තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

2018 මැයි 22, අඟහරුවාදා 13:28

නිවැරැදි දැනුම ලබා දීමයි මගේ අරමුණ විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
කැප කිරීමකින් තොරව යම් දෙයක් ලබා ගැනීම අසීරු ය. ජීවිතයේ සාර්ථකත්වය ද එසේම ය. එහෙත් බොහෝ දෙනා බලා සිටින්නේ සාර්ථක්වය තමා කරා එන තෙක් ය.

 

එසේ බලා සිටින්නෝ හැමදා එකතැන සිටින අතර කැප කිරීම් මතින් ධෛර්යයෙන් ඉදිරියට යන්නෝ දියුණුව කරා යති. එවැනි වූ චරිත බොහොමයක් අප අවට සමාජයේ සිටිය ද ඔවුන් ගැන කතා කරන්නට අමතකව ඇත.

අද අපි එවන් වූ කැප කිරීම් මතින් තම ජීවිතය සාර්ථකත්වය කරා මෙහෙය වූ තැනැත්තියක් සමඟින් කතා බහ කළෙමු. ඇය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ශීලා ප්‍රනාන්දු ය.

ඉතිං කොහොමද මේ දිනවල දවස ගෙවන්නේ..?

ම්.. ඇත්තට ම මේ දිනවල තරමක් කාර්ය බහුලයි. මොකද ටිකක් වෙනස් විදියේ වැඩක් කරන්න සූදානම් වෙන නිසා ඒ වෙනුවෙන් වැඩියෙන් වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වෙනවා. වැඩක් කරනවා නම් අපි ඒ වැඩේට අවංක වෙලා කරන්න ඕන කියන මතයේ තමයි මම ඉන්නේ. මේ වැඩේ තරමක් වෙනස් එකක් වෙන්නෙත් ඒ හින්දමයි.

ඔබ ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද කියලා දැන ගන්නත් අපි කැමැතියි..

මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට මුලින් ම ආවේ 1987 අවුරුද්දේ දී. කඑඛ්ඒ එකේ රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ සැලෝන් සූ ආයතනයේ ට්‍රේනින්ං එකක් කළා. බොරැල්ලේ සැලෝන් ගීතා, ආසිරි සැලෝන් එකේත් වැඩ කළා. ඉන් පස්සේ මගේම කියලා සැලෝන් එකක් ආරම්භ කළා. රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට ලබා ගත් සම්මාන එහෙමත් ඇති...

ඔව්, මම රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියට සම්මාන කිහිපයක් ම ලබා ගත්තා. ඒ අතර ජාතික සම්මාන, හෙයා ඒෂියා ෆැසිපික් තරගාවලියේ බ්‍රයිඩ්ල් මේක් අප් හා නේල් ආර්ට් සඳහා සම්මාන ලබා ගෙන තියෙනවා. ඊට අමතරව 2004 ඉතාලියේ දී පැවැති හෙයා වර්ල්ඩ් තරගාවලියට ලංකාව නියෝජනය කරමින් තරග කිරීමටත් හැකියාව ලැබුණා.

ලංකාවේ ප්‍රථම වරට පැවැති රූපලාවණ්‍ය ජනාධිපති සම්මාන උළෙල ගැන මොකද හිතෙන්නේ..?

ඇත්තට ම මේ ක්ෂේත්‍රයේ අවුරුදු තිහක කාලයක් මනාලියන් හැඩ ගන්වමින්, කොණ්ඩා විලාසිතා, හැඩගැන්වීම් කටයුතු කරමින් පමණක් හිටියේ නැහැ. ලංකාවේ රූපලාවණ්‍ය සංගම්වල මුල් කාලයේ සිටම සාමාජිකාවක් වෙමින් වගේම ඒවායෙහි ක්‍රියාකාරී සාමාජිකාවක් වෙමින් වැඩ කටයුතු කළා. එම සංගම්වල ලේකම් ධූරය, සභාපති ධූරය වගේ තනතුරුවල අවුරුදු ගණනක් කටයුතු කළා. ක්ෂේත්‍රය වෙනුවෙන් මේ කරපු දේවල්වලට මට ලැබුණු ඇගයීමක් හැටියට තමයි මම මේ සම්මානය දකින්නේ..

රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසින් ඔබේ කාර්ය භාරය මොන වගේද?

මම මනාලියන් හැඩ ගැන්වීම, හිසකේ විලාසිතා, කොණ්ඩා කැපීම වගේම කොණ්ඩය සම්බන්ධ සියලු විලාසිතා කිරීම් සිදු කරනවා. ඒ වගේම රූපලාවණ්‍යයට සම්බන්ධ ෆේෂල්, පැක් ආදී සියලු ම දේ සිදු කරනවා. ඊට අමතරව මම රූපලාවණ්‍ය ඇකඩමි එකක් කරනවා. එය රජයේ පිළිගත් ව්ඍQ - තඥමඥත 4 සහතිකය දෙන්න පුළුවන් මට්ටමේ එකක්. ඒ නිසා හොඳ දැනුම තියෙන රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් ඉන් බිහි වෙන බවට මට සහතික වෙන්න පුළුවන්.

