තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 11:30

මුහුණ අවලස්සන කරන කළු ලප හා සුදු ලප විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍යයේ දී අප බොහෝ විට සමේ පැහැපත් බව ගැන, ඒ වගේම සමේ පැහැපත් බවට හානි ගෙන දෙන යම් යම් හේතුන් ගැනත් කතාබහ කරනවා.

 

මේ අතරින් මුහුණ හා නාසය මත ඇතිවන කළු ලප හා සුදු ලප නැත්නම් බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ් අපට ප්‍රශ්නයක් වන අවස්ථා බොහොමයි.

අප මෙම බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ් වශයෙන් හඳුන් වන්නේ කුමන ආකාරයේ තත්ත්වයක් ද?

මෙය සමෙහි ඇතිවීමට බලපාන හේතූන් මොනවාද?

මේවා අනිවාර්යයෙන් ඉවත් කළ යුතු ද?

රුව ලස්සන සහ සමේ පැහැපත් බව රැකගැනීම පිළිබඳව උනන්දුවන ඔබ මේ හා සම්බන්ධව දැනුවත්ව සිටීම ඉතාමත් වැදගත්. හේතුව එම දැනුවත් බව ඉහත කී ගැටලුවෙන් මිදී සිටීමට ඔබට උපකාරී වන නිසයි.

මේ කළු ලප සහ සුදු ලප මුහුණේ ඇතිවන්නේ ඇයි?

බොහෝ විට අප හැම කෙනෙකුම එදිනෙදා කටයුතුවලදී බාහිර පරිසරය සමඟ ගැටෙන අවස්ථා බොහොමයි. මෙහිදි පිටතට නිරාවරණය වන සම මත අවට පරිසරයේ තිබෙන කුණු දූවිල ආදි දේ වඩාත් පහසුවෙන් තැන්පත් වීම සිදුවනවා.

ඇතැම් විට අප මුහුණේ ක්‍රීම් වැනි දෙයක් තවරා තිබුණහොත් එසේත් නැත්නම් සමෙහි තෙල් ස්වභාවය අධික වුවහොත් වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් අවට පරිසරයේ කුණු දුවිලි සම මත තැන්පත්වීමේ ඉඩකඩ වැඩි වෙන්නට පුළුවන්.

මෙහිදී සිදු වන්නේ සමේ තැන්පත් වන මෙම කුණු දුවිලි සමෙහි ඇති තෙල් සමඟ එකතු වී සම තුළට තදින් කාවැදීමක් සිදුවීමයි. බොහෝ විට අප නිවසට පැමිණ මුහුණ සෝදා පිරිසුදු කරනවා. නමුත් ඒ ආකාරයෙන් සම මතුපිටින් සෝදා පිරිසුදු කළත් එවන් සමාන්‍ය සේදීමකින් සම තුළට කාවැදුණු අපද්‍රව්‍යයන් පහසුවෙන් ඉවත් වන්නේ නෑ. හේතුව සමේ ගැඹුරින් ඒවා තැන්පත් වී ඇති නිසයි.

එලෙසින් මේවා ඉවත් නොවී දිගින් දිගටම සම මත තැන්පත් වීම සිදුවීමෙන් ඉන් ඇතිවන බලපෑම් සමේ ගැටලුකාරී තත්ත්වයක් ගෙනදීමට හේතුකාරක වෙයි.

ඉන්පසුව සිදුවන්නේ කුමක් ද?

ඉහත කී ආකාරයෙන් සම මත තැන්පත්වන මෙම අපද්‍රව්‍ය ස්ථරයන් ආකාරයට පැවතීම, ඒවා සමතුළින් නිපදවන ශ්‍රාවයත් සමඟ සමේ සිදුරු තුළ එකතුවීමක් මෙහිදී සිදුවෙයි. ඉන්පසුව එසේ එකතු වූ අපද්‍රව්‍යයන් කුඩා ඉදිමුමක් බවට පත්වෙයි. ඒ මත බැක්ටීරියා වර්ධනය වීමෙන් මෙම තත්ත්වය කුරුලෑ දක්වා හේතු විය හැකිය.

සමේ සිදුරු අවහිර කරමින් මෙසේ සිර වී තිබෙන මෙම කුණු දූවිලි නිසා සුදු ලප (එඩඪබඥ ඩ්ඥචඤ) කළු ලප (ඕතචජඬ ඩ්ඥචඤ) සම මත හට ගැනීමක් සිදුවෙයි. මෙම වයිට් හෙඩ් බාහිර පරිසරය සමඟ ගැටීමෙන් ඔක්සීකරණ ක්‍රියාවලිය මඟින් මතුපිට කළු පැහැගැන් වී බ්ලැක් හෙඩ් බවට පත් වෙයි. මේ ආකාරයෙන් මුහුණේ ඇතිවන බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් නිසා සමේ පැහැපත් බවට බාධා කරමින් අවලස්සන පෙනුමක් මතුකරවයි.

