තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2017 ජූලි 25, අඟහරුවාදා 10:35

ඔබත් යටි පතුල් පැලීමෙන් පීඩා විඳින්නියක් ද? විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
පතුල් පැලීම නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනවා. මෙම පීඩාකාරී තත්ත්වය නිසා ඇතැම් අයට දෛනික වැඩ කටයුතු පවා නිසි ලෙස කරගැනීමට අපහසුයි.

 

 

මෙම කරදරකාරී තත්ත්වය ඇති වෙන්නේ බොහෝ විට වියළි සම හේතු කරගෙනයි. එය බොහෝ දුරට ඔබේ ලස්සන නැති කරන තත්ත්වයක් විය හැකි අතර සමහර විට ඉතා වේදනාකාරී ගැඹුරු පැලීම් දක්වා එය වර්ධනය විය හැකියි. මෙවැනි රෝග තත්ත්වයන්වලට මුහුණ දෙන පුද්ගලයන්ගේ සම වියළි වන අතර ඔවුන්ගේ සමේ ඝණකම ද අනෙක් අයට සාපේක්ෂව තරමක් වැඩියි. සමහර වෙලාවට ඇවිදින විට මෙම තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන් වගේම වේදනාව ද ඇති විය හැකියි. මෙම තත්ත්වයෙන් මිදෙන්න නම් හොඳින් වතුර පානය කරන්න ඕනෙ. මොකද වියළි සමක් ඇති අයට ශරීරයට වැඩිපුර ජලය අවශ්‍ය වෙනවා. ජලය පානය කිරීමෙන් සමෙහි ඇති වියළි බවින් මිදිය හැකියි.

ඒ වගේම තමයි වැඩි වෙලාවක් සිටගෙන රැකියාවේ යෙදී සිටින අය ද ඉක්මනින් මෙම තත්ත්වයට ගොදුරු වන අවදානම වැඩියි. අධික තරබාරු බව ද කකුල් විලුඹ පැලීමට තවත් එක් හේතුවක් වෙනවා. මොකද ශරීරයේ බර දෙපා මතට පැටවීම මඟින් දෙපතුල්වල සම පැලීමට ලක්විය හැකියි.

ඒ වගේම දිගුකාලීනව එක්තැන් වී සිටින රෝගීන්ගේ ද මෙම තත්ත්වය බලාපොරොත්තු විය හැකියි. රක්තවාත රෝග තත්ත්වයන් නිසා ද කකුලේ විලුඹ පැලීම හා ඉරි තැලීම සිදුවිය හැකියි. තවද කකුල්වල අස්ථි ආබාධ පැවතීම නිසා ද මෙම තත්ත්වයට මුහුණදීමට සිදු වේ. අක්‍රමවත් අස්ථි පිහිටීම නිසා සම ඝන වේ. එහිදී කකුල් පැලීමට සහ ඉරි තැලීමට ඉඩ ඇත.

කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසු සිදුවන හෝමෝන වෙනස්කම් නිසා කකුල්වල අධික රස්නය හා පැලීම සිදුවේ. හිරු එළියට දෙපා විවර වීම හා අධික රස්නය ඇති ජලයෙන් දෙපා සේදීම මඟින් මෙම තත්ත්වය තව තවත් වර්ධනය විය හැකියි.

මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳින්නන් උෂ්ණාධික ආහරපාන ලබාගැනීමෙන් වැලකිය යුතු වෙනවා. ඇඟට සිසිල, ඇඟ නිවන කෑම බීම ලබා ගැනීම වැදගත්. සව් කැඳ, කොළ කැඳ, බාර්ලි, පොල් කිරි කැඳ මෙවැනි අයට ඉතා ගුණදායකයි.

මෙම තත්ත්වයෙන් පෙලෙන අයට සමේ තෙතමනය රඳවා ගැනීමට මොයිෂචරයිසින් ක්‍රීම් දිනකට දෙරක්වත් පාවිච්චිය සෑහේ. ඒ වගේම සතියකට වරක් Pumice Stone  එකකින් දෙපා පිරිමදින්න.

කතුරු, බ්ලේඩ් ආදියෙන් පැළුණ හම ඉවත් කරන්න උත්සාහ කරන්න එපා. එයින් විෂ බීජ ඇතුළුවීමට ඇති ප්‍රවණතාවය ඉහළයි.

  අන්තර්ජාලය ඇසුරිනි

1617 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 25, අඟහරුවාදා 10:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න