තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 ජූනි 25, සඳුදා 15:13

තලෙළු සමකට මේක්අප් එකක්... විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
මේක්අප් කිරීම නිවැරැදි දැනුමකින් යුතුව කළ යුතු දෙයක් බව අප පසුගිය සතියේ පැහැදිලි කළ කරුණු කාරණාවලින් ඔබ වටහා ගන්නට ඇති.

 

මෙහිදී ඔබ ඒ සඳහා සූදානම් විය යුතු අයුරු සහ යොදාගැනෙන උපකරණ පිළිබඳ දැනුවත් බවක් ලබන්නට ඇති. අපි අද බලමු නිවැරැදි ක්‍රමවේදයන්ට අනුව මේක්අප් එකක් කළ යුත්තේ කෙසේද කියා. මෙම කරුණු කෙරෙහි හොඳින් අවධානය යොමු කිරීමෙන් මේක්අප් එකකදී අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රම සම්බන්ධව ඔබට දැනුවත් බවක් ලබාගන්නට හැකිවේවි.

ආසියානු සමකට මේක්අප් කරන විට ඔබේ සැලකිල්ල යොමුවිය යුතු කරුණු පිළිබඳ දැන් විමසා බලමු. මෙහිදී ෆවුන්ඩේෂන් සඳහා තැඹිලි පැහැ වර්ණ යොදා ළා පැහැය ගෙනදීම, ආමන්ඩ් සහ කෝපි පැහැයෙන් බ්ලෂර් කිරීමත්, රන්වන් පැහැය, නිල් පැහැය දම් පැහැය, ඇස් මේක්අප් කිරීමේ දී යොදා ගැනීමත්, තොල් සඳහා දුඹුරු වර්ණ යොදා ගැනීමත් හොඳ ක්‍රමවේදයකි. ඵඩචඤඪදඨ චදඤ ඹ්ඪඨඩබඪදඨ වලට යොදා ගැනීමේ දී හැඩය ඉස්මතු කරලීම සඳහා වර්ණය වටා දීප්තිමත් වර්ණයක් යොදා ගැනීමත් හැඩය සැඟවීමට වර්ණයක් අඳුරුකර ගැනීමත් උචිතය. එමෙන්ම මුහුණුවල හැඩය අනුව ද සැලකිලිමත් වීම වැදගත් වෙයි.

* ඕවල් හැඩය - මෙය පරිපූර්ණ වූ මුහුණු හැඩයකි. මෙහි බ්ලෂර් ගැල්වීම කම්මුල්වලට ප්‍රමාණවත් වේ.

* හතරැස් හැඩය - අනුහස්තිවල කෝණාකාර ප්‍රදේශ අඳුරුකර නිකට යට සිට නහය දක්වා ත්‍රිකෝණාකාර හැඩයගන්න කම්මුල්වල ඇතුළුපැත්ත බ්ලෂර් ගල්වන්න.

* දිගැටි මුහුණ - මුහුණේ හැඩය දික්වී නළල තියුණු ස්වභාවයක් ගනියි. නිකටේ කෙළවර සහ නළලේ උඩුකොටස අඳුරුකර මුහුණේ දිග ස්වභාවය, මුහුණේ පළල වැඩිකරවා ගන්න.

* හදවත් හැඩය - කම්මුල් පිරී මුහුණ රවුම් ස්වභාවයක් ගනියි. නිකටේ කෙළවර අඳුරුකර ඇස්වල හැඩය කුඩානම් ලා පැහැති වර්ණයක ආලේප කරන්න. තද පැහැති ආලේපන භාවිතය නිසා තවත් ඇස් කුඩාකර පෙන්වයි.

* ළංව පිහිටි ඇස් නම් ඇස් ඇතුළු කෙළවරට ළා පැහැති වර්ණත්, පිටත කෙළවරට තද පැහැයත් යොදන්න. මෙයින් ඇස් දිගුකර පෙන්වයි.

* ඇතුළට නෙරා ඇති ඇස් සඳහා - තද වර්ණ ආලේප නොකරන්න. තද වර්ණවලින් තවත් ඇස්වල ගැඹුර පෙන්වයි.

*කුඩා තොල් සඳහා - දෙතොල් දික්ව පෙනෙන සේ සීමාව ලකුණුකර තොල් ආලේප ගල්වන්න. තොල් විශාල නම් තොල් ඇතුළතින් ලයින්කර තොල් ආලේප යොදන්න. තොල ඉතා කුඩා නම් තොල්වල ලයින් එකට උඩින් සීමාකරගෙන තොල් විශාල ලෙස පෙන්නුම් කරගන්න.