මෙය වළක්වාගත නොහැකි තත්ත්වයක් ද?

මෙහිදී වඩාත් වැදගත් වන්නේ බ්ලැක් හෙඩ් හා වයිට් හෙඩ් ඇතිවීමට බලපාන හේතූන් වළක්වා ගැනීමට සැලකිලිමත්වීමයි. එම නිසා සම මතුපිට තැන්පත්වන කුණු දූවිලි මතුපිටින් පමණක් නොව ගැඹුරින්ම ඉවත් වී යන ආකාරයට පිරිසුදු කිරීමක් කළ යුතුයි.

ඒ මොන ආකාරයෙන් ද?

මේ සඳහා ඩීප් ක්ලෙන්සර් එකක් භාවිතා කරන්නේ නම් එය වඩාත් සුදුසු ය. එයට හේතුව සාමාන්‍ය ක්ලෙන්සර් එකකට වඩා ඩීප් ක්ලෙන්සර් එකක් භාවිත කිරීමෙන් සමේ ගැඹුරට කා වැදී ඇති කුණු දූවිලි හා අනවශ්‍ය ආකාරයෙන් සමේ මතුවන තෙල් ස්වභාවය වඩාත් හොඳින් ඉවත් වී යාමයි. එවිට සම හොඳින් පිරිසුදුවීමක් සිදුකෙරෙන නිසා මෙම කළු ලප, සුදු ලප ඇතිවීම වළක්වා ගන්නට හැකිවනවා.

මෙය අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතු තත්ත්වයක් ද?

ඔව්. එය වඩාත් වැදගත්. එසේ නොවුණහොත් මෙම තත්ත්වය තව තවත් වර්ධනය වී සමේ ගැඹුරට ම කාවැදී ගැටලු මතුකරන්නට හේතු විය හැකියි.

මෙම බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් ඇති වී තිබෙනවා නම් එය ඉවත්කරලීම සිදු කෙරෙන්නේ කෙසේ ද?

රූපලාවණ්‍යාගාරයක් වෙත යාමෙන් මේවා ඉවත්කර ගන්නට පුළුවන්. මෙහිදී සම පිරිසුදුකර ස්ටීම් කිරීමෙන් පසුව මෙය ඉවත් කරලීම සඳහා යොදා ගැනෙන පිම්පල් එක්ස්ට්‍රැක්ටර් නම් උපකරණය භාවිතා කෙරෙනවා. එම උපකරණය බ්ලැක් හෙඩ් ඇති ස්ථානය මත තබා තෙරපමින් එය ඉවතට ගැනීම සිදු කෙරෙනවා. මෙය ඉතාමත් ප්‍රවේසමෙන් කළ යුතු කාර්යයක්. එසේ නොවුණහොත් සම තුවාල වීම සමට හානි වීම නිසා වේදනාකාරී බවක් ගෙනදිය හැකියි.

එසේනම් මෙම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් ඉවත් කළ හැකි වෙනත් ආරක්ෂාකාරී ක්‍රමයක් තිබෙනවා ද?

ඔව්. කිසිදු වේදනාවක් හෝ සමට හානි වීමකින් තොරව මෙය තමන්ටම වුවත් පහසුවෙන් ඉවත් කරගත හැකි ක්‍රමයක් තිබෙනවා. මෙය හඳුන්වන්නේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් රිමුවර් වශයෙන්. මෙය ඉතාමත් ආරක්ෂිතයි. මෙය වෙළෙඳසල්වලින් මිල දී ගත හැකියි.මෙහිදී කළ යුත්තේ මෙම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් රිමුවර් එක ගෙන නාසය දෙපස සහ බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ් මතු වී තිබෙන ස්ථාන මත ස්ථරයක් ආකාරයට තවරා ඉන්පසු නවාගත් ෆේෂල් ටිෂූ එකක් ඒ මත අතුරා විනාඩි 15 -20 ක් පමණ තිබෙන්නට හැරීමයි.

ඉන්පසු මෙය සෙමෙන් සම මතුපිටින් ගලවා ඉවත්කළ යුතුයි. එවිට එම ටිෂූ එක සමඟ සමේ ඇති බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් ඉවත් වී යන ආකාරය පැහැදිලිව දක්නට පුළුවන්. එය ඉවත්කළ පසු ටෝනර් එකක් භාවිත කර පිසදමන්න. මේ ආකාරයෙන් කළු ලප, සුදු ලප ඉවත් කිරීම සිදු කරනවා නම් කිසිදු ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාන්දනී බණ්ඩාර

627 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 11:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න