තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 11:59

ඩියෝඩ්‍රන්ට්වලින් ගත හැකි ඔබ නොදත් ප්‍රයෝජන විශේෂාංග

ලිව්වේ  විදුමිණි
අගයන්න
(0 මනාප)
අප සැවොම දන්නේ ඩියෝඩ්‍රන්ට් එකකින් සිදු කෙරෙන්නේ අත් යට ප්‍රදේශයේ දහදිය ගැලීම පාලනය කිරීම පමණක් බවයි. එහෙත් ඩියෝඩ්‍රන්ට් එකකින් පහත දෑ ද සිදු කළ හැකිය.

 

යටි පතුල්වලට දහදිය දැමීම පාලනය කිරීම

රාත්‍රියේ ඔබේ යටි පතුල්වල ඩියෝඩ්‍රන්ට් ආලේප කිරීමෙන් පතුල්වලට දහදිය දැමීම පාලනය වනවා මෙන්ම යටි පතුලේ සුවඳවත්ව ද තැබෙනවා. යටි පතුල්වල පමණක් නොවෙයි ඔබේ ශරීරයේ වැඩිපුර දහදිය දමන ස්ථාන, එනම් පියයුරු යට, දණිස් යට, අත්ලේ මේ ඕනෑම ස්ථානයක ඩියෝඩ්‍රන්ට් ආලේප කිරීමට ඔබට පුළුවන්.

නව පාවහන් නිසා කැපුම් තුවාල ඇතිවීම වළක්වා ගැනීමට

අලුතෙන් මිලදී ගත් පාවහන් නිසා ඇති වෙන කැපුම් තුවාල ඉතාම වේදනාකාරීයි. මෙයට විසඳුමක් ලෙස අලුත් පාවහන් පැලඳීමට පෙර කැපුම් තුවාල ඇති වන ප්‍රදේශවල ඩියෝඩ්‍රන්ට් ආලේප කිරීම කළ හැකියි.

සම ඇතිල්ලීමෙන් තුවාල ඇතිවීම වළක්වා ගැනීමට

විශේෂයෙන්ම කලවා ප්‍රදේශයේ සම එකිනෙකට ඇතිල්ලීම නිසා ඇති වන තුවාල නිසා ඇවිදීමට පවා අපහසු වෙනවා. එය වළක්වා ගැනීමට ඔබ කළ යුත්තේ අධික ලෙස දහදිය දමන දිනයන්හි දී එම ප්‍රදේශයේ ඩියෝඩ්‍රන්ට් ආලේප කිරීමයි. ව්‍යායාම සඳහා දිවීම කරනවානම් ඊට පෙර ද ඩියෝඩ්‍රන්ට් ආලේපය සුදුසුයි.

කෘමීන් දෂ්ට කිරීම නිසා ඇතිවන වේදනාව සමනය කිරීම සඳහා

ඩියෝඩ්‍රන්ට්වල ඇලුමිනියම් අඩංගු වන නිසා කෘමීන් දෂ්ට කිරීම නිසා ඇති වෙන වේදනාව ක්ෂණිකව සමනය කිරීමේ හැකියාව එයට පවතිනවා.

නිය ආලේපන ඉවත් කිරීමට

කුඩා පුළුන් කැබැල්ලකට ඩියෝඩ්‍රන්ට් ස්වල්පයක් ගෙන නියපොතු මත ඉක්මනින් යෙදීමෙන් නිය ආලේපන ඉවත් කරගත හැකියි.

 

 

1926 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 12:00
අදහස් එක් කිරීමට ලොග් වෙන්න