තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:34

පුංචි සුරඟනන් බඳු මල් කුමරියන් අතරැඳි මල් කලඹ විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
පුංචි සුරංගනාවන් බඳු මල් කුමාරියන් පිරිවරා ගත් විවාහ මංගල්‍යයක් ඕනෑම කෙනකුගේ මනබඳිනා දසුනක්. මේ පැංචියන් වඩාත්ම හැඩකරන්නේ මංගල ඇල්බමයයි.

 

වයසින් ඉතාම අඩු මල් කුමරියන් නම් ඡායාරූපවලට ගැනීමත් තරමක් අසීරු කාරණයක්. එහෙත් නෑදෑ හිතවතුන්ගේ පුංචි දූලාව නොගෙන කොහොමද කියා සිතමින් මල් කුමාරියන් ලෙසට හැඩවැඩ ගන්වා සූදානම් කරන අයුරු ඔබ හොඳින්ම දැක ඇති.

වත්මනේ මල් කුමරියන් දෙදෙනකුට, හතරදෙනකුට සීමාවන තරම්. මොවුන් දෙවැනි මනාලියන්ගේ පුංචි ස්වරූපය (ඕපඪඤඥඵථචඪඤඵ ඉඪථඪතචප ඍඥපඵඪධද) ලෙසින් බොහෝ විට ඇස ගැටෙනුයේ.

මේ සුරතල් පැංචියන් අත රැඳෙන, හිස රැඳෙන මල් ඔවුනට බරක් නොවිය යුතුයි. මේ නිසාම ඉතාම අඩු වයසේ සිටින හා දඟකාරකමින් අනූන වූ දැරියන් මල් කුමරියන් වේ නම් ඔවුන් අත රැඳෙනුයේ කොසාජ් වර්ගයේ මල් කලඹකි. එය අතේ ගැට ගසන එකක් නිසා මොවුන්ගේ දඟකාරකම්වලට එය කොහෙත්ම බාධාවක් නොවේවි.

ඒ හැරුණු කොට මල් කුමරියන් අත රැඳෙන තවත් මල් කලඹ වර්ගයකි, මල් පොකුර. මල් කිහිපයක් එකට එකතුකොට පොකුරක් ලෙස සාදා නටුව දිගට තිබියදී එය ආවරණය කිරීම, රිබන් එකකින් ගැට ගැසීම මෙහිදී සිදුවේ.

 

 

බෝල් එකක් මෙන් එල්ලා ගෙන සිටින මල් කලඹ වර්ගය ද මල් කුමරියන් සඳහාම විශේෂිත වූවකි. ඉහත කී සියල්ල ගවුමකින් හැඩවැඩවන මල් කුමරියන් සඳහා කදිමට ගැළපේවි. පෝසි හැඩයේ මල් කලඹ රැඳි මල් කුමරියන් බොහෝවිට උඩරට සම්ප්‍රදායට අනුව ළමා සාරිවලින් සැරසී සිටින අයටයි. හිස සැරසිල්ල සඳහා මල් ඔටුන්න, මල් බෑන්ඩ්එක ද දමයි.

ඔබත් විවාහ මංගල්‍යයක් නුදුරේම පැවැත්වීමට සැලසුම් කරන්නේ නම්, මල් කුමරියන් හැඩවැඩවන අන්දම පිළිබඳ දළ අදහසක් ඇතිකර ගැනීමට මේ ඡායාරූප උපකාරි වේදැයි බලන්න.

1. මේ පුංචි සුරංගනාවන් අත රැඳී ඇත්තේ පෝසි හැඩයට හුරු මල් කලඹයි. මෙහි දම් පැහැය ස්ප්‍රේකර පැලනොප්සිස් මල්, රෝසමල් හා ක්‍රිෂාන්තිමම් මල් අඩංගුකර තිබේ.

2. මෙහි සිටිනුයේ මල් කුමරියන් දෙදෙනෙකි. බටහිර ආරට හුරුව සැරසී සිටින නිසා මල් බන්ච් එකක් නටුව දිගට එන පරිදි සාදා තිබේ. සුදු පැහැ රෝස මල්, ළා කොළ පැහැ හයිඩ්‍රෙන්ජියා, සුදු පැහැ බේබිස්බ්‍රෙත් සහ පීච් පැහැ රෝසමල් ඊට එක්කර තිබේ.

3. විවාහ ගිවිස ගැනිමකදී මල් කුමරියන් හැඩවැඩ වූ අපූරුවයි මේ.

ළා රෝස හා සුදු පැහැ රෝසමල් දෙකක් රිබන් එකකින් ගැට ගසා තිබේ. හිස සැරසිල්ල මල් ඔටුන්නක් ලෙස සකසා තිබේ.

04. මේ මල් කුමරිය අත ඇත්තේ කොසාජ් වර්ගයේ මල් කලඹයි. ඒ සඳහා ළා රෝස පැහැය ස්ප්‍රේකළ රෝසමල් හා සුදුපැහැ රෝසමල් තිබේ.

05. මේ පුංචි පැංචි අත ඇත්තේ ද කොසාජ් වර්ගයේ මල් කලඹයි. හිස සැරසිල්ල රෝසමල් හා බේබිස්බ්‍රෙත්වලින් සකසා ඇත.

06. සොබා දහමේ චමත්කාරය රැගත් සුන්දර මල් කලඹක් අතදරා සිටින මේ කුමාරියන් මංගල ඡායාරූපයට සැබෑම ආකර්ෂණයක්. ක්‍රිෂාන්තිමම්, අයිවී, ගෝල්ඩන් රෝසස්, කැමිලියා කොළ, නැනිබෙරි ආදිය මල් කලඹ හා හිස සැරසිල්ලට ගෙන ඇත.

07. කොළ පැහැයෙන් දිදුලන මේ මල් කලඹට ස්ප්‍රේ රෝස මල් දමා ඇත. සැන්ඩ්‍රියානා කොළවලින් සැරසූ මල් කලඹකි.

08. සාරියේ පැහැයට ගැළපෙන ලෙස ඒරම් ලිලී මලින් සැරසූ මල් කලඹකි. ස්ප්‍රේ රෝස සහ බේබිස්බ්‍රෙත් එකතුකර තිබේ.

  ඉදිරිපත් කිරීම ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා නීතිඥ

මධුවන්ති මලවිගේ

විශේෂ ස්තූතිය

ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේ ට

1442 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:42
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Kids Fashion
අදහස් එක් කිරීමට ලොග් වෙන්න