තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:48

ඔබේ රුචිකත්වයට හැඩවැඩ වන්නට යන්නට හැකි බුලත්සිංහල සැලෝන් සෙව්මිණී

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
දිනෙක සොඳුරු මනාලියක ලෙසින් හැඩ වී පතිකුලයට යාම ඔබේ පැතුමයි. නෑසිය හිතමිතුරන් හමුවේ හැඩැති මනාලියක් වීම ඔබට තවත් අමරණීයම අත්දැකීමකි. මේ සඳහා රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සහයෝගය අතිශය වැදගත් වේ.

 

 

ඔබ බුලත්සිංහල ප්‍රදේශයේ යුවතියක් නම් ‘සැලෝන් සෙව්මිණී’, මහජන බැංකුව අසල, අතුර, බුලත්සිංහල ස්ථානයේ දී ඉෂාරා ෂෙරීන් රණවක ශිල්පිනිය හමුවී හැඩවිය හැකියි.

මීට වසර කීපයකට ඉහත දී රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඇය පළමුව හොරණ කලාපයේ පවත්වනු ලැබූ රූපලාවණ්‍ය පාඨමාලාවක්ද ඉන් අනතුරුව දෙහිවල තරුණ සේවා සභාවෙන් ද නදීෂා ද සිල්වා, වනමලි කුමාරි, සුමුදු වසන්ත, නයනා කරුණාතිලක යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන්ගෙන් ගුරුහරුකම් ලබාගෙන තිබේ. ඉන් අනතුරුව ඇය ව්ඍQ ඹ්ඥමඥත 4 පාඨමාලාව දක්වාම හැදෑරීම් කර තිබේ. ඒ අනුව ඇය උඩරට, පහතරට, බටහිර සහ හින්දු යන මේ ඕනෑම ආකාරයකට මනාලියන් හැඩගැන්වීම සිදු කෙරේ.

එයට අමතරව මනාලිය වටා සිටින යෙහෙළියන්, මල් කුමරියන් ද හරි අපූරුවට හැඩ ගන්වයි. ඇහිබැම සැකසීම, ෆේෂල් කිරීම, ක්ලීන් අප් කිරීම, ඔයිල් මසාජ්, හෙයාර් කලරිං මෙන්ම මෙනික්‍යු, පෙඩික්‍යු ඇතුළු සියලු හෙයාර්, බියුටි, බ්‍රයිඩ්ල් යන අංශයන්ට අයත් රූපලාවණ්‍ය කටයුතු මෙහිදී සිදු කෙරේ.

ඉෂාරා හැඩගැන්වූ සොඳුරු මනාලියන් පෙළකි මේ. ඔබටත් මෙලෙස හැඩවන්නට සැලෝන් සෙව්මිණි වෙත පිය නැගිය හැකියි.

533 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:50
අදහස් එක් කිරීමට ලොග් වෙන්න