තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

2017 අගෝස්තු 08, අඟහරුවාදා 16:10

මංගල උළෙල වර්ණවත් කරන හැඩැති කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
දෙවැනි ගමනට මංගල උත්සවයක චාරිත්‍ර වාරිත්‍ර ක්‍රමවලට වගේම මංගල කේක් එකටත් විශේෂ තැනක් හිමිවෙනවා. එහිදී මනාල යුවළ තම තීම් කලර් එකට විශේෂ අවස්ථාවලට ගැළපෙන අයුරින් කේක් එක නිර්මාණය කරගැනීමටත් පෙලඹෙනවා. මේ නිර්මාණ දෙකත් එලෙසින් සාදාගත හැකි අපූරු කේක් දෙකක් මෙහි එක් නිර්මාණයක් මංගල දිනයට වගේම අනෙක් නිර්මාණය දෙවැනි දිනය වෙනුවෙනුත් යොදාගත හැකියි.

 

මේ දෙවැනි ගමන වෙනුවෙන් හැඩකළ තවත් අපූරු නිර්මාණයක්

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8x4 රවුම් ඩමි එකක්

අඟල් 12 x 4 රවුම් ඩමි එකක්

අඟල් 16 x 4 රවුම් ඩමි එකක්

අඟල් 20ය4 රවුම් ඩමි එකක්

සුදු ෆොන්ඩන්ට් අයිසිං

ගෝල්ඩ් ෆොන්ඩන්ට් අයිසිං

රෝයල් අයිසිං

මෙරූන් පැහැති පාච්මන්ට් අයිසිං

  නිර්මාණය කිරීම

පළමුව මෙම ඩමි සියල්ලම සුදු වර්ණ ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු ගෝල්ඩ් පාට ෆොන්ඩන්ට් අයිසිං මඟින් පටි කීපයක් කපා ඒවා රෝල්කර කඹයක් ආකාරයට සාදා ඩමි වටා තබා ගන්න.

දැන් නොම්බර 02 නොසලයට රෝයල් අයිසිං දමා ඩමි වටා ලියවැල් රටාවක් දමාගන්න. ඉන්පසු මෙරූන් පැහැති පාච්මන්ට් අයිසින් මඟින් සාදාගත් රෝසමල් ගෙන ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ඩමි අතරින් තබා සරසා ගන්න.

 


  

පිච් වර්ණයෙන් හැඩ වී

 පීච් වර්ණය මංගල උළෙලට තේමා කරගත් ඔබටයි මේ කේක් නිර්මාණය

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8x6 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 12x6 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 16x 7 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 20 x 7 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 25x6 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 30 x 2 බේස් බෝඩ් එකක්

අයිවරි වර්ණ ෆොන්ඩන්ට්

පාච්මන්ට් අයිසිං

අයිවරි වර්ණ කීපයක් සහ පීච් වර්ණ කීපයක ෆුඩ් කලරිං

සාදන ක්‍රමය

පළමුව අයිවරි වර්ණ ෆොන්ඩන්ට් අයිසිංවලින් ඩමි සියල්ලම ආවරණය කරගන්න. ඉන්පසු බේස් බෝඩ් එක මත ඩමි පිළිවෙළින් තබාගන්න. පසුව පාච්මන්ට් අයිිසිං වලට ළා වර්ණයක් දමා එම වර්ණයන් මඟින් රෝස, හයිඩ්‍රින්ජියා, ෆොගෙට් මී නොට්, ඩේසි ඇතුළු මල් වර්ග කීපයක් සාදාගන්න. අයිවර් වර්ණ වලින් ද ඒ ආකාරයටම මල් සාදාගන්න. දැන් පිළිවෙලින් තබා ඇති ඩමිවල ඉහළ සිට පහළට විහිදී යන ආකාරයට මල් ඇලවීම සඳහා ලයින් එකක් ලකුණු කරගන්න. පසුව තද පීච් වර්ණ මල් වලින් පහළට ඩමිය වර්ක් කරන්න. ඊට උඩින් ඇති ඩමිය තද පීච් වර්ණයට ළඟින්ම යන වර්ණ මල්වලින් වර්ක් කරන්න. එයට උඩින් ඇති ඩමිය ළා වර්ණ පීච් මල්වලින් හැඩ කරන්න.

ඉන්පසු සිව්වැනි ඩමිය තද අයිවරි වර්ණ මල්වලින් සරසා ඉහළින්ම ඇති ඩමිය ළා වර්ණ අයිවරි වර්ණයෙන් යුතු මල්වලින් හැඩකර ගන්න. උඩට ද ළා වර්ණ මල්වලින් මල් පොකුරක් සාදා හැඩකරගන්න

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ලංකා චාන්දනී

 

ඡායාරූප

ශාන් රඹුක්වැල්ල

1745 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 16:13
අදහස් එක් කිරීමට ලොග් වෙන්න