තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

2018 මැයි 28, සඳුදා 12:09

රූපලාවණ්‍ය ශිල්ප ක්‍රම මොහොතින් මොහොත වෙනස් වෙනවා විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන කෙනකුගේ රුව ලස්සන කිරීම, හැඩගැන්වීම මෙන්ම රූපලාවණ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකෙරෙන සත්කාරයන් ආවාට ගියාට කළහැකි කාර්යයක් නොවේ.

 

මේ කෙරෙහි වෘත්තීමය වශයෙන් යොමුවීමට අදහස් කරනවානම් ඉතාමත් හොඳ දැනුමක් පුහුණුවක් මෙන්ම එම ක්ෂේත්‍රයේ කටයුතු කිරීමෙන් ලත් පරිණත බව වඩාත් වැදගත් වෙයි.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම පිළිගැනීමකට මෙන්ම ජනපි‍්‍රයත්වයක් හිමිකරගන්නට බොහෝවිට හැකිවන්නේ එවන් රූපලාවණ්‍ය ශිල්පීන්ට හා ශිල්පිනියන්ටයි. චම්පී සිරිවර්ධන නම් වූ ඇය ද මේ වන විට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම ජනපි‍්‍රයත්වයක් හිිමිකරගත් ප්‍රවීණතම රූපලාවණ්‍ය ශිල්පිනියකි. ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති අත්දැකීම් බොහෝය. ලංකාවේ පමණක් නොව විදෙස් රටවල්වල පවා තම හපන්කම් පෙන්වූ ගිනස් වාර්තාවක් තබමින් එම ගෞරවය තම රටට ලබා දෙන්නට පෙරමුණ ගත් ශිල්පිනියකි.

මේ සා දිගු ගමනක් එන්නට ප්‍රවීණතම, ජනපි‍්‍රය රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස නමක් රන්දන්නට ඇයට හැකිවූවේ ඒ ඔස්සේ ඇය කරන ලද අපමණ කැපකිරීම් තුළිනි. මේ ඇය අප හා කතාබහට එක්වූ මොහොතයි.

ඉතින් කොහොමද චම්පි. පසුගිය දවස්වල ඉතාමත් කාර්යය බහුල වෙලා හිටිය බවක් ආරංචියි?

ඇත්තටම ඔව්, මම කොහොමත් ගතකරන්නේ කාර්යය බහුල ජීවිතයක් තමයි. විවේකය නම් අඩුයි. මොකද අපි වැඩකරන්න ඕන කාලේ වැඩ කරන්න ඕන. ඒ වගේම අපි කරන වෘත්තියක් හරියටම කරන්න ඕන.

ඒ නිසාමද මනාලියන්ගේ මහ ගෙදර හොයාගෙන වැඩි දෙනෙක් එන්නේ ?

මා ඇසූ පැනයට චම්පිගේ මුව පුරා සිනාවක් ඇඳී ගියේ එය එසේයැයි කියන්නට මෙනි.

මං හිතන්නේ ඒ කතාව හරි. මනාලියන්ගේ මහගෙදර කියන්නේ රූපලාවණ්‍ය ගැන. මනාලියන් හැඩගැන්වීම ඉගෙනගන්න එන සිසුවියන්ට ඒ පිළිබඳ දැනුම ලබාදෙන විශ්වවිද්‍යාලයක් වගෙයි.

ආශාව විතරක් තිබුණ පමණින් රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න බෑ නේද?

අනිවාර්යයෙන්ම ඔව්. රූපලාවණ්‍ය කියන දේ සමහරුන් ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා හිතුවට, පහසුවෙන්ම කරන්නට හැකි රැකියාවක් කියලා හිතුවට එය ඒ ආකාරයෙන් හොඳ දැනුමකින්, වගකීමකින් තොරව කළහැකි දෙයක් නොවෙයි.

මෙයට යොමුවීමට සිටින නව පරපුර ඒ ගැන අවධානය යොමුකිරීම හරිම වැදගත්. මොකද සමහර අය හිතන්නේ කෙටි කාලීනව රූපලාවණ්‍ය පාඨමාලාවක් කළ පමණින් සැලෝන් එකක් පටන්ගෙන රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න පුළුවන් කියලා.

