මඟ බලන් ඉන්නෙක ද
රෑ පුරා මල ඉහළ මගෙ යහනෙ වෙළෙනෙක ද
හිමිදිරියෙ අරුණෝදෙ මට හොරෙන් යන එකද
වැව රවුමෙ නුඹ එක්ක ඇවිදින්න ඉඳහිටක
රිදෙනකොට හිත අරන් නුඹෙ අත්ලෙ සතපන්න
සීරුවම හෙමිහිටම මගෙ කඳුළු සඟවන්න
තවම මං ළෙන්ගතුයි හන්තානෙ වගෙ උහුලන්න
ඈත පායන්නෙ සඳ මඬල ඒක මට හරි හැඩයි
හීනයක සතපලා සඳ මඩලෙ නිදි කරලා
පොඩි පොකුරු හැඩ වැස්ස පීරුණාම වැව් තලේ
පිටවාන තුරුළු කර හැංගුණා මට හොරෙන්
වර්ෂ 2021 ක්වූ January 13 වැනිදා Wednesday