සුන්දර විලාසිතාවක චමත්කාරය

ඔක්තෝබර් 23, 2019

සුන්දර මනාලියක වී කුලගෙට යන්නට පෙරුම් පුරණා ආදරණීය ඔබ වෙනුවෙන් අපි අද තවත් ලස්සනම ගවුමක් මෙලෙස ගෙන එනවා.

තනි සුදු පැහැති රෙදිවලින් මෙන්ම ලේස් රෙදිවලින් ද මේ ගවුම මසාගත හැකියි. ඒ වගේම කෙට්ටු යුවතියකට ත් මහත යුවතියකටත් මේ විලාසිතාව අපූර්ව ලෙස ගළපාගත හැකියි. මෙහි දැක්වෙන පින්තූර දෙස බැලීමෙන් ඒ බව වටහාගත හැකි වේවි.

ඔබට මේ ගවුම වෙනත් වර්ණයකින් ද මසා ගොයිනවේ හෝ හෝම්කමිං අවස්ථාවන් ට ද භාවිත කළ හැකියි. එපමණක් නොව පී‍්‍ර ෂූට් පින්තූර සඳහා ද සුන්දරබවක් ගෙන දේවි.

මෙම ගවුම සඳහා වැලන්ටිනා සෙටින් හෝ බ්‍රයිඩල් සෙටින් වැනි රෙදි වර්ගයකින් 60 පළල රෙදි යාර 7ක් හා පොප්ලින් යාර 5ක් ගන්න. ලේස් හෝ නෙට් රෙදිවලින් මසනවා නම් ඒ රෙදි ද ඉහත ප්‍රමාණයටම ගන්න.

මිනුම්

01. උරහිස = අඟල් 16

02. කර ගැඹුර = අඟල්7

03. පපුව දක්වා උස = අඟල් 8

04. පපුව අඩිය දක්වා උස = අඟල් 11

05. ඉණ දක්වා උස = අඟල් 14

06. සාය උස = අඟල් 41

07. පපුව වට මිනුම = අඟල් 36

08. ඉණ වට = අඟල් 30

09. පපුව අතර පළල = අඟල් 34

10. පිටුපස කර ගැඹුර = අඟල් 10

11. කර වට = අඟල් 14

ගවුම නිර්මාණය කිරීම

01. පළමුව ඉදිරිපස සාය කපා ගන්නා ආකාරය බලමු. මේ සඳහා ගත් 60 පළල රෙදි යාර 3½ ක් බලවාටිය දිගේ 2ට නමන්න.

02. මෙසේ නමා ගත් රෙදි කොටස හරි හතරැස් ආකාරයට දක්නට ලැබේ.

 

උපදෙස් - NVQ Level 4 සම්මානලාභී ප‍‍්‍රවීණ මැහුම් උපදේශිකා, වෘත්තීය මාර්ගෝපදේශිකා

පුණ්‍යා සමන්ති

රූ රටා - විදුමිණි නිමේෂා

2019/10/23 තරුණි පුවත්පත බලන්න.