තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 ජූනි 04, සඳුදා 13:07

පෙනුමෙන් තරුණවන්නට කැමැති ඔබට අලුත්ම ෆේෂල් එකක්... විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
අප ජීවිතයේ විවිධ වයස් සීමාවන් පසුකරමින් යනවිට ක්‍රම ක්‍රමයෙන් අප ළඟාවන්නේ මැදිවියටයි. කලක් යාමේ දී මෙම වියපත් වීමේ ලක්ෂණ බාහිර වශයෙන් ද පෙන්නුම් කිරීමට පටන් ගනියි.

 

මෙහිදී අප ගන්නා ආහාරවල ඇති විෂමතාවයන් එනම්, විෂ කොටස් සහ රසායනික ද්‍රව්‍යයන් ශරීරගත වීමෙන් වන අහිතකර බලපෑම් හේතුකොටගෙන සම දුර්වර්ණ වීම, සම රැලි වැටීම, ලප කැලැල් මතුවීම, සම එල්ලා වැටීම, ගොරෝසු වීම, ස්කින්ටෝන් එක වෙනස්වීම සිදුවෙයි.

අනවශ්‍ය මුක්ත බන්ධක නිසා ඇතිවන වෙනස්වීම් වයසට වඩා වැඩි වයස්ගත පෙනුමක් ඉස්මතු කරවයි.

“ඔයා හරියට වයසට ගිහිල්ලා වගේ. වයසට වඩා වයස පාටයි.” වශයෙන් ඇතැම් අය දුටුවිට පවසන්නේ මෙම තත්ත්වය නිසායි.

මෙම තත්ත්වය මඟහරවන, එය පාලනය කරවන ප්‍රතිකර්ම වෙත මෙහිදී යොමුවීම අතිශයින් වැදගත්වන්නේ තවදුරටත් වියපත් ලක්ෂණ ශීඝ්‍ර ලෙස ඇතිවීම වළක්වාගත යුතු නිසායි.

මේ සඳහා යෝග්‍යවන මෙම සුවිශේෂී ෆේෂල් සත්කාරය විශේෂ වන්නේ එහි කුමන ගුණාංග නිසා ද?

ඉහත කී ආකාරයෙන් ඉස්මතු කෙරෙන වියපත් පෙනුම තිබෙන තත්ත්වයට වඩා වසර කිහිපයකින් අඩුකර පෙන්වීමට නම් නැචුරල් කැල්සියම්, නැචුරල් ප්‍රෝටීන්, නැචුරල් සින්ක්, ස්වාභාවික කොලැජන් සිරුරට ලබාදිය යුතුයි. එමඟින් ශරීරයේ විෂ කොටස් ඉවත් කෙරෙයි.

අපිරිසිදුකම නිසා ඇතිවන දිලීර ආසාදන සම අවලස්සන කරලීමට ප්‍රධාන හේතුවක්. හයිට්‍රජන් වෝටර් මෙම ෆේෂල් සත්කාරය සඳහා යොදා ගැනීමෙන් සහ බීමෙන් මුහුණේ ඇති මුක්ත බන්ධක ඉවත්වී සමේ රැලි, දුර්වර්ණ ලප කැලැල් මඟ හැරී ගොස් සමේ ශක්තිමත් බවත්, පැහැපත් බවත් වඩාත් හොඳින් ඉස්මතු කරවයි.

මෙම ෆේෂල් සත්කාරය කිරීමේ දී මුලින්ම කළයුත්තේ හයිට්‍රජන් වෝටර් යොදාගනිමින් සම පිරිසිදුකර ගැනීමයි. මෙය තමන්ට ගෙදරදීම වුවත් සකසා ගත හැකියි. ඉන්පසු ක්ලෙන්සර්කර, ස්ටීම්කර , ස්ක්‍රබ්කර නිල උත්තේජනය වන අයුරින් මුහුණ සම්බාහනය කළයුතු වෙයි.

මෙහිදී අල්ට්‍රා සොනික් ප්‍රතිකර්මය ද යොදාගැනීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල අත්පත් කරගන්නට හැකියාව ලැබෙයි.

මීළඟ පියවරෙන් සිදුකෙරෙනුයේ මෙම ෆේෂල් සත්කාරයට අදාළ ෆේස් පැක් එක සකස්කර එයට නැචුරල් කැල්සියම්, ස්වාභාවික ස්පිරුලිනා සහ ලොව බිහිවූ පළමු ශාකය වන ඇල්ගී එක්කර ගැනීමයි. එනම්, හයිට්‍රජන් වෝටර් සමඟ ඇල්ගී, ස්වාභාවික කැල්සියම් පවුඩර් සමඟ මුසුකර මුහුණේ ආලේප කිරීමයි. මෙම පැක් එක ඇස්පිල්ලම්වලට සහ තොල් මත වුවත් තැවරිය හැකියි. ඒ එය ස්වාභාවික නිසා කිසිදු අහිතකර බලපෑමක් ගෙන නොදීමයි.

මෙම පැක් එක තවරා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර හයිට්‍රජන් වෝටර් ටෝනර් හා මුසුකර ඉන් මුහුණ සෝදා හරින්න.

අප මෙහිදී භාවිතයට ගනු ලබන කොලැජන් ජෙල් එක ආහාරමය වශයෙන් ගන්නේ නම් අවුරුදු 40 ක වයසේ පසුවන අයකුගේ වුවද එයට වඩා වසර හත අටකින් පමණ ළාබාල බවකින් යුත් තරුණ පෙනුමක් ලබාගත හැක. මෙම තත්ත්වය මාස දෙකක් වැනි කාලයක් තුළ දී ලබාගත හැකිවීම මෙම ෆේෂල් සත්කාරයේ සුවිශේෂීත්වයකි.

මෙය අනෙකුත් ෆේෂල්වලට වඩා ඔබ්බට ගිය සුවිශේෂී බවකින් යුත් ෆේෂල් එකක් වීම නිසා ඉන් ඔබ පුදුම කරන ආකාරයේ ප්‍රතිඵල අත්විඳින්නට ඔබට හැකියාව ලැබෙයි.

ඉතාම වටිනා සත්කාරයක් වන මෙම ෆේෂල් සත්කාරය නොමිලේ තරුණී පාඨකයන් දෙදෙනෙකුට ලබාදීමට චාමලී කල්දේරා මහත්මිය සූදානමින් සිටියි. 0112429591 යන අංකයට ඇමතීමෙන් එම තරගයට ඇතුළත් විය හැකි අතර තෝරාගන්නා දෙදෙනෙකුට එම අගනා අවස්ථාව හිමිකරගත හැකිය.

 

 

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා

හෙයාඩිසයින් බියුටි ඇකඩමි

892 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 13:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න