තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 මැයි 28, සඳුදා 12:29

කෝපිවලින් හැඩ වෙමුද? විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
කෝපි කියන්නේ අපේ රටේ හුඟක් දෙනා කැමැති පානයක්. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම ගත්තත් කෝපි හුඟක් ජනප්‍රිය පානයක්.

 

මහන්සි වෙච්ච වේලාවක කෝපි කෝප්පයක රස බලන්න තියෙනවා නම් විඩාව මහන්සිය නිවි ගොස් ඉක්මන් ප්‍රබෝධයක් ගෙන දෙනවා. එහෙම නැත්නම් සීතල වේලාවක උණුසුම් වෙන්නත් හොඳම පානයක් කිව්වොත් නිවැරැදියි.කෝපි මේ විදිහට අපේ ජීවිතවලට කිට්ටු වෙන්න හේතුව තමයි කෝපිවල තියෙන කැෆේන්. නමුත් ඔබ දන්නවාද කෝපි කියන්නේ පානයක්ම පමණක් නොවන බව. කෝපිවලට පුළුවන් ඔබව ලස්සන කරන්න.

කෝපි නාමු

සීනි රහිත කෝපි කෝප්පයක් සාදාගන්න. දැන් මේක නිවෙන්න තියන්න. ඔබ ස්නානය කරන වතුර එකට මේ කෝපි කෝප්පේ එකතු කරන්න. පරිසර තත්ත්ව නිසා දුර්වර්ණ වුණු සම, යළි යථා තත්ත්වයට පත්කර ගන්න. මේ කෝපි ස්නානය වැදගත්.

ඒ වගේම හිසකෙස් ගොඩක් තුනී නම්, ඊළඟට නාන වෙලාව වෙනකම් කොන්ඩේ ටිකක් ඝනකම් කරලා පෙන්වන්නත් මේ කෝපි ඔබට උදව් වෙයි.

ස්ක්‍රබ් එකක්

ස්වභාවික කෝපි කුඩු මේස හැන්දකට, සීනි තේ හැඳි තුනක්, ඔලිව්, පොල්තෙල් හෝ ඔබ කැමැති තෙල් වර්ගයක් ගෙන තෙල් තේ හැඳි තුනක් එකතු කරන්න. මේ මිශ්‍රණය ඔබේ සම මත වක්‍රාකාරව පිරිමදින්න. අතේ වැලමිටේ, දෙපයේ දණහිස් ආදී ස්ථානවලට වැඩි අවධානයක් යොමු කරන එක හොඳයි. මැරුණු සම ඉවත් කරලා, සුන්දර සමක් මතු කරවන්න මේ ස්ක්‍රබ් එක ඉතාම සුදුසුයි. ඒ වගේම අනෙකුත් ස්ක්‍රබ් වගේ සම වියැළෙන්නෙත් නැති එක අමතර වාසියක්.

කෝපි ආලේපනය

මාස්ක්, එහෙමත් නැත්නම් සමට ගුණ දෙන ආලේපන හදාගන්නත් කෝපි ඔබට උදව් වෙනවා. සියුම්ව කුඩු කරගත් කෝපි, කිරි ස්වල්පයක් එක්ක මිශ්‍ර කරලා තලපයක් සාදාගන්න. දැන් පිරිසුදු කරගත් මුහුණ මත මෙය ආලේප කරන්න. විනාඩි 30 ක කාලයක් මෙය මුහුණ මත තබාගෙන සිටීමෙන් පැහැදිලි සමක් ලබා ගන්න ඔබට උදව් වේවි.

කෝපිවලින් පාද සත්කාරයක්

කෝපි ටිකක් හදාගන්න. මඳ උණුසුම් වතුර පිරවූ බේසමකට මේ කෝපි ටික එකතු කරන්න. දැන් ඔබේ දෙපා මේ බේසමේ ගිල්වාගෙන ඉන්න. විනාඩි දහයකට පසු දෙපා ඉවතට අරන් පිසදා මොයිස්චරයිසර් ආලේප කරන්න. දෙපා වියපත්වීම අඩු කරන්න මේ ක්‍රමය හොඳ උදව්වක්.


උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
ලංකා කුමාරි
ලක් රූ සැලෝන්
දළුගම

613 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 28, සඳුදා 12:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න