දැන් හතු පිපෙන්නාක් වගේ රූපලාවණ්‍ය ආයතන බිහිවෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්න අයත් බොහොමයි. මෙම තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

මෙම ක්ෂේත්‍රයට අලුත් පරපුරක් බිහිවන එක හොඳයි. නමුත් ඒ පිළිබඳ ලබා තිබෙන දැනුම උසස් මට්ටමක තියෙන්න ඕන. එහෙම නොවුණොත් ඒ අයට පැවැත්මක් නැහැ. මොකද රූපලාවණ්‍ය කියන්නේ හැමදාම එකම විදියට. එකම තැන තියෙන දෙයක් නෙමෙයි. එය දිනෙන් දින වෙනස්වනවා. දිනෙන් දින අලුත්වෙනවා. මේ සියල්ලත් සමඟ ඉදිරියට යන්න නම් මේ දේවල් පිළිබඳ අවදියෙන් සිටීම අවශ්‍යයි.

මම වුණත් හිතන්නෙ නෑ මම තවමත් සියල්ල දන්නවා කියලා. මොකද මම රූපලාවණ්‍ය විෂයය ගැන ඉගෙන ගන්න කාලයට වඩා අද තත්ත්වය බොහෝ දුරට වෙනස්වෙලා. අලුත් තාක්ෂණයත් එක්ක අලුත් ක්‍රම ඉදිරියට ඇවිල්ලා. මම මේ දේවල් සොයමින් හඹායමින් තමයි මගේ ගෝලයින්ට අලුත් දේවල් ගැන විමසිලිමත් වෙනවා ඒ ගැන හදාරනවා. චම්පි සිරිවර්ධන කියන කෙනාගේ පැවැත්මත් ඒකයි.

චම්පි අතින් සුන්දර මනාලියක් වගේ හැඩවෙන්න වැඩි දෙනෙක් කැමැත්තක් දක්වනවා. ඒ ඇයි?

එයට විශේෂ හේතුවක් තියෙනවද කියලා මං ඇහැව්වොත්?

මේ වෙද්දී මම මනාලියන් 7000 කටත් වඩා හැඩගන්වා තිබෙනවා. අපි ළඟට එන හැම යුවතියකගේම සිහිනයක් තියෙනවා. ඒ මංගල දිනයේ සුන්දරම මනාලියක් වෙන එකයි. මේ හීනේ සැබෑ කරලා දෙන්න අපට තියෙන්නේ ලොකු වගකීමක්.

හැම මනාලියක්ම එකම විදියට අන්දවන්න බෑ. එක් එක් අයගේ පෙනුමට අනුව ගැළපෙන දේවල් වෙනස්. කාලයට ගැළපෙන්න අලුත්ම විලාසිතා, මංගල ඇඳුම් නිර්මාණය, හැඩගැන්වීම ආදී බොහෝ දේවල් ගැන මම වැඩි අවධානයක් දක්වනවා. ඒ අයගෙත් කැමැත්තට අනුව හැමදෙයක්ම සියයට සීයක්ම සාර්ථකව කරන්නයි මම හැම දෙයක්ම සැලසුම් කරන්නේ. හැඩ ගැන්වීම්වල දී මනාලියගේ සුන්දරත්වය සියුම් ලෙස මතුකරගන්න අපි දක්ෂ වෙන්න ඕන. මේ දේවල් ගැන වැඩි අවධානයකින්, කැපවීමකින් කටයුතු කරන නිසා වෙන්න ඇති. මා අතින් හැඩගැන්වෙන මනාලියන්ගේ සුන්දරත්වය මතු වී පෙනෙන්නේ.

චම්පි මේ දවස්වල අලුත්ම වැඩක් පටන් අරගෙන කියලා ආරංචියි ඒ ගැනත් කතා කරමු ද?

බ්‍රයිඩ්ල් මේක්අප්වලදී වඩාත් විශේෂවන අලුත්ම මේක්අප් ක්‍රමයක් තමයි එයාර් බ්‍රෂ් මේක්අප් කියන්නේ.