මගේ සිසු සිසුවියන් ඉන්දියාවේ පුහුණුවක් සඳහා රැගෙන යාමටත් මේ වන විට කටයුතු යොදනවා. මොකද එයාලට ජාත්‍යන්තර රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ යම් අත්දැකීමක් තිබුණොත් වඩා හොඳයි කියලා මම තීරණය කළා. එහෙම වුණාම එයාලගේ අනාගතය වඩා පැහැබර වේවි. ඔබට පවුලෙන් ලැබෙන සහය ගැනත් කියමුද?

මගේ මහත්තයා ශිරාන් පෙරේරාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. හැකි හැම වෙලාවකම ඔහු මගේ වැඩවලට උදවු කරනවා. ඒ වගේම තමයි අපේ දරුවෝ. අපිට පුත්තු තුන්දෙනෙක් ඉන්නවා. එයාලා තාම පාසල් යන දරුවෝ වුණත් අම්මා තාත්තා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔවුන් කවදාවත් අපිට කරදරයක් වෙන විදියට හැසිරිලා නෑ. අපිට තියෙන කාර්යයන් ගැන එයාලා දන්න නිසා වගකීමෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරනවා.

ඒ වගේම මගේ අම්මා. මගේ අම්මා නැති වුණේ අවුරුද්දකට කලින්. ඒ වෙනකල් ම මගේ දරුවන් බලා ගත්තේ අම්මා. ඒකත් අපිට ලොකු උදවුවක් වුණා.

අලුතෙන් බිහි වෙන රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන්ට ප්‍රවීණයෙක් හැටියට දෙන උපදෙස මොකක්ද?

ඇත්තටම දැන් අපේ අලුත් රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් ගොඩක් අතරමංවෙලා තියෙන්නේ... එයාලට හරි දේ තෝරා ගැනීම ගැන දැනුමක් නැහැ. ඒ දැනුම ලබා ගන්න විදියක් නැහැ. තමා යොමු විය යුත්තේ කොතනටදැයි දන්නේ නෑ. උදාහරණයක් විදියට දැන් ලංකාවේ ප්‍රවණතාවක් තියෙනවා එයා බ්‍රෂ් මේකප් ගැන. ඒත් මොකක්ද මේ එයා බ්‍රෂ් මේකප් එක. මේක හැම සමකටම යොදා ගන්න පුළුවන්ද, අපේ දේශගුණික තත්ත්වයත් එක්ක මේක හරියනවද, ඉතිං නිවැරැදිව මේක්අප් එකක් කරගන්නේ කොහොමද කියලා දන්නෙ නැතිව අතරමං වෙලා ඉන්නේ.. එයා බ්‍රෂ් මේක් අප් සුදුසු වෙන්නේ නිකලැල් සමකට. නැතිනම් සමේ ඇති අඩුපාඩු තවත් වැඩියෙන් පෙනෙන්න ගන්නවා. මේ දේවල් කරන්න කලින් ඒ ගැන හරි දැනුමක් ලබා ගන්න කියලා මම කියනවා. අලුත් දේවල්වලට අපි යොමු විය යුතුයි. හැබැයි නිසි දැනුමක් නැතිව තව කෙනෙක් කරනවා දැකලා මේ දේවල් කිරීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. හරියට වැඩක් කරන්න නම් ඒ දේ හරියට ඉගෙන ගන්නත් ඕනේ..

මොකක්ද මේ කරනවා කියපු අලුත් වැඩේ..

අපි රූපලාවණ්‍යයේ දී භාවිත කරන අලුත් උපකරණ වර්ග නිවැරැදිව උපයෝගී කරගනිමින් කාර්යයන් සිදු කරන ආකාරය ගැන දැනුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදියට මනාලියක් හැඩගැන්වීම ගත්තොත් ඒ මේකප් එක සමානව කොහොමද කරන්නේ, මේ උපකරණ කොහොමද පාවිච්චි කරන්නේ, හසුරුවන්නේ, එක එක සමට අනුව මොන නිෂ්පාදන ද පාවිච්චි කරන්නේ වගේ දේවල් ගැන දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

අනුග්‍රාහකයන් විදියට රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතන කටයුතු කරනකොට ඔවුන් නිෂ්පාදනය නොකරන ආලේපන වර්ගයක් ගැන කතා කරන්නේ නෑ. වෙනත් ආයතනයක නිෂ්පාදිත හොඳ ආලේපන වර්ගයක් තිබුණත් එහිදී අපට එය කියන්න විදියක් නැති වෙනවා. මේ නිසා සත්‍ය වසන් වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා අපි මේ වැඩමුළුවලට එවැනි සීමා මායිම් පනවගෙන නෑ. අවශ්‍ය තැනට සුදුසුම නිෂ්පාදනය යොදා ගැනීමේ නිදහස මෙහිදී තියෙනවා.

මේකට සහභාගී වෙන හැමෝටම නිවැරැදි දැනුම ලබා ගන්න පුළුවන්. මේක තමයි මේ වැඩමුළුවේ තියෙන විශේෂත්වය. හරි දේ හරි විදියට කරන හැටි තමයි මෙහිදී උගන්වන්නේ. අපි මේ සඳහා රට පුරා වැඩමුළු 7 ක් පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා. මැයි 27 ඇඹිලිපිටියේ දී ගාල්ල, මොරටුව, මීගමුව, අනුරාධපුර, කළුතර, කුරුණෑගල, නුවර යන දිස්ත්‍රික්කවල වැඩමුළු පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා.

 

ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ

රූපලාවණ්‍ය ශිල්පිනී ශීලා ප්‍රනාන්දු

232 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 22, අඟහරුවාදා 13:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න