තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 පෙබරවාරි 12, සඳුදා 12:05

හැඩතලයෙන් මැවෙන පැච්පොයින්ට් රටා විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
වෙනත් සාරි විලාසිතාවන් මෙන් නොව පැච්පොයින්ට් සඳහා යොදාගනු ලබන මෝස්තර රටා. එමෙන්ම වර්ණ සංකලනය වඩාත් සුවිශේෂී වෙයි.

 

මෙම සාරි නිර්මාණ දෙස බැලීමේ දී ඔබට ඒ බැව් තහවුරු කරගන්නට හැකිවේවි. ඇතැම්විට අප සාරි විලාසිතාවක් සඳහා බොහෝවිට යොදා නොගැනෙන රූපරටා වුවද මේ සඳහා ගලපා ගන්නා අවස්ථා තිබෙයි.

බලන්න අප අද ඉදිරිපත් කොට ඇති සාරිය සඳහා යොදාගෙන ඇති මෝස්තර රටාව මේ සඳහා කිරිබත් කැටයක හැඩයක් ඉන් මතුකෙරෙන හැඩතලවලින් සාරිය පුරා විහිදී යන ආකාරයට මෝස්තරය නිර්මාණය කර තිබෙයි.

මෙහි දැක්වෙන්නේ වර්ණ දෙකකින් යුත් සාරියකි. සාරියේ එම වර්ණයන්ට ගැළපෙන පරිදි තෝරාගත් වර්ණයන් සංකලනය කොට මෙහි හැඩතලවලින් මෝස්තරය නිර්මාණය කර ඇත. මෙය සැලකිල්ලට ගනිමින් ඔබ තෝරා ගන්නා සාරියේ වර්ණවලට වඩාත් හොඳින් ඉස්මතු වී පෙනෙන වර්ණ යොදාගන්නට සැලකිලිමත් වන්න. ඔබ මුලින්ම කළයුත්තේ සාරියේ පැහැයට සරිලන තනි පැහැති වර්ණවලින් මෙහි දැක්වෙන සේ අවශ්‍ය හැඩතල කපා ගැනීමයි. එම සෑම කොටසකම මැදට පළමු කොටසට වඩා පළලින් අඩු කොටසක් කපා මැදට අලවා ගන්න.

දැන් මෙසේ සකසා ගත් කොටස් මලක පෙති ආකාරයට තබමින් සාරියේ ඒ ඒ තැන්වලට මෝස්තරය විහිදී යන ආකාරයට නිර්මාණාත්මකව අලවාගන්න.

මේවා හොඳින් වේලුණු පසුව එම පැහැයන්ට ගැළපෙන වර්ණයකින් මෝස්තර රටාව වටේට කෝඩ් එක අලවා ගන්න.

පැච්පොයින්ට් නිර්මාණ කිරීමේ දී කරනු ලබන ඇලවීම් ඉතාමත් ක්‍රමානුකූලව සිදුකළ යුතුබව සහ කිසිම විටෙකත් අක්‍රමවත් ආකාරයට සාරිය මත ගම් තැවරීමට ඉඩහැරීම නොකළ යුතුයි.

පැච්පොයින්ට් සඳහා

සුවිශේෂී වූ ඇලවීම් ක්‍රම මෙහිදී යොදාගනු ලබන්නේ එම නිසයි. සාරියේ තැනින් තැන ගම් සලකුණු මතු වුවහොත් එ සාරියෙන් ඉස්මතු කෙරෙන වටිනාකම මකාලන්නට හේතුවෙයි.

එමෙන්ම ඇලවීමේ දී නැවත නැවත අලවමින් ගලවමින් එය සිදු නොකිරීමට වගබලාගන්න. ඇලවීමට ප්‍රථම නිවැරැදිව ඇලවිය යුතු තැන් එම රෙදි කොටස් ස්ථානගත කළයුතු තැන් පිළිබඳව අවධානයකින් යුතුව කටයුතු කරන්න.

මෙම සාරි විලාසිතාව නිර්මාණයේ දී මෙම හැඩ තල අතරින් ඊතලයක් වැනි කොටස් සහ කුඩා රවුම් හැඩයේ හැඩතල අතරට එක්කර ගෙන තිබෙන්නේ එම මෝස්තරයට පිරුණු ස්වභාවයක් එක්කරලීමටයි.

ඉන්පසුවව ඒ මත කලාත්මක වටිනාකමක් මතුවන සේ ලී බීඩ් අල්ලා ඇත. මෙයට වැඩි අලංකාරයක් ගෙනදීමට එයද ඉවහල් වී තිබෙයි.

   

උපදෙස්

මැහුම් හා ප්‍රවීණ සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී

චාන්දනී රාජපක්ෂ

1176 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 12, සඳුදා 12:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න