තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 ජූනි 04, සඳුදා 15:40

සුදු වෙන්න කැමැති ඔබට ස්වාභාවික සත්කාරයක් විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
කාන්තාවන් කවුරුත් කැමැතියි ලස්සනට ඉන්න. කවුරු කවුරුත් අතර කතාබහට ලක්වෙන සුන්දර චරිතයක් වෙන්න. එහෙම නේද?

 

ඉතින් මේ සුන්දර වෙන්න වෙර දරන අපේ කාන්තාවන් බොහෝ දෙනෙක් සුදු වෙන්න කියලා කරන්න පුළුවන් හැම දේම කරනවා. සුදු වෙන්න ඔබ ඔය කරන ඇතැම් දේවල්වලින් මුහුණට හානියක් වන බව ඔබ දන්නවාද?

ඔබ දැක තිබෙනවාද ඇතැම් කාන්තාවන්ගේ මුහුණෙහි අඳුරු පැහැ වූ ළප කැළැල්. මුහුණේ තැනින් තැන ඇති මේ කළු පැහැති පැල්ලම් ඔබෙත් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයකින් මිදිලා මුහුණ පුරා එකම ආකාරයේ දීප්තියක් තියෙනවා නම් මොන තරම් ලස්සනද?

නිසි ආකාරයට මුහුණ පිරිසුදු නොකිරීම වගේම අව් රශ්මියට හසුවීම හා කෘත්‍රිම ආලේපන මඟින් ඔබේ මුහුණටත් දුර්වර්ණ ස්වභාවයක් ලැබෙන්න පුළුවන්. ඔබේ මුහුණේ තැනින් තැන මතු වුණ අවලස්සන දුර්වර්ණ වීම් වලක්වා ගැනීමට නම් ක්ලෙන්සර් හෝ ඩීප් ක්ලෙන්සර් භාවිත කර මුහුණ පිරිසුදු කර ගැනීමට හැකියි. ඒ වගේම සමට ගැළපෙන ස්වභාවික ආලේපන වර්ගයක් තෝරා ගෙන භාවිත කිරීමටත් ඔබට හැකියි. අද මේ කියන්න යන්නේ ගෙදරදී ඔබටම සාදා ගත හැකි පැහැපත් සමක් හිමි කර ගන්න පුළුවන් ස්වභාවික රූපලාවණ්‍ය සත්කාරයක් ගැනයි.

මෙම රූපලාවණ්‍ය සත්කාරය සඳහා අවශ්‍ය වන්නේ කොමාරිකා මද සාරය කෝප්ප භාගයක්, දෙහි යුෂ තේ හැඳි 02 ක්, මුදවන ලද කිරි මේස හැන්දක් පමණයි. පළමුව කෝමාරිකා සාරය භාජනයකට දමා හොඳික් පොඩි කර ගන්න. පසුව එයට කිරි හා දෙහි යුෂ එක් කොට හොඳින් මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණයට කහ කුඩු ස්වල්පයක් එක්කර නැවත මිශ්‍රණය හොඳින් කලවම් කරන්න. පසුව මෙම ආලේපනය මුහුණේ හා ගෙල ප්‍රදේශයේ හොඳින් ආලේප කරන්න. එය විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඒ වගේම මෙය ක්ලෙන්සර් එකක් ලෙස දිනපතා පාවිච්චි කරන්නත් ඔබට හැකියි.

මෙම ස්වභාවික ප්‍රතිකාර වට්ටෝරුව නිතර නිතර භාවිත කිරීමට ඔබට හැකි නම් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට පුළුවන්. ඇත්තටම මෙය ස්වභාවික අමු ද්‍රව්‍යවලින් සමන්විත නිසා ඕනෑම ආකාරයේ සමක් හිමි කෙනෙක්ට භාවිත කරන්න හැකියි. නිවෙසේදීම පිළියෙල කර ගැනීමට හැකි මෙම අගනා ස්වභාවික ආලේපනය ඔබට ඔබ අපේක්ෂා කළ පැහැපත් සමක් ලබා ගැනීමට සැබැවින්ම උපකාරී වේවි. ඉතින් ඔබට හැකියි මෙම ස්වභාවික ප්‍රතිකාර වට්ටෝරුව දිනපතා පාවිච්චි කර හොඳ ප්‍රතිඵල ලබාගන්න.

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ලංකා කුමාරි

ලක් රූ සැලෝන් - දළුගම

1554 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 15:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න