මේ ක්‍රමයට අනුව ඉතාමත් ලස්සනට මනාලියන්ගේ මේක්අප් එක කරන්න පුළුවන්. මෙය පිටරටවල ඉතාමත් ජනපි‍්‍රයයි. මේ පිළිබඳ ඉතාමත් ක්‍රමානුකූලව දැනුමක්, පුහුණුවක් ලාබගැනීමෙන් පසුවයි මම මෙයට අතගැසුවේ. හේතුව මෙය හොඳ දැනුමකින්, පුහුණුවකින් තොරව කළ නොහැකි දෙයක් වන නිසායි.

සාමාන්‍යයෙන් අප කරන මේක්අප්වල දී මේක්අප් එක බොඳවීම. ඉක්මනින් මේක්අප් මැකීයාම, වෙනස්වීම වගේ ගැටලු ඇතිවන අවස්ථා තියෙනවා.

නමුත් එයාර් බ්‍රෂ් මේක්අප් එකකදී කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතාමත් ලස්සනට මේක්අප් එක කරන්න පුළුවන්. මම මනාලියන්ගේ මේක්අප්වලට දැන් භාවිත කරන්නේ එයාර් බ්‍රෂ් මේක්අප් එකයි.

දැන් මම මගේ ගෝලයන්ට එයාර් බ්‍රෂ් මේක් අප් පිළිබඳ දැනුම ලබාදෙනවා.

මේ දවස්වල මම කැපවෙන්නේ ඔවුන්ට ඒ ගැන පුහුණුවක් ලබාදෙන්නටයි. ඒක තමයි මම අතගහලා තියෙන අලුත්ම දේ. මම අලුත් දේවල් ගැන දැනුවත් වෙනවා වගේම එම දැනුම අලුත් පරපුරටත් ලබාදෙන්න ඕනනේ.

රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියට ඔබ පහුගිය කාලේ ගිනස් වාර්තාවක් තබමින් ලොකු ජයග්‍රහණයක් හිමිකර ගත්තානේද?

මම ඒ තරම් ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියන එක මට මතක් වෙනකොටත් හීනයක් වගේ.

කවදහරි ගිනස් වාර්තාවක් පිහිටනවා කියන හීනයක් කාලෙක ඉඳලා මගේ හිතේ තිබුණා. කොහොම හරි මට මගේ හීනේ හැබෑ කරගන්න පුළුවන් වුණානේ. මම එයට අතගැසුවේ ඒ සඳහා හොඳ සූදානමක් ඇතිකරගත්තට පස්සෙයි. ඒ වෙද්දි මට ලොකු සේවක පිරිසක් හිටියා. දැනටත් මාත් එක්ක මගේ කාර්ය මණ්ඩලයේ ලොකු පිරිසක් ඉන්නවා. ඒ ශක්තියයි, උදවුවයි නිසා තමයි ඉතාමත් සාර්ථකව නිවැරැදි ආකාරයට මට ඒ ගිනස් වාර්තාව තියන්න හැකිවුණේ.

මෙම ගිනස් වාර්තාවට මනාලියන් 126 ක් හැඩගැන්වූවා. ගිනස් කමිටුවෙන් ලංකාවට නියෝජිතවරියක් ගෙන්නගෙන තමයි මම එයට යොමුවුණේ.

මෙය හරියටම කළයුතුයි කියන තැන මම හිටියා. මම මෙයට ලොකු කැපවීමක් කළා. ඒ නිසාම මම ඉතාමත් විනිවිද ලෙස ඉන් ජයග්‍රහණය අත්කරගන්නට හැකිවුණා.

මේ හැම දෙයක්මත් එක්ක ඔබේ ජීවිතයේ කටයුතු සිදුවන්නේ මොන ආකාරයෙන් ද?

ඇත්තටම මම හිතන්නේ මම මගේ ජීවිතයේ භූමිකාවන් කිහිපයක් රඟපානවා කියලා.

මම ගෘහණියක් විදියට, බිරිඳක්, මවක්, ගුරුවරියක්, රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියටත්, ආගමික කටයුතුවලට නැඹුරු වී සිටින බෞද්ධ කාන්තාවක් හැටියටත්, භූමිකාවන් රැසක් සමඟයි මගේ ජීවිතේ ගෙවෙන්නේ.

1961 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 28, සඳුදා 12:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න