* මහත යටි තොල් තිබේ නම් - Foundation වලින් තොල හොඳින් වැසෙන ලෙස ආලේපකර තොල් සීමාවට

උඩින් යළිත් තොලේ සීමාවන් ලකුණුකර ළා වර්ණයක් යොදන්න.

* පුළුල්ව ගිය නාසයක් තිබේනම් - නාසය දෙපැත්තෙන් අඳුරු කරන්න. කෙටි නාසයක් නම් නාසපොල්ල ප්‍රදේශය හයිලයිට් කරන්න.

*නාසය දිගුනම් - නාසය කෙළවර අඳුරු කරන්න.

මේක්අප් කිරීමේ දී සමේ යම් යම් තැන් පීඩාවට පත්වී තිබේනම් මේක්අප් යෙදීම සීමාවිය හැකියි. මේක්අප් කිරීමට පෙර සම හොඳින් පිරිසුදුකර ටෝනර් ආලේප කරන්න. පසුව base යනුවෙන් හඳුන්වන Prime ආලේප කළ යුතුයි. මෙමඟින් මේක්අප් එක වැඩිවේලාවක් රඳාපවත්වා ගැනීමේ හැකියාවක් ඇත. පසුව Concealer  ආලේපනය කළයුතුයි. එමඟින් සමෙහි ඇති කැළැල් අඳුරු පැහැ පැල්ලම් සඟවාලයි.

Foundation ගැල්වීම

මෙය දෙනෙත්වලට පමණක් වටේ ආලේපකර පසුව කජාල්, අයි ෂැඩෝ, මස්කාරා භාවිතයෙන් ඇස් මේක්අප්කරගන්න. ඉන්පසුව මුළු මුහුණම බෙල්ල සහ ශරීරයේ නිරාවරණය වූ තැන් ඒකාකාරීකර ගන්න. පසුව පවුඩර් එකතුකරගන්න. පදනම් ආලේපන හෙවත් Foundation විවිධ ලෙස වෙළඳසල්වල පවතියි. (ක්‍රීම් වර්ග, දියර වර්ග, මූස් වර්ග, වර්ණ සහිත මොයිස්චර්රයිසර්. මිනරල් වර්ණ කූරු, ද්විත්ව ක්‍රියාකාරී පවුඩර්) කම්ෆ්ලාජ් Comouflage ඉතා ඝන ආවරණයක් වන මෙය සමෙහි අක්‍රමවත් ස්ථාන හොඳින් වසා ගැනීමට උපකාරී වෙයි.

* එයාර් බ්‍රෂ් - සියුම් සමට ඉතා හොඳින් උරාගනියි. මෙයට අදාළ වන උපකරණයක් වන අතර එම උපකරණ භාවිතයෙන් නියමිත ආකාරයට ස්ප්‍රේ කිරීම කළයුතුයි. මෙහිදී පවුඩර් අවශ්‍ය වන්නේ නැත.

අයිලයිනර් කිරීමෙන් පසුව ලිප්ස්ටික් ආලේපකර ඉන්පසුව බ්ලෂර් යොදා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. අවසානයේ ෆික්සිං ස්ප්‍රේකර මේක්අප් එක ස්ථිරකරගන්න.

එයාර් බ්‍රෂ් වැනි මේක්අප් එකක් කරනවිට එය සාමාන්‍ය මේක්අප් එකකට වඩා ඔබ්බට ගොස් නවීන තාක්ෂණයත් සමඟ වන නවතම මේක්අප් ක්‍රමයක් නිසා අනිවාර්යයෙන්ම හොඳ දැනුමක් පුහුණුවක් මේ සම්බන්ධව ලබා තිබිය යුතුයි.

මෙය වඩාත් විශේෂවන්නේ සාමාන්‍ය මේක්අප් එකකදී ඇතිවන යම් යම් ගැටලුකාරි තත්ත්වයන් මෙම එයාර්බ්‍රෂ් මේක්අප් එකකදී මතු නොවීමයි.

කෙසේ වුවත් මේක්අප්වලින් කෙනෙක් හැඩගන්වනවා නම් ඔබ තුළත් ඒ හා සම්බන්ධව නිර්මාණශීලී බවක් තිබිය යුතුය. එවිට යම් යම් අඩුපාඩු මඟහරවාලමින් මේක්අප්වලින් මුහුණේ අවශ්‍ය අංග හොඳින් ඉස්මතුකරමින් ඉතාමත් නිර්මාණශීලී ලෙස එය සිදුකිරීමට ඔබට හැකියාව ලැබේවි.

 

 

 

උපදෙස්-ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

එස්. සප්නා

Salon Sapna  මාබෝල, වත්තල

495 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 25, සඳුදා 15